පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සදහා පමණක් ප්‍රතිකාර කිරීමට සෞඛය අංශ කටයුතු කර ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි.
ඒ් අනුව පොලොන්නරුව මහ රොහල, මූලික රෝහල් 3ක් සහ ප්‍රාදේශීය රෝහල් 9ක් මේවන විට අත්‍යවශ්‍ය රාජකාරී පමණක් ක්‍රියාත්මක වන බව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.
මේ අනුව පොලොන්නරුව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පාලනය වනු ලබන රෝහල් වන මැදිරිගිරිය, හිගුරක්ගොඩ, සිරිපුර අත්තනකඩවල, බකමූණ රෝහල් විශාල සංඛාවක සේවය කරනු ලබන රෝහල් කාර්යය මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීම සදහා මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හල නම් කර ඇත.
ඒ් අනුව රෝහල් සේවකයන් විශාල පිරිසක් මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හල් පෝලිමේ රැදී සිටිනු දක්නට ඇත.
මැදිරිගිරිය අවට ප්‍රදේශවාසීන් ඊට පලකළ දැඩි විරෝධතාවය හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇතත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ සාමාන්‍ය ජනතාව තවමත් සිය වාහන සමග පොලිම්හි නවතා ඇත.
මේ හේතුවෙන් වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයටද පැමිණීම අත්හිටුවා ඇත.










