ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය සුමට ලෙස හුවමාරු කිරීම සහ රටේ ගැඹුරු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ප්‍රබල දේශපාලන සංවාදයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වාදී ඇත.
එසේම සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින අතර සාමය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සියලු පාර්ශ්වවලින් වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
“එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහාය වීමට සූදානම්” යැයි මහලේකම්වරයා පෙන්වාදෙයි.
මේ අතර,එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ශ්‍රී ලංකාවේ ඉහළම මානුෂීය නිලධාරියා වන හනා සිංගර් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, නිදහසින් පසු රටට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දිය හැකි පරිදි සංවාදය තුළින් ක්ෂණික දේශපාලන අර්බුදය අවසන් කිරීම අත්‍යවශ්‍ය බවයි.










