• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති ඉවත් නොවීමෙන් රට ව්‍යාකූල වෙලා! රට යන්නේ අරාජිකත්වයකට! වහාම අගමැති ඉවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කතානායකට රට බාර දෙන්න! ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම නිවේදනයක් නිකුත් කරයි!

July 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අගමැති ඉවත් නොවීමෙන් රට ව්‍යාකූල වෙලා! රට යන්නේ අරාජිකත්වයකට! වහාම අගමැති ඉවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කතානායකට රට බාර දෙන්න! ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම නිවේදනයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

අගමැතිවරයා වහා ම සිය ධූරයෙන් ඉල්ලා අස් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන ලෙස ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ එකමුතුව ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ජූලි 9 දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායකයින් ඒකමතිකව ඉල්ලා සිටි පරිදි අගමැතිවරයා ඉවත් වීමට කටයුතු නොකිරීමෙන් රට තුළ ව්‍යාකූල තත්වයක් පැන නැගී ඇති බව ය.

එමෙන් ම, එකී තත්ත්වය ප්‍රචණ්ඩත්වයක් කරා වර්ධනය වෙමින් පවතින බව ත් තමන් නිරීක්ෂණය කරන බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස අරගලකරුවන් විසින් අගමැති කාර්යාලය අත්පත් කරගනු ලැබ ඇති බව ත් එම නිවේදනයේ දැක්වේ.

ඇතැම් පිරිස් අද සවස්භාගයේ සිට පාර්ලිමේන්තුව වට කිරිමට ද උත්සාහ කරන බව දැනගන්නට ඇති බව ත් ඒ කුමන අරමුණක් ඉටුකර ගැනීමට දැයි අප්‍රකාශිත බව ත් එහි සඳහන් ය.

එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.

“පාර්ලිමේන්තුව යනු, ජනතා පරමාධිපත්‍යයේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ ද මුදුන් මල්කඩයි. පාර්ලිමේන්තුවේ පැවැත්මට එල්ල කරන තර්ජනය ජනතා පරමාධිපත්‍යයට ද ප්‍රජාතන්ත්‍රවාදයට ද එල්ල කරන මරු පහරක් ලෙස අපි දකිමු. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කිරීම යනු ජූලි 20 දින පැවැත්වීමට නියමිත නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට ද ඒ හරහා රට යළි සාමකාමී කිරීමට ද එල්ල කරන බාධාවකි.

එමෙන් ම, පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේ දී ද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම තීරණාත්මක සාධකයකි.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය ද පාර්ලිමේන්තුව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ද රැක ගැනීම ආණ්ඩුවේ ද ආරක්ෂක හමුදාවන්ගේ ද සියලු ම දේශපාලන පක්ෂවල ද බහුජන සංවිධාන හා අරගලකරුවන්ගේ ද පරම යුතුකම බව අපි තරයේ අවධාරණය කරමු.

අරාජිකත්වය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව මානව ආපදාවක් කරා ශීඝ්‍රයෙන් ගමන් කරමින් පවතියි.

ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කිරීමෙන් විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමට දොරටු විවෘත විය හැක.

එබැවින් ලංකාව දකුණු ආසියාවේ ලිබියාව බවට පත් නොකිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන් අපි සමස්ත ජාතියට ආයාචනය කරමු.”

SendShareShare
Previous Post

ගෝඨා මාලදිවයිනේ ඉන්න සුපිරි හෝටලයට එක රැයකට ලක්ෂ 18ක් ගෙවන්න ඕනලු! ඉන්දියන් මාධ්‍ය විශේෂ හෙළිදරව්වක් කරයි! (VIDEO)

Next Post

රටේ ප්‍රතිරූපය විනාශ වෙන්න දෙන්න එපා! වහා පාර්ලිමේන්තුව කැඳවන්න! සියලු පක්ෂ නායකයන් එක්ව විධිමත් පාලනයක් ගොඩනගන්න! ත්‍රෛනිකායික මහනාහිමිවරු අවධාරණය කරයි!

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.