• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ දොස්තරලට-සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන හල් 84ක් වෙන් කළා කිව්වත් තෙල් තිබිලා නෑ! දොස්තරවරු දවසම මහපාරේ! සැත්කම් සියල්ල නවතී! අපි ජනපතිට අර්බූදය කිව්වේ මාර්තුවල! මාස 3ක් ගිහිනුත් උත්තරයක් දෙන්න බැරිවුණා! වෛද්‍ය සංගමයෙන් චෝදනා! (VIDEO)

June 25, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබෙන බව බලධාරීන් පවසා තිබුණා.

එහෙත් එම කිසිඳු ඉන්ධන හලක් වෙත ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුවූ බවයි වාර්තා වෙන්නේ.

තම පිරවුම්හල් සිකුරාදා දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන්කර ඇති බවක් නොදන්නේ යැයි ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් එහි ගොස් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබූ බව පැවසෙනවා.

ඒ පිරවුම් හල් වෙතින් වෙනත් පුද්ගලයින්ටත් ඉන්ධන ලබාදීම සිදුකිරීමෙන් හා ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඊයේ (24) දිනය පුරා පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබුණා.

මේ අර්බුදය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක දෛනික ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වූ බවයි කියන්නේ.

ඇතැම් වෛද්‍යවරුන් තම වාහන පෝලිම්වල තබා වෙනත් අයකුට බලාගන්නා ලෙස පවරා රෝහල්වලට ගොස් ප්‍රතිකාර කටයුතුවල නිරත වී ඇති අතර, පෙරදින රාත්‍රී සේවයේ සිටි කාර්ය මණ්ඩල යළිත් ඊයේ රාත්‍රී සේවයට වාර්තා කළ යුතුව තිබියදී මේ වන තුරුත් ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටින බව පැවසෙනවා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් රටපුරා පිරවුම්හල් අතරින් 84ක් පමණක් ඊයේ දිනයේ වෙන්කර තිබූ බවයි.

කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ එම වෙන්කිරීමවත් නිසි ලෙස සංවිධානය කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නොවූ බවයි ඔහු පවසන්නේ.

එම අවම වැඩපිළිවෙල හෝ සාර්ථක කරගැනීමට නොහැකිවූයේ රජයේ ආයතන අතර නිසි සන්නිවේදයක් හා ක්‍රමවේදයක් නොමැතිවීමෙන් බවයි ඔහු කියන්නේ.

“අපි මේ අර්බුදය ගැන මාර්තු මාසයේ මුල් සතියෙම ජනාධිපතිවරයාට ලිඛිතවම දැනුම් දුන්නා. ඊයේ කියන්නේ ජුනි 24. මාස තුනකට පස්සෙත් ආණ්ඩුවට බැහැ මේ ප්‍රශ්නයට අවම උත්තරයක්වත් හොයාගන්න. ලබන සතියේදී හෝ මේ අවුල විසඳා ගැනීමට සාර්ථකව කටයුතු නොකළොත් සෞඛ්‍ය සේවාව පවත්වාගෙනයාමට බැරි වේවි” යි ඔහු පවසනවා.

SendShareShare
Previous Post

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

Next Post

අරගලයේ ඉන්නේ කුඩුකාරයෝ-තක්කඩිද? විමල් පාර්ලිමේන්තුවේ කියපු කතාවට අරගල භූමියේ ඉන්න දමිතාගෙන් සැර උත්තරයක්! ජනාධිපතිතුමනි කරුණාකරලා ඉල්ලා අස්වෙන්න! ඔබතුමා සාර්ථක වෙනකම් ජනතාවට බලන් ඉන්න බෑ! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.