සොරකම ගසාකෑම අල්ලස වහාම නවතා, සෞඛ්‍ය ක්ෂේත්රය ගොඩ නැංවීම වෙනුවෙන් කැපවෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ව්‍යසනකාරී සෑම විටම එයින් ජනතාව ආරක්ෂා කිරීමට සිය අප්‍රමාණ කැපවීම සිදු කරන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ට නිදහසේ සේවය කිරීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව සකස් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (25) පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හමු වූ මොහොතේ ය.
අදූරදර්ශී පාලනය හේතු කොට ගෙන රටේ මව් පරපුරත් දරු පරපුරත් බරපතළ ව්‍යසනයකට ලක් වී ඇති බවද විපක්ෂනායක විපක්ෂ නායකතුමා පැවසීය.
රටේ බරපතළ ඖෂධ හිඟයක් ඇති බවත්, මේ වන විටත් ත්‍රීපෝෂ කර්මාන්ත ශාලාව වසා ඇති බවත්, මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ මට්ටම පහල ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.
අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවාවේ යෙදී සිටින පිරිස් වෙනුවෙන්වත් නිසියාකාරව ඉන්ධන ටිකක් සැපයීමේ හැකියාව වත් ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා සෞඛ්‍ය ක්ෂේත්රය ද බරපතල කඩාවැටීමකට ලක්ව ඇතැයි පැවසීය.ඖෂධ හිඟය තුළ, සැත්කම් පවා අඩපණ වී ඇති තත්ත්වයක් තුළ රට මුහුණ දී ඇත්තේ බරපතළ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකතුමා මේ දැවැන්ත ව්‍යසනයට ආණ්ඩුවේ විසඳුම කුමක් දැයි ප්‍රශ්න කර සිටියේය.