• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බණ්ඩාරනායකලාගේ සොහොන, රාජපක්ෂලාගේ සොහොන සහ ජනතාවගේ ප්‍රහාරය…

June 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බණ්ඩාරනායකලාගේ සොහොන, රාජපක්ෂලාගේ සොහොන සහ ජනතාවගේ ප්‍රහාරය…
Share on WhatsAppShare on Facebook

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී යන අවස්ථාවේ ඔහු පසුපසින් තවත් එක් අයකු එ.ජා.ප.ය හැර ආවේය. ඒ පසු කාලෙක රුහුණේ සිංහයා ලෙසින් දේශපාලන ලෝකයේ හැදින්වූ ඩී.ඒ. රාජපක්ෂ නොහොත් දොන් ඇල්වින් රාජපක්ෂය. අපි අද විමසා බලන්නේ ඩී.ඒ. රාජපක්ෂ හෝ පසුකාලීනව රාජපක්ෂ රෙජිමය නමින් වත්මන් අගමැතිවරයා බෞතීස්ම කළ රාජපක්ෂ සහෝදර සමාගම පිළිබඳ නොව ඩී.ඒ. රාජපක්ෂ සහ ඔහුගේ බිරින්දෑ වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක වෙනුවෙන් කළ සොහොන් කොත් සහ ඒවායේ වත්මන් ඉරණම පිළිබඳවය.

සැබැවින්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහ ඔහුගේ බිරියගේ සොහොන් ගැන ජාතික පුවත්පතක ලිපියක් පළවිය යුතුදැයි ඔබට සිතෙන්නටත් බැරි නැත. එහෙත් මේ සොහොන් වූ කලී එසේ මෙසේ ඒවා නොව පාරාවෝ රජ දරුවන්ගේ දේහයන් තැන්පත් කර ඇති ඊජිප්තුවේ පිරමීඩ ඉක්මවා යන වටිනාකමක් ආරෝපණය කරන්නට මෙන් මහජන මුදල් වැය කර ඉදිකළ ඒවාය. සොහොන් කොත්වලට අමතරව එහි ඩී.ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිහ දිසානායක වෙනුවෙන් කෞතුකාගාරයක්ද ඉදිව ඇත්තේය.

ලංකවේ දේශපාලනයේ නියුතුව සිට මියගිය දේශපාලනඥයන්ගෙන් සොහොන් කොත් නඩත්තු කරන්නේ එහෙමත් කෙනෙකි. බොහෝ තැන්වල ඒවා පෞද්ගලික කටයුතු ලෙස දූදරුවන් ඥාතීන් විසින් කරනවා මිස ජාතික ධනය වැයකර තීන්ත ටිකක්වත් ගාන්නේ නැත. හොඳම උදාහරණය බණ්ඩාරනායක සමාධියයි. සහසිකයෙක් අතින් ඝතනය වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් අවසන් නින්ද නිදනා හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය පවා පිහිටා ඇත්තේ බණ්ඩාරනායකලාගේ හොරගොල්ල වලව්ව පිහිටි ඉඩමේය. එය නඩත්තු කරන්නේ බණ්ඩාරනායක පවුල මිස ජාතික ධනය යොදවා රාජ්‍ය මැදිහත් වීමෙන් නොවේ. අනෙක් අතට හොරගොල්ල සමාධිය අගමැතිවරයෙක් පමණක් නොව ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේද, බණ්ඩාරනයක පවුලේ එකම පුත්‍රයා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ඉසිලූ අනුර බණ්ඩාරනායකයන්ගේද දේහයන් තැන්පත් කර තිබේ.

ඊට අමතරව සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ දෑස් පාදන්නට නිදහස් අධ්‍යාපන පනත ගෙනා ආ කන්නංගර ශ්‍රීමතාණන්ගේ සොහොනද ඉත්තෑපාන ප්‍රදේශයේ හුදකලාව ඇත. එවන් පසුබිමකදී කෝටි ගණන් ජාතික ධනය වැය කර ඉදිකළ ඩී.ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක වෙනුවෙන් සොහොන් දෙකක් සහ කෞතුකාගාරයක් නිර්මාණය කිරීම කොතරම් උචිතදැයි සිතා බැලිය යුතු නොවන්නේද?

ඩී.ඒ. රාජපක්ෂ සහ දෝන දන්දිනා සමරසිංහ දිසානායක අනුස්මරණ කෞතුකාගාරය සහ සොහොන් කොත් ද්විත්වයේ වැඩ ආරම්භ වනුයේ 2014 වසරේ පෙබරවාරි මාසයේ තරමය. එහි වැඩකටයුතු සඳහා නායකත්වය දෙනුයේ ඩී.ඒ. රාජපක්ෂ පදනම විසිනි. එහෙත් එහි වැඩකටයුතු සඳහා ශ්‍රමය මෙන්ම ඉංජිනේරුමය කටයුතු සඳහාද දායකත්වය ලබාදෙනුයේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව මගිනි. එම කාලවකවානුවේදී එකී ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවතිනුයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. එවක ආරක්ෂක ලේකම් වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. එහෙයින් ඔහු සිය නිල බලය තම මව සහ පියා සිහිකර ඉදිකළ කෞතුගාරයට සහ ඔවුන් දෙදෙනාගේ සොහොන් කොත් වෙනුවෙන් යෙදවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදී තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගිනි. එම ශ්‍රම ගනුදෙනුවේදීද ආරක්ෂක ලේකම්වරයාට සිය නිලයේ වාසිය උපරිම ආකාරයෙන් නොලැබෙන්නට හේතුවක් නැත. නාවික සෙබළුන් මේ කර්තව්‍යයට යොදවා ගැනීම හුදු දුරකතන සාකච්ඡාවක ඉල්ලීමකට අනුව සිදුවූවක් බව පසුකාලීනව අනාවරණ විය. මේ සියලු කරුණු සලකා බැලීමේදී සිය මව සහ පියා වෙනුවෙන් කෞතුකාගාරයක් සහ සොහොන් කොත් දෙකක් ඉදිකිරීමේදී එවක ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ධුරය හෙබවූ වත්මන් ජනාධිපතිවරයාගේ ධුරයන් ඉදිරියට දමා ඩී.ඒ. රාජපක්ෂ පදනම කටයුතු කළ බව සිතාගැනීම අසීරු නොවේ.

ඉතා කඩිනමින් වඩකටයුතු නිමවූ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සහ සොහොන් කොත් දෙක විවෘත කිරීම 2014 වසරේ නොවැම්බර් 06 වැනිදා සිදුවිය. කෞතුකාගාරයේ ඩී.ඒ. රාජපක්ෂ සහ ඔහුගේ බිරිය දන්දිනා සමරසිංහ දිසානායක භාවිත කළ උපකරණ සහ ඔවුන්ගේ ඡායාරූප එකතුවක් ප්‍රදර්ශනයට තබා තිබිණි. මෙවන් කෞතුකාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව විධිමත්ව අධ්‍යයනය කර නොතිබුණා සේම ඩී.ඒ. රාජපක්ෂ පදනම හැරුණු විට අන් කිසිම පාර්ශ්වයක් ඒ සඳහා උනන්දු වූ බවක්ද දැකගත හැකි නොවීය. කෙසේ වෙතත් මෙම ද්විත්ව ඉදිකිරීම පිළිබඳ සමාජයේ අවධානය යොමුවන කරුණු කාරණා රැසක් කරළියට එන්නේ 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්ව රනිල් වික්‍රමසිංහගේ අගමැතිත්වයෙන් සුළුතර දින සියයේ රජය පිහිටුවීමෙන් පසුවය. මුලින්ම ඒ පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරනුයේ වර්ෂ 2014ට අදාළ විගණන වාර්තාවේය. එම වාර්තාව රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, ‘අවිධිමත් ක්‍රියාවලියක්’ ලෙස දක්වා තිබිණි. එම කරුණ සම්බන්ධයෙන් 2018 පෙබරවාරි 06 වැනි දින නිකුත් කළ විශේෂ වාර්තාවේ විගණකාධිපතිවරයා ඒ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය හා සොහොන් කොත් ඉදිකිරීම පිළිබඳ විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ ‘විශේෂ වාර්තාවේ’ ආන්දෝලනාත්මක කරුණු රැසක් හඳුනාගෙන තිබුණු අතර පසුකාලීනව අධිකරණ ක්‍රියාමාර්ගයන් පවා ගොඩනැගෙනුයේ එකී නිගමන පාදක කරගනිමිනි. මැදමුලන රාජපක්ෂ කෞතුකාගාරය සහ සොහොන් ද්විත්වය ඉදිකිරීම වෙනුවෙන් මුදල් ගෙවීම හෝ මුදල් ප්‍රතිපාදනය කිරීම පිළිබඳ කිසිදු ලිඛිත හෝ වාචික ගිවිසුමකින් තොරව රජයේ මුදල් වැයකර ඇති බවත්, එකී වියහියදම් රජයේ වියදමක් ලෙස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර තිබූ බවත් විගණකාධිපතිගේ විශේෂ වාර්තාව මගින් හඳුන්වා දී තිබිණි. එමතුදු නොව මෙකී ඉදිකිරීම් ක්‍රියාවලිය 1982 අංක 12 දරන පොදු දේපළ පනතට පටහැනි බවද එහි සඳහන්ව තිබිණි. එමෙන්ම අනාගතයේදී හෝ රාජ්‍ය සම්පත් අතිශය පෞද්ගලික කරුණු වෙනුවෙන් යොදවා ගැනීම මුළුමනින්ම පාලනය කළ යුතු බැවින්, මෙම අවිධිමත් ක්‍රියාවලියේ යෙදුණු සහ ඒ සඳහා අනුබල දුන් සියලු බලධාරීන්ට හා නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය හා නෛතික පියවර ගතයුතු බව එම විශේෂ වර්තාව මගින් විගණකාධිපතිවරයා පෙන්වා දී තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිපතිවරයා නඩු පැවරූ අතර සැප්තැම්බර් 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන පුද්ගලයන්ට සිතාසි නිකුත් කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කරන ලද අතර පසුව ඔහුට අධිකරණය කළ දැනුම්දීමට අනුව, රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ පැය තුනකට ආසන්න ප්‍රකාශයක් ලබා දුන්නේය. 2018 අගෝස්තු 24 හෝ ඊට ආසන්න දිනයක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත්දෙනකුට එරෙහිව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබීය. විශේෂ මහාධිකරණය හමුවේ නඩුව විභාගයට ගැනෙනා බැවින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුව අත්හිටුවීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය. 2018 සැප්තැම්බර් 10 වැනි දින ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත්දෙනා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටියෝය. එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය. මෙම නඩුවේදී රුපියල් ලක්ෂ 340කට වැඩි මහජන මුදල් අවභාවිත කළේ යැයි සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල විය.

නඩුව පවත්වාගෙන යන අතරේ ලංකාවේ දේශපාලන තත්ත්වයේ බරපතළ වෙනස්වීම් සිදු විය. හිටපු ආරක්ෂක ලේකම් රටේ ජනාධිපති ධුරයට පත්විය. ඒ අතරතුර ඩී.ඒ. රාජපක්ෂ පදනම විසින් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ගෙවිය යුතු සියලු මුදල් ගෙවා නිමකළ බව එම සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දැන්වීය. පසු අවස්ථාවක අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙම නඩුවේ පළමුවැනි විත්තිකරු ලෙස නම්කොට තිබූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට එරෙහිව නඩු කටයුත්ත පවත්වාගෙන යෑමට නොහැකි නිසා නීතිපතිවරයා කළ දැනුම්දීම අනුව ඔහු නිදහස් කර ඇති බවත්, සෙසු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති නිසා ඔවුන්ද නිදහස් කරන ලෙසත් විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිත කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කරනු ලැබුවේය. පසු අවස්ථාවක සෙසු චූදිතයන් හය දෙනාද අධිකරණය විසින් නිදහස් කිරීමත් සමග නඩුව නිමවිය. එහෙත් මේ සමස්ත ක්‍රියාදාමය පිළිබඳවම සමාජයේ පැවතියේ මහා නොපැහැදිලි තත්ත්වයකි.

අධිකරණය එලෙස චූදිතයන් නිදහස් කළද ජනතා අධිකරණය ඊට එරෙහි තම තීන්දුව ප්‍රකාශ කළේ පසුගිය 09 වැනිදාය. ‘ගෝඨා ගෝ ගම’ සහ ‘මයිනා ගෝ ගම’ට එල්ල කළ තිරස්චීන ප්‍රහාරයන් හමුවේ කුපිතවූ ජනතාව වීරකැටියේ ඉදිකර තිබූ ඩී.ඒ. රාජපක්ෂ සහ දන්දිනා දිසානායක සොහොන් කොත් දෙක සහ කෞතුකාගාරත්, තංගල්ලේ ඩී.ඒ. රාජපක්ෂ ප්‍රතිමාවද පහරදී කුඩුකර පොළොවට සමතලා කර දැම්මේ තව දුරටත් රාජපක්ෂවරුන්ට ලංකා ඉතිහාසයේ තැනක් ඉතිරිව නැති බව කියාපාමිනි.

මේ සිදුවීම අපට කියාපානුයේ අනෙකක් නොව සැබෑ ජන නායකයන්ට අමුතුවෙන් ප්‍රතිමා ඉදිකිරීමට අවශ්‍ය නැති බවය. කියුබාව ඓතිහාසික ජයග්‍රහණ රැසක් සමග අද්විතීය තැනකට ගෙනආ ෆිදෙල් කැස්ත්‍රෝ වෙනුවෙන් එරට එකම මාර්ගයක් හෝ ගොඩනැගිල්ලක්වත් නම්කර නැත. ඒ අනෙකක් නිසා නොව සැබෑ ජන නායකයෙක් වන කැස්ත්‍රෝ සෑම කියුබානු ජාතිකයකුගේම හදවතේ ජීවත්වන බැවිනි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අගමැති ආයෙත් ජාතිය අමතයි! අමාරුකම් කියයි! අමෙරිකාව රුසියාව ඉන්දියාව ජපානය යුරෝපය ආදී රටවල් ගොඩක නම් කියයි! මිනිස්සුන්ට ඉවසන්නත් කියයි! (VIDEO)

Next Post

ආයෙත් පරණ ගැනුම්කරුගෙන්ම ගෑස් ගන්න යයි! සිලින්ඩරය රුපියල් 7000 පනින ලකුණු!

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.