මේ අර්බුදකාරී මොහොතේ තවදුරටත් දේශපාලන ඩීල් නොදමා, ජනතා මතයට ගරුකරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධුරවලින් ඉවත් විය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරනවා.
එම සම්මේලනයේ කැඳවුම්කරු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද (11) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට හෝ නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරයට පත්වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.










