ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් සුදු වෑන් රියැදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
එම මාධ්‍ය සාකච්ජාවේදී එක් පුද්ගලයකු පවසා තිබුණේ සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ අතර අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බවයි.
සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) රාත්රියේදී අත්අඩංගුවට ගෙන ඇත.










