• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

බ්‍රිතාන්‍යයේ ලංකා මහකොමසාරිස් සරෝජා රටට ‌එරෙහි ආන්දෝලනාත්මක ඊමේල් එකක් යැව්වද? යැව්වා නම් ඒ කාගේ උවමනාවටද? ගෝඨා රනිල්ට අයින්වෙන්න පණිවුඩ එවයි! චණ්ඩි පාට් දාපු රනිල් ජනපති ඉදිරියේ සරෙන්ඩර් වෙයි! නන්දලාල්ගේ ලියුමට අස්සන් කරයි! හරීන් පොහොට්ටුව ඇතුළේ අවුලක් හදා ගනී! (රාජ්‍ය රහස්) EXCLUSIVE

June 26, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ගෝඨා රනිල් ගැන කරපු හෙළිදරව්ව!

පොහොට්ටු රැස්වීමේදී රනිල්ට වට කොට ටොකු අනියි!

රනිල්ට කඩේ ගිය ජී.එල්.ට පොහොට්ටුව කරපු දේ!

ගෝඨාගෙයි රනිල්ගෙයි දේශපාලන කඹ ඇදිල්ල ජයටම!

රටේ පවතින සියලු ආර්ථික ප්‍රශ්න ඉතා කෙටි කාලයකින් විසඳන බවට පුරාජේරු කියමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාරගෙන මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී තිබේ. මෙම මාස දෙක ඇතුළත රනිල් රටේ ආර්ථික ප්‍රශ්න විසඳීම කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න රැසක් ඇති කරගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මෙම ගැටලු වෙනත් කිසිදු මාධ්‍යයක වාර්තා නොකරන නමුත් අප එම සිදුවීම් සියල්ලම එකින් එක වාර්තා කරන්නේ රටේ ජනතාව දුක් විඳිමින් සිටින අතරවාරයේ නායකයන් ඒ කිසිවක් නොතකා දේශපාලන කඹ ඇදීම් සිදුකරමින් සිටින බව රටේ ජනතාව දැනගත යුතු නිසාය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ මේ වන විට මතුව ඇති අලුත්ම කඹ ඇදීඹ වී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මුල් කරගෙනය. මීට පෙර අවස්ථා කිහිපයකදීම අප මෙම තීරය ඔස්සේ රනිල් සහ මහ බැංකු අධිපති නන්දලාල් අතර මතුව ඇති සීතල යුද්ධය අනාවරණය කර සිටියෙමු. බොහෝ දෙනා මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශ්නය මත පැනනැගී ඇති බව කියා සිටියත් එම ගැටුම පසුපස කිසිවකු නොදත් බොහෝ දේශපාලන කරුණු තිබේ.

වැඩේ පටන් ගත්තේ සබ්‍රි!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම සම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා කළේ හිටපු මුදල් අමාත්‍යවරයා වන අලි සබ්‍රි මහතාත්, මහ බැංකු අධිපතිවරයා වන නන්දලාල් වීරසිංහ මහතාත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වන සිරිවර්ධන මහතාත්ය. මොවුන් අප්‍රේල් මාසයේදී ඇමෙරිකාවේ වොෂින්ටනය බලා පිටත්ව ගොස් මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග සාකච්ඡා ආරම්භ කළේ රටේ ණය ගෙවාගත නොහැකි බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය. නොඑසේ නම් රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

සබ්‍රි ලසාඩ්-ක්ලිෆර්ඩ් චාන්ස් තෝරාගනී!

ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලිකවම කියා සිටියේ තම ආයතනයට ලංකාවට ආධාර කිරීමට නම් පළමුවෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනකට ලංකාව ගමන් කළ යුතු බවකි. ඊට සමානුපාතිකව ලංකාවට ණය ලබාදීමේ සැලැස්මක් සකස් කළ හැකි බව මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් එහිදී සබ්‍රි ඇතුළු කණ්ඩායමට පෙන්වා දී තිබිණි. ඒ අනුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට නම් එහි පළමු කොන්දේසිය ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුව තිබූ නිසා සබි්‍ර ඇතුළු කණ්ඩායම ලංකාවට පැමිණි විගසම එහි මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්හ. ඒ අනුව ඒ සඳහා ජාත්‍යන්තර ආයතනවල සහාය ලබාගැනීමට ටෙන්ඩර් කැඳවීමට පියවර ගත්හ. ප්‍රංශයේ ප්‍රකට ආයතන දෙකක් වන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන ආයතන ඒ සඳහා තෝරාගැනීමට පියවර ගැනිණ. නමුත් මෙම කටයුතු සිදුවන කාලයේදී අලි සබි්‍ර මහතාට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ඒ වන විට ආණ්ඩුව ඇතුළේ මතුව තිබූ දේශපාලන අස්ථාවරත්වය මුල් කරගෙනය. පසුව මුදල් අමාත්‍ය ධුරය හිමි වූයේ ආණ්ඩුවේ අලුත් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහටය. ඒ අනුව රනිල් ද මූල්‍ය අරමුදල සමග දිගටම සාකච්ඡා පවත්වාගෙන ගිය අතර පසුගිය සතියේදී ලංකාවට පැමිණි ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනවල නිලධාරීන් මුණගැසීමටද පියවර ගත්තේය. මෙම සාකච්ඡාවට මහ බැංකු අධිපති නන්දලාල් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූ ඉහළ නිලධාරීන්ද සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

එන්න කිව්වට තාම අනුමැතිය දීලා නෑ!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මෙතෙක් එළියට නොආ කරුණක්ද වාර්තා විය. ඒ, ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන සමග ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා පවත්වාගෙන යෑමට අවශ්‍ය අනුමැතිය තවමත් ලංකාව පාර්ශ්වයෙන් ලැබී නොමැති බවය. ලසාඩ් ආයතනයේ නියෝජිතයන් මේ බව සැල කිරීමත් සමග ඒ පිළිබඳ සොයද්දී සියල්ලන්ටම දැනගන්නට ලැබුණේ අදාළ ලියකියවිලි තවමත් නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින බවකි. ඒ අනුව මෙම සාකච්ඡාවේදී රනිල් හා මහ බැංකු අධිපති නන්දලාල් අතර යම් තරමක උණුසුම් වචන හුවමාරුවක් සිදුවන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනවල නියෝජිතයෝ ලංකාවෙන් පිටව ගියහ. නමුත් ගැටලුව වී ඇත්තේ ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නියෝජිතයන් සමග සාකච්ඡා කොට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වන දිනයක් දිනයක් පාසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට හිමිවීමද ප්‍රමාද වීමය.

සරෝජා ගේමක් ගැහුවාද? උපදෙස් දුන්නේ කව්ද?

මේ සියල්ල අතරවාරයේ තවත් බරපතළ සිද්ධියක්ද ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සම්බන්ධයෙන් පසුගිය සතියේ වාර්තා විය. ඒ, බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය මුල් කරගෙනය. එහිදී ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන සම්බන්ධයෙන් ඇය විසින් කිහිප දෙනකුට යවන ලද විiුත් ලිපියක් (ඊමේල්) මුල් කරගෙන මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබිණි. බොහෝ දෙනා එය පෙන්වා දී තිබුණේ ඇය තමන්ගේ විෂය පථයට කිසිසේත්ම අයත් නොවන කටයුත්තක් කර ඇති බවත්, කිසිදු දුරදිග බැලීමකින් තොරව ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනවලට සහ එහි දේශීය ඒජන්තවරුන්ට එරෙහිව චෝදනා කර ඇති බවත්ය. එම ඊමේල් පණිවුඩය ප්‍රංශයේ ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනවලට පවා යොමුකර තිබූ බවක්ද පසුව දැනගන්නට ලැබිණි. ඒ අනුව මේ වන විට සියලු දෙනාටම මතුව ඇති ප්‍රශ්නයක් වී ඇත්තේ ඇය මෙම කටයුත්ත තනිවම කළාද, එසේත් නැත්නම් එවැන්නක් කරන ලෙසට කවුරුන් හෝ ඇයට උපදෙස් දුන්නාද, එසේත් නැත්නම් මේ පසුපස යම්කිසි කඩාකප්පල්කාරී කණ්ඩායමක් සිටිනවාද යන්නය. මන්ද යත් නීත්‍යනුකූල ආකාරයට තෝරාගත් ආයතනයකට එරෙහිව මේ ආකාරයෙන් රටක වගකිව යුතු රාජ්‍යතාන්ත්‍රික නිලයක් උසුලන තැනැත්තකු විසින් ඍජුවම ප්‍රහාර එල්ල කරනු ලැබීම කිසියම් කඩාකප්පල්කාරී කටයුත්තක් ලෙස ඕනෑම අයකුට හැඟී යන නිසාය. යම් හෙයකින් මෙම සිදුවීම පදනම් කරගෙන ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට හිමි නොවනු ඇත. එවිට රටම පත්වන්නේ බලවත් අර්බුදයකටය.

පත්තරේ කරුණු සියල්ල තියෙනවා! නැත්තේ සරෝජාගේ නම විතරයි!

මීට අමතරව ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන සමාගම් දෙක ලංකාවට පැමිණි දිනයේ ලංකාවේ පළවන ඉංග්‍රීසි පුවත්පතක සරෝජා සිරිසේන මහත්මියගේ ඊමේල් පණිවුඩයේ තිබූ තොරතුරු පමණක් අඩංගු කොට ලිපියක් පළකිරීමට පියවර ගෙන තිබිණි. නමුත් එම ලිපියේ කොතැනකවත් අදාළ තොරතුරු ලබාගත්තේ සරෝජා සිරිසේනගේ ඊමේල් පණිවුඩයෙන් බව සඳහන් නොකිරීම විශේෂ සිදුවීමක් විය. නමුත් එහි තිබූ ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම්වලට පහරදුන් කොටස් ගෙන විශාල ප්‍රවෘත්තියක් ලෙස එය ඉංග්‍රීසි පුවත්පතක පළකිරිම හරහා මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් කුමන පාර්ශ්වයකින් හෝ දියත් වී තිබූ බවට මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇති කාරණාවක් බවට පත්ව අවසානය. ඒ අනුව අපට නම් පෙනෙන්නට ඇත්තේ මේ වන විට මූල්‍ය අරමුදලේ සහ ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනවල නියෝජිතයන් ලංකාවට පැමිණ සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා කතාබහට පමණක් සීමා වන ආකාරයක් පැනනැගෙමින් පවතින බවය.

රනිල් නන්දලාල් කතාව උණුසුම් වෙයි!

කෙසේ වෙතත් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී රනිල් හා නන්දලාල් අතර තරමක උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බව අප මුලින් සඳහන් කර සිටියෙමු. ඒ අනුව දෙදෙනාගේ විරසකය තවමත් අවසන් වී නොමැති බව ඊට සහභාගී වී සිටි සියලු දෙනාටම පැහැදිලිව දැකගන්නට හැකි විය. රනිල්ට අවශ්‍ය වී ඇත්තේ කුමන ආකාරයකින් හෝ නන්දලාල් එම තනතුරින් ඉවත් කොට මහබැංකුව තම පාලනය යටතට ගන්නටය. එසේ ගෙන තමන්ට පාලනය කළ හැකි අධිපතිවරයෙක් ඊට පත්කර ගන්නටය. එසේ මහබැංකුව තමන් අතට ගතහොත් දැනට සිංගප්පූරුවේ ජීවත් වන තම අතිජාත මිත්‍ර අර්ජුන් මහේන්ද්‍රන් සමග එක්ව යළි මහබැංකුව පාලනය කිරීම රනිල්ගේ සැලසුම වී තිබුණා විය හැකිය.

රනිල් පොටක් පාදා ගනී!

ඒ අනුව රනිල්, නන්දලාල්ව පුටුවෙන් ඉවත් කිරීම සඳහා වැදගත් කොනක් පසුගිය සතියේ අල්ලා ගත්තේය. ඒ, ලබන 30 වැනිදායින් නන්දලාල්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු නැවත නන්දලාල්ට එම තනතුර ලබාදීම නිර්දේශ නොකිරීමටය. සාමාන්‍යයෙන් මහබැංකු අධිපතිවරයකුගේ නිල කාලය වසර 06ක් වුවත් නන්දලාල් පත්වූයේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉතිරි නිල කාලය වෙනුවෙනි. එම කාලය ලබන 30 වැනිදාට අවසන් වීමට නියමිතව තිබේ.

මෛත්‍රී ඉන්ද්‍රජිත්ව ගේන්න රවිට ගහපු ගේම!

සාමාන්‍යයෙන් මහබැංකු අධිපතිවරයාගේ පත්වීම සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා වුවත් ඊට මුදල් ඇමැතිවරයාගේද ලිඛිත අනුමැතිය අත්‍යාවශ්‍යය. එසේ නොමැති නම් ජනාධිපතිවරයාට මහබැංකු අධිපතිවරයා පත්කළ නොහැක. මීට පෙර ඒ සම්බන්ධයෙන් වැදගත් උදාහරණයක් තිබේ. ඒ, ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමය. එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමට අවශ්‍යතාව තිබුණද එවක හිටපු මුදල් ඇමැතිවරයා වූ රවි කරුණානායක මහතා ඊට එකඟතාව පළ කළේ නැත. රවි එය ප්‍රතික්ෂේප කරමින් ඊට අදාළ ලිපියට අස්සන් තැබීම ප්‍රතික්ෂේප කළේය. නමුත් රවි විදේශගත වූ අවස්ථාවක මෛත්‍රිපාල කළේ තමන්ට හිතවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා වහාම වැඩබලන මුදල් ඇමැතිවරයා ලෙස පත්කොට ඊට අදාළ ලිපියට අනුමැතිය ගැනීමය. එසේ ගෙන ඉන්ද්‍රජිත් මහබැංකු අධිපති ධුරයට පත්කිරීමය.

රනිල් ගෝඨාට චණ්ඩි පාට් දමයි!

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයාගේ අස්සන ලැබිය යුතු බවට වූ හයිය අතට ගෙන රනිල්ද තෙවැනි පාර්ශ්වයක් හරහා ජනාධිපතිවරයාට පණිවුඩයක් යවමින් නිල නොවන ආකාරයට දැනුම්දී සිටියේ තමන් ඊට අස්සන් නොකරන බවකි. එපමණක් නොව සිය පවුලේ පුවත්පත් උපයෝගී කරගෙන පුවත් පළ කරමින් රනිල්ගේ පාර්ශ්වය පෙන්වා දී තිබුණේ මහබැංකු අධිපතිවරයා පත්කිරීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත්, එසේ නොමැතිව මහබැංකු අධිපතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවත්ය. රනිල් ඒ හරහා සූදානම් වූයේ ජනාධිපතිවරයා බයකොට කෙසේ හෝ නන්දලාල්ව ගෙදර යවන පොටක් පාදා ගන්නටය.

නන්දලාල්ට රනිල් දුන් ෂොට් එක!

ඒ අතරතුර තම හයිය පෙන්වන්න රනිල් තවත් වැඩක්ද කළේය. ඒ, මහබැංකුවේ නිල තනතුරක් වන කායවර්ධන උපදේශකවරයකු පත්කිරීම අත්හිටුවීමය. සාමාන්‍යයෙන් එම පත්වීම සිදුකරන්නේ මහබැංකු අධිපතිවරයා විසිනි. මෙම තනතුර කාලයක් තිස්සේ හිස්ව තිබීම නිසාත්, ඊට සුදුස්සකු පත්කර ලෙස මහබැංකු නිලධාරීන් නන්දලාල්ගෙන් ඉල්ලා සිටි නිසාත් නන්දලාල් කළේ සුදුසු අයකු එම තනතුරට පත්කිරීමට පියවර ගැනීමය. නමුත් සිය බලපරාක්‍රමය පැතිරවීමට අවශ්‍ය නිසා රනිල් කළේ වහාම එම පත්වීම අවලංගු කිරීමට පියවර ගැනීමය. එසේ අවලංගු කළා පමණක් නොව රනිල් එම පුවත තමන්ට හිතවත් මාධ්‍යවල පළකරවීමට පවා පියවර ගත්තේය. ඒ හරහාද රනිල් හා නන්දලාල් අතර යම් මතගැටුමක් පසුගිය සතිය වන විට මතුව තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

රනිල් හොල්මන් වෙන උත්තරයක් ගෝඨාගෙන්!

කෙසේ වෙතත් නන්දලාල්ට යළි තනතුර ලබාදීමට තමන් අස්සන් නොකරන බවට වූ පණිවුඩය තෙවැනි පාර්ශ්වයක් හරහා ජනාධිපතිවරයාට යොමු කළ පසු රනිල් සිතා සිටියේ ජනාධිපතිවරයා බියට පත්ව නන්දලාල්ගේ තීරණය අකුලාගනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. ජනාධිපතිවරයා පෙරළා වෙනත් පාර්ශ්වයක් හරහා රනිල්ට එවා තිබුණේ රනිල් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ ආකාරයේ පිළිතුරකි. ඒ, එසේ නම් වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න යැයි කියාය.

රනිල් කරපු මගුලක් නෑ! එයා දැන් වැඩේ අතට ගන්නයි හදන්නේ! මුදල් ඇමැතිකමත් නැති කරගන්නවා!

ජනාධිපතිවරයාට මෙම දේශපාලන තීන්දුව ගැනීමට හේතු කිහිපයක්ම බලපා තිබිණි. රනිල්ගේ මෙම පණිවුඩය ලැබීමෙන් පසු සිය හිතවතුන් කිහිප දෙනකු සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඒ බව පැහැදිලිවම ප්‍රකාශ කිරීමටද පියවර ගත්තේය.

‘දැන් රනිල් අයි.එම්.එෆ්. එකේ වැඩේ එයාගෙ අතට අරගෙන එයාගෙ වැඩක් විදියට පෙන්වන්න යනවා. හැබැයි ඒ වැඩේ පටන්ගත්තෙ එයා නෙමෙයි. හිටපු මුදල් ඇමැති සබි්‍ර. එතුමා වොෂින්ටන් ගිහින් ඒ කටයුතු ආරම්භ කරලයි තිබ්බේ. ඊළඟට ඉන්දියාව අපට ආධාර කරන එකත් රනිල්ගෙ වැඩක් විදියට එයා පෙන්වන්න යනවා. එයා එන්න කලින් සබි්‍රයි, බැසිලුයි ඉන්දියාව එක්ක කතා කරලා මේ ආධාර වැඩසටහන අරගෙනයි තිබුණේ. හැබැයි දැන් මේ රනිල් කරන වැඩත් එක්ක අයි.එම්.එෆ්. එකේ වැඩේ සාර්ථක කරගන්න බෑ වගේ තමයි මට පේන්නේ. ඒ හින්දා මම රනිල්ගෙන් මුදල් ඇමැතිකම අයින් කරන්න තීන්දු කළා…’ යැයි සිය හිතවතුන්ට කී ජනාධිපතිවරයා වහාම අලි සබි්‍ර කැඳවා මුදල් ඇමැති ධුරය සම්බන්ධයෙන් යළි ඔහු සමග සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය. එම සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය ධුරය යළි භාරගැනීමට සබි්‍රද ජනාධිපතිවරයාට එකඟතාව පළ කළේය. ඒ අනුව වහාම රනිල්ට වෙනත් තුන්වැනි පාර්ශ්වයක් හරහා පණිවුඩයක් එවූ ජනාධිපතිවරයා දැනුම් දී සිටියේ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙසය.

ලැජ්ජාව වහගන්න රනිල් ගහපු ගේම!

හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු ජනාධිපතිවරයාගේ මෙම දැඩි ප්‍රතිචාරයෙන් රනිල්ට දවල් තරු විසිවිය. ඊට හේතු වූයේ මහබැංකු අධිපතිවරයාගේ පත්වීමට මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය අවශ්‍ය බවට වූ නීතිය දන්නා රනිල් අවශ්‍ය ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීමේ බලයද ඇති බවට වූ නීතියද දැනගෙන සිටීම නිසාය. ඒ අනුව රනිල් කළේ තවත් පාර්ශ්වයක් හරහා ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනගැනීමට කටයුතු කිරීමය. එහිදී රනිල්ට තහවුරු වූයේ තමන්ව මුදල් ඇමැති ධුරයෙන් පමණක් නොව අගමැති ධුරයෙන්ද ඉවත් කිරීමට ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටින බවය. ඒ අනුව වැඩේ අවුල් වී ගිය බව වටහා ගත් රනිල් හීන්සීරුවේ සිය සැලසුම වෙනස් කිරීමට පසුගිය සතියේ කටයුතු කළේය. ඒ, නන්දලාල් තවදුරටත් මහබැංකු අධිපති ධුරයේ තබා ගැනීටම තමන් කැමැති බවට ජනාධිපතිවරයාට පණිවුඩයක් යැවීමය. මෙය කෙළින්ම කළහොත් ලැජ්ජාවක් නිසා රනිල් ඊට අපූරු උපක්‍රමයක්ද භාවිත කළේය. ඒ, සියලු බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමක් කොළඹ මල් පාරේ පිහිටි සිය කාර්යාලයේ කැඳවීම හරහාය.

බැංකුකරුවො නන්දලාල්ව ඉල්ලයි!

රනිල් මෙම සාකච්ඡාවේදී පවතින මූල්‍ය අර්බුදය සහ බැංකු ඊට මුහුණ දී ඇති ආකාරය පිළිබඳ සාකච්ඡා කරන අතරවාරයේ හීන්සීරුවේම නන්දලාල් සම්බන්ධ මාතෘකාවද එළියට දැම්මේය. එහිදී සාකච්ඡාවට සහභාගි වී සිටි ප්‍රධාන විධායක නිලධාරීන් සියලු දෙනාම පාහේ නන්දලාල් පිළිබඳ ඉතා සුබවාදීව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය. එම නිසා ඉදිරියටත් ඔහුගේ සේවය ලබාගත යුතු බවද බැංකු නිලධාරීන්ගේ ස්ථාවරය වී තිබිණි.

රනිල් පණිවුඩය ගෝඨාට යවයි! ගෝඨාගේ තීන්දුව ඒකමයි!

රනිල්ටත් වුවමනා වී තිබුණේ ඔවුන්ගේ කටින් මෙම උත්තරය ගැනීමය. ඒ අනුව සාකච්ඡාව අවසන් වූ වහාම රනිල්ගේ පණිඩුව ජනාධිපතිවරයාට ගෙන යන තවත් පාර්ශ්වයක් හරහා වහාම පණිවුඩයක් යවමින් රනිල් ජනාධිපතිවරයාට දැනුම්දී සිටියේ තමන් බැංකුකරුවන් සමග සාකච්ඡාවක් කළ බවත්, ඔවුන් තව දුරටත් නන්දලාල්ගේ සේවය බලාපොරොත්තුවෙන් සිටින බවත්ය. ඒ අනුව තමන් නන්දලාල්ගේ පත්වීමේ ලිපියට අස්සන් කිරීමට සූදානම් බවද මෙම පණිවුඩයෙන් රනිල් ජනාධිපතිවරයාට දැනුම්දී සිටියේය. ඒ අනුව රනිල් සිතා සිටියේ ප්‍රශ්නය එතැනින් අවසන් වනු ඇතැයි කියාය. නමුත් එය එසේ වූයේ නැත. ඒ පණිවුඩයට හැරෙන තැපෑලෙන් තවත් පාර්ශ්වයක් අතේ රනිල්ට පණිවුඩයක් එවූ ජනාධිපතිවරයා කියා සිටියේ නියත වශයෙන්ම රනිල් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු යැයි කියාය. ඒ අනුව බොහෝ දුරට මෙම මස අවසානයේදී තීරණාත්මක වෙනස්කම් රැසක් ආණ්ඩුව ඇතුළේ සිදුවීමට ඉඩ ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

රනිල්ට පොහොට්ටුවෙන් වටකරලා ගහයි!

පසුගිය සඳුදා දිනයේදී ජනාධිපතිවරයා පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මන්දිරයට කැඳවා තිබුණේ මෙවැනි පසුබිමක් නිර්මාණය වී තිබූ වටපිටාවකය. අප පසුගිය සතියේ මෙම තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේද සෑම දිනම අගමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවට පැමිණ තමන්ගේ නැතිබැරිකම් අමාරුකම් පවසනවා විනා රට ගොඩයන වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන බවකි. මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද අගමැතිවරයා එවැන්නක් සිදුකිරීමට කටයුතු කළහොත් පෙරළා ඔහුට පහරදීමට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් රැසක් සූදානමින් සිටි බවත් අපි එහිදී සඳහන් කර සිටියෙමු. අප කීවා වාගේම සඳුදා කැබිනට් මණ්ඩලය නිමාවී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට ප්‍රථම පැවැති තේ පැන් සංග්‍රහයට මැති ඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදී මහින්දානන්ද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට ප්‍රථම මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම උපදෙස් දෙමින් කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ ප්‍රශ්නය කණ්ඩායම් රැස්වීමේදී මතුකරන ලෙසටය. සාමාන්‍යයෙන් මහින්දානන්ද සැලකෙන්නේ ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරයකු බැවින් මෙම උපදෙස බොහෝ දුරට සාකච්ඡා වී ගත් තීන්දුවක් බව ස්ථිර වශයෙන්ම දැකගැනීමට හැකි විය. ඒ කොයි හැටි වෙතත් රනිල්ටද එන පොට හොඳ නැති බව සාකච්ඡාව ආරම්භයට ප්‍රථම වැටහී තිබිණි. ඒ අනුව රැස්වීම ආරම්භ වී මොහොතක් ගතවීමට ප්‍රථම රනිල් සාකච්ඡාවෙන් ඉවත්ව යෑමට පියවර ගත්තේය. නමුත් එහිදී රනිල්ට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමෙන් විරෝධය එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය. පළමුව ඊට විරෝධය දැක්වූයේ ලලිත් එල්ලාවලය.

හැමදාම එයා කලින් නැගිටලා යනවා!

‘හැමදාම අගමැතිතුමා අපි ප්‍රශ්න අහන්න කලින් නැගිටලා මාරුවෙනවා. එතුමා මේ රැස්වීම ඉවර වෙනකන් ඉන්න ඕනෙ. අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙ…’ යනුවෙන් ලලිත් විරෝධය පළකරද්දී ජනාධිපතිවරයා කියා සිටියේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡාවකට සහභාගි වීම සඳහා රනිල් පිටව යන බව දැනුම් දුන් බවත්, පසු දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරනු ඇති බවත්ය.

අපිත් හිතුවෙ රනිල් පට්ට ඉන්ටනැෂනල් පොරක් කියලා!

කෙසේවෙතත් මෙහිදී කතා කළ සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා රනිල් පිළිබඳ දැඩි විවේචනයක් කරමින් සභාව සිනාගැන්වීමටද සමත් විය.

‘අපි හිතන් හිටියේ මේ අර්බූදයේදී අගමැති මොනව හරි කරයි කියලා. ඔක්කොම කිව්වේ එතුමා පට්ට ඉන්ටර්නැෂනල් පොරක් කියලා. අපිත් ඉතින් මුලදි එහෙම තමයි හිතාගෙන හිටියේ. හැබැයි අන්තිමට තාම එක ඩොලරයක් එතුමට ලංකාවට ගේන්න බැරි වුණා. දැන් කෝ ඩොලර්? කෝ රුපියල්? අන්තිමට ඩොලර් විතරක් නෙවෙයි රුපියලුත් අපට නැතිවෙලා…’ යනුවෙන් සම්පත් කියද්දී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සිනා නොවී සිටිය නොහැකි විය.

එහෙමනම් අලුත් අගමැති කෙනෙක් දාමු!

ඉන් අනතුරුව කතා කළේ උදයන කිරිඳිගොඩ මන්ත්‍රීවරයාය. ලලිත් සහ සම්පත්ට එහා යමින් උදයන ජනාධිපතිවරයාට මෙහිදී අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීමටද පියවර ගත්තේය.
‘ජනාධිපතිතුමාට එතුමා ගැන විශ්වාසයක් තිබ්බ නිසා තමයි අපිත් රනිල්ව අගමැති කරනවට එකඟ වුණේ. හැබැයි එතුමා හැමදාම රැස්වීමට ඇවිල්ලා කලින් නැගිටලා යනවා. හරියට උත්තරයක් දෙන්නෙත් නෑ. ‘හ්ම්.. හ්ම්..’ ගගා ඉන්නවා. අපි ගැන එතුමට විශ්වාසයක් නැද්ද? එතුමට අපි ගැන විශ්වාසයක් නැත්නම් අපි ගැන විශ්වාසයක් තියෙන අගමැති කෙනෙක් අපි පත්කර ගම්මු…’ යනුවෙන් උදයන කියද්දී ජනාධිපතිවරයාද එය සාවධානව අසා සිටින ආකාරයක් දැකගත හැකි විය.

නන්දලාල් වෙනුවෙන් පොහොට්ටුව එකෙන්ම!

ඉන් අනතුරුව මතුවූයේ මහබැංකු අධිපතිවරයා පිළිබඳ ප්‍රශ්නයය. එය මතු කළේ වසන්ත බණ්ඩාර විසිනි. වසන්ත කියා සිටියේ නන්දලාල් මහතාගේ මහබැංකු අධිපති ධුරය ලබන 30 වැනිදායින් අවසන් නොකරන ලෙසත්, ආර්ථිකය සම්බන්ධයෙන් මනා පරිචයක් තිබීම හේතුවෙන් ඒ මහතා තවත් අවුරුදු හයකට පත්කරන ලෙසත්ය. ඒ අනුව මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමටද වසන්ත බණ්ඩාර කටයුතු කළේය. එම යෝජනාව සුරේන් රාඝවන් ස්ථිර කළ අතර, මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු නන්දලාල්ව ඉවත් කිරීම සඳහා අගමැතිවරයා ගෙන යන කුමන්ත්‍රණයට එරෙහිව අදහස් පළකරන ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙහිදී මන්ත්‍රීවරුන් නන්දලාල් වීරසිංහ මහතාට පක්ෂව ඡන්දයක් පවා ඉල්ලීමට යෝජනා කරන ආකාරයක් දැකගත හැකි විය. මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ ජනාධිපතිවරයාද කියා සිටියේ නන්දලාල් පත් කළේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉතිරිව තිබූ කාලසීමාවට තාවකාලිකව බවත්, එය ස්ථිර කිරීම සඳහා මුදල් ඇමැතිවරයා වශයෙන් රනිල්ගේ අනුමැතිය අවශ්‍ය බවත්, තමන් ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත්ය.

ඉන් අනතුරුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන කිහිපයක් පිළිබඳ අදහස් පළකිරීමක් කළේය. ප්‍රසන්න රණතුංග ඉකුත් මැයි 09 වැනිදා මන්ත්‍රීවරුන්ට සිදුවූ දේපළ සහ ජීවිත හානි පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයාට ලබාදීමට පියවර ගත්තේය. එහිදී දිනේෂ් කියා සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරුන් අද කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් වූ නීති කාර්යයන් නිවැරැදිව සිදුකරන ලෙසත්ය.

එංගලන්තෙ ඉදන් හරීන් මැසේජ් දාන්නේ කොහොමද?

ඉන් පසුව මධුර විතානගේ ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ ඒ වන විට එංගලන්තයේ රැඳී සිටින හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් 21 වැනි සංශෝධනය සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බවත්, එය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවර ගන්නා බවට සඳහන් කොට ඇති බවත්ය. හරීන් එදින කැබිනට් මණ්ඩල රැස්වීමට පවා නොපැමිණි බවත්, ඔහු මේ වන විට සිටින්නේ එංගලන්තයේ බවත් කී මධුර, එවැන්නක් සිදුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටීමටද පියවර ගත්තේය.

ගේම තවම ඉවර නෑ!

එහිදී එක් මන්ත්‍රීවරයකු කියා සිටියේ කලබල නොවන ලෙසත්, තවම ගේම් එක අවසන් නොමැති බවත්, ඉදිරියේදී තවත් සංශෝධන රැසක්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම සංශෝධනයට ඇතුළත් වීමට නියමිත බවත්ය.

කිව්වේ එකක්! ආවේ තව එකක්!

කෙසේ වෙතත් 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයේ සම්මත වීම සම්බන්ධයෙන්ද මේ වන විට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයකි. මීට පෙර පස් වතාවක් කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැතියද ඒ කිසිදු අවස්ථාවක 21 වැනි සංශෝධනය සම්මත කරගැනීමට හැකියාව ලැබුණේ නැත. ඒ, ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රබල සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි. මුලින් රනිලුත්, හරීනුත්, මනුෂත්, විජයදාසත් තැන් තැන්වල කියමින් ගියේ 21 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීමට පියවර ගන්නවා යැයි කියාය. නමුත් අවසානයේදී පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත වූයේ එසේ ජනාධිපතිවරයාගේ බලතල විශාල වශයෙන් ඉවත් කෙරුණු සංශෝධනයක් නොව, බලතල රැසක් ජනාධිපතිවරයාගේ සන්තකයේ පවතින ආකාරයට ඉදිරිපත් කළ සංශෝධනයකි. ඊට අනුව ජනාපතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක අගමැතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට හැකියාව ඇත. අමාත්‍යාංශ ඕනෑම සංඛ්‍යාවක් දැරිය හැකිය. අවශ්‍ය අවස්ථාවක ඕනෑම අමාත්‍යාංශය පවරාගත හැකිය. අමාත්‍යවරුන් ඉවත් කළ හැකිය. එම බලතල සියල්ලම පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී සම්මත කළ සංශෝධනයේ අඩංගුව තිබේ.

21 නෙමෙයි ඒක 22!

අනෙක් අතට බොහෝ දෙනා මෙම සංශෝධනය 21 වැනි සංශෝධනය ලෙස හැඳින්වුවද, ඇත්ත වශයෙන්ම එය සඳහන් විය යුත්තේ 22 වැනි සංශෝධනය ලෙසටය. මන්ද යත් 21 වැනි සංශෝධනය ලෙස දැක්වෙන්නේ සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඉදිරිපත් කොට ඇති සංශෝධනයය. ඒ අනුව කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා අනුමත කළේ විජයදාස ගෙන ආ 22 වැනි සංශෝධනයය.

ජී.එල්. කැපෙයි!

මේ සියලු අර්බුද මැද මේ වන විට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජී.එල්. පීරිස් මහතාටද දේශපාලන බාල්දියක් පෙරළී ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ජී.එල්. මේ වන විට රනිල් සමග වෙනම දේශපාලන ගමනක් යෑමට කටයුතු කරමින් සිටින බවට පොහොට්ටුවේ ප්‍රධානීන්ට තොරතුරු ලැබී තිබීම හේතුකොට ගෙනය. සාමාන්‍යයෙන් ජී.එල්. සැලකෙන්නේ රාජපක්ෂවරුන්ට අතිශය හිතවත්, ඔවුන් සමග දේශපාලනය කරන්නකු ලෙසටය. මේ හේතුවෙන් පොදුජන පෙරමුණ පිහිටුවීමේදී එහි සභාපති ධුරය පවා ජී.එල්.ට ලබාදීමට රාජපක්ෂවරු පියවර ගත්හ.

රනිල් එක්ක සෙට් වෙලා!

කෙසේ වෙතත් රනිල් අගමැති ධුරයට පත්වූ වහාම රාජපක්ෂවරුන්ගේ දේශපාලනය එතැනින් අවසන් බවට සිතා ජී.එල්. රනිල් සමග දේශපාලන ගමනක් යෑමට සැලසුම් කර ඇති බවක් පොහොට්ටුවේ ප්‍රධානීන්ට වාර්තා වී තිබිණ. එමෙන්ම රනිල්ට අවශ්‍ය ආකාරයට 21 වැනි සංශෝධනය සම්මත කිරීමට ජී.එල්. තිරය පිටුපස යම් මෙහෙයුමක් දියත් කර තිබූ බවක්ද පොහොට්ටුවේ ප්‍රධානීන්ට දැනගන්නට ලැබී තිබිණ. 21 වැනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ෆ්ලවර් රෝඩ්හි පිහිටි අගමැති කාර්යාලයේ පැවැති සාකච්ඡා කිහිපයකටම සහභාගි වී තිබූ ජී.එල්., එහිදී රනිල්ට වාසිසහගත ආකාරයට එය සකස් කිරීමට පියවර ගෙන තිබූ බවක්ද ඔවුන්ට වාර්තා වී තිබිණි.

පැත්තකට කරලා තියයි!

මෙම තත්ත්වය වාර්තා වූ වහා 21 වැනි සංශෝධනය සකස් කිරීම සඳහා පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 15 දෙනකු සමග ෆ්ලවර් රෝඩ්හි පිහිටි අගමැති කාර්යාලයට ගිය බැසිල්, රනිල් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබුණේ ඒ අනුවය. පසුව අවසන් වරට අගමැතිවරයා සමග කළ සාකච්ඡාවේදී 21ට විරෝධය පළකරමින් දිනේෂ් සමග ජී.එල්.ට සාකච්ඡාවෙන් නැගිට ඒමට සිදුවූයේද එහි ප්‍රතිඵලයක් වශයෙන් බව දැනගන්නට තිබේ. එම තත්ත්වය යටතේ මේ වන විට පොහොට්ටුවේ දේශපාලන වැඩකටයුතුවලින් ජී.එල්. තාවකාලිකව ඉවත් කොට ඇති බවක්ද ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

දරුවන්ට මන්දපෝෂණය! අම්මලාට ත්‍රිපෝෂ නෑ! බෙහෙත් නැතිව මිනිස්සු දුක් විඳිනවා! මේ ආණ්ඩුව ගෑස්වලින් ගසා කනවා! බෙහෙත්වලින් හොරකම් කරනවා! තවදුරටත් ගෙනියන්නේ දූෂණකාරී පාලනයක්! සජබෙ දොස්තර මන්ත්‍රීලා දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන සජිත් දොස්තරලා හමුවෙයි! (VIDEO)

Next Post

පොලිසිය ඔබට ගැහුවාද-කරදර කළාද-බලය අනිසි ලෙස පාවිච්චි කළාද? බය නැතිව මේ අංකවලට කතාකරලා පැමිණිල්ලක් දාන්න!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.