ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතුව තිබූ ඉන්ධන නැව යළිත් ඉන්දියාවට යාම තුළ මේ වනවිට බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මහජන බැංකුව හරහා ඩොලර් මිලියන 46ක ණයවර ලිපි පවා විවෘත කොට තිබියදී මෙසේ නැව නොපැමිණීම ගැටලුවක් බවකි.
එමෙන්ම නැවේ නම තුන් වාතවක් වෙනස් කොට ඇති බව කී ඒ මහතා එම නැව රුසියානු සම්බවයක් සහිත එකක් වීම හේතුවෙන් අමෙරිකාව විසින් නැව ‘ට්‍රැක්’ කළාද යන්න සම්බන්ධයෙන් සැකයක්ද මතු වන බවකි.










