ඉදිරි මාස තුන සඳහා ඉන්ධන මිලදී ගැනීමට මුදල් මුද්‍රණය කිරීමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මහ බැංකුවේ අධිපතිවරයා විසින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් ප්‍රමාණයක් වෙන්කර තිබුණත්, ඩොලර් මිලදීගැනීමට රුපියල් නොමැති බැවින් ඊට එකම විකල්ප මුදල් මුද්‍රණය කිරීම බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
එහෙත්, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් මුද්‍රණය කිරීමට අකැමැති බවද පවසන කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ රටට ළඟා වෙමින් ඇති ඉන්ධන නෞකා හතරක් සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 160ක් සෙවීම දැඩි අභියෝගයක් වී ඇති බවයි.










