පොහොර හිඟය හේතුවෙන් එළඹෙන කන්නයේත් 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් අස්වැන්න අඩු වන බවට විශේෂඥයන් පුරෝකථන ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හේතුවෙන් ඉතා දරුණු ලෙස කෘෂි කර්මාන්තය කඩා වැටී ඇති බව පැවැසූ ප්‍රේමදාස මහතා සඳහන් කළේ සහල් හිඟයක් ඇති වන විට සහල් ආනයනය කරන්නේ කුමන රටින් ද කියා ආණ්ඩුව නොදන්නා බවයි.
කෘෂිකර්ම සහ ආහාර සැපයුම් ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් සමග අද (24) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.










