• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)

June 24, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුර ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්‍යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙරට විදුලි බල ක්ෂේත්‍රයට අදාළව විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට අනාවරණය නොකරන්නේ ජාතික ආරක්ෂාව නිසා බවත් එහි සංවේදී කාරණා ඇති බවටත් කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කළ එකී ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් එම තොරතරු දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ එම තොරතුරු සැඟවීමෙන් අනාවරණය වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පසුගිය කාලයේ බහුජාතික සමාගම් සමඟ රහස් ගිවිසුම් රැසක නිරතව ඇති බවයි. 

ආණ්ඩුව ව්‍යවස්ථා ප්‍රෝඩාවක!

මාස 2කට ආසන්න කාලයක් ගෝ හෝම් ගෝටා කියමින් අරගලයේ නිරත තරුණයන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වී නව රජයක් බලයට පත් වන ලෙස සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ලෙස වුවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එම කිසිසේත් ගණන් නොගෙන කටයුතු කරන බවත්  සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වසර දෙකහමාරකට ආසන්න කාලයක් රට තුළ ආහාර, ඉන්ධන පෝලිම් සාදා, දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කර, ජනතාවගේ ජීවන තත්ත්වය විනාශ කළ වත්මන් රජයට ඉවත් වෙන ලෙස කොතෙක් ජනතාව කීවත් මොවුන් ඉවත් නොවන බවත් ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන ආවත් එය ගෙන එන්නේ 2025 බවත් පවසන දුර්දාන්ත පාලනයක් ගෙන යන රජය සමඟ කිසිසේත්ම එක් නොවන බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේය.

ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමේ බංකොලොත් උත්සාහය!

රට තුළ පැවැති අර්බුධකාරී තත්ත්වය හමුවේ වුවත් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙරට සුවහසක් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සංවිධානය කළ කහ පැහැති ඇඳුම් ඇඳ අවසන් තරගය නැරඹීමේ වැඩසටහන, බංකොලොත් දේශපාලනයක නිරත වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් විසින් සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවත් මේ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ජාතියම සතුටු වෙන අවස්ථාවක බංකොලොත් දේශපාලනයක නිරතවන පිරිස් පිළිබඳ ඇත්තේ දැඩි කළකිරීමක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අර්බුධ සමයක වුවත් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමට, එම රජයට සහ ඔස්ටේ්‍රලියානු ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ගේ පැමිණීම අනෙක් රටවලට ආදර්ශයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ අපේ රටට දමා ඇති සංචාරක තහනම් ඉවත් කර නැවතත් අපේ රටට පැමිණෙන ලෙස විදෙස් රටවලට ආරාධනා කරන බව යි. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් ආඩම්බර වන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාව විසින් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘත ගුණ දැක්වීමට හදවතින්ම සංවිධානය කළ මේ ක්‍රියාව දේශපාලනීකරණය කිරීමට පොහොට්ටුවේ දේශපාලනඥයන් සහ අනෙකුත් සම්බන්ධිත නාලිකා දරණා උත්සාහය තරයේ හෙළා දකින බවයි. 

වර්තමානයේ රට පත්ව ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීම උදෙසා වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන් ගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කරමින් මේ පිළිබඳව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගොඩනැගීම උදෙසා වූ මාර්ග සිතියම පිලිබදව අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් අද (24) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. මේ අවස්ථාවට ප්‍රමුඛ පෙළේ වෘත්තිය සමිති නියෝජිතයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ”රට බේරාගැනීමේ මෙහෙයුම” සාක්ෂාත් කරගැනීම උදෙසා එහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරිණි.

SendShareShare
Previous Post

පොලිසිය මිනිස්සුන්ට ගහන්න හදයි! මිනිස්සු පොලිසියට ගහන්න හදයි! කොටහේනේදී මහා කලබලයක්! (VIDEO)

Next Post

තෙල් ප්‍රශ්නයට මහනුවර ජනතාව නියම විසඳුමක් හොයාගනී! හරි ලේසියි! කට්ටියම අත්හදා බලන්න! (VIDEO)

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.