වසර 5ක් පුරා නැවතී තිබුණු පොහෝ දින සිදු කෙරෙන ධර්ම දේශනාව අද (11) දිනයේදී අරලියගහ මන්දිරය තුළ නැවත ආරම්භ කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබිණ.
ඒ අනුව උදුවප් පොහෝ දින නිමිත්තෙන් පැවැත්වුණු ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සදහා විශාල පිරිසක් අරලිය ගහ මන්දිරයට පැමිණ සිටිනු දැකගත හැකි විය.
2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු අරලිය ගහ මන්දිරය එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාවිත කරනු ලැබූ අතර පොහෝ දින සිදුකෙරුණු ධර්ම දේශනාවද ඒ සමගම නවතා දැමිණ.










