ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං මහතා විසින් සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසකට බ්‍රහස්පතින්දා (12) දින රාත්‍රි භෝජන සංග්‍රහයක් ලබා දීමට සූදානම් කොට ඇත.
ඉන්දීය රජයේ සහයෝගීතාව සහ සුහදතාවය ලංකාවට පිරිනැමීම අරමුණු කරගෙන මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එදිනම රාත්‍රී ජනාධිපතිවරයාද සියලුම අමාත්‍යවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ජනාධිපති මන්දිරයේ සූදානම් කොට තිබීමය.










