අරලියගහ මන්දිරය ඉදිරිපිට පසුගිය 09 වැනිදා ඇතිවූ ජන අරගලය සංසිඳවීම සඳහා කටයුතු කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීර මහතා අණදෙන නිලධාරි තනතුරෙන් ඉවත් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
අද (17) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ මෙවැනි ක්‍රියා සිදුකරමින් හමුදාව සහ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට ඇතැම් පාලකයන්ට අවශ්‍යව ඇති බවයි.










