• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

9වැනිදා ප්‍රහාරකයින් අහුවෙයිද? නිදහස් වෙයිද?

June 5, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
9වැනිදා ප්‍රහාරකයින් අහුවෙයිද? නිදහස් වෙයිද?
Share on WhatsAppShare on Facebook

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණයට කරුණු දැක්වූ’හැටියට අරලියගහ මන්දිරයෙන් ආරම්භ වී ගෝල්ෆේස්හි ගෝඨා ගෝ ගමට පැමිණ පහරදුන් කණ්ඩායමට පහරදී විසුරුවා හරින ලෙස පැහැදිලි නියෝගයක් දේශබන්දු තෙන්නකෝන්ට ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාය. නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ සඳහන් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ පොලිස්පතිවරයා සහ එවක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලබාදුන් ප්‍රශ්නගත නියෝගයක් හේතුවෙන් ඔහු විධායකය අමතා ඇති බවකි. අධිකරණය හමුවේ ඔහු සඳහන් කළ ආකාරයට ජනාධිපතිවරයා සමග විනාඩි 10ක් හෝ 11ක් දේශබන්දු තෙන්නකෝන් දුරකතනයෙන් ඒ ගැන කතාබහ කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා සමග එතරම් වේලාවක් දුරකතනයෙන් කතාබහ කරන්නට තරම් ඉතා කිට්ටු සම්බන්ධයක් දේශබන්දු තෙන්නකෝන්ට තිබී ඇති බවය. ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් දුරකතනයෙන් වල්පල් දොඩවන්නෙක් නොවේ. ඇමැතිවරුන්ට පවා ඔහුව මුණගැසී අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට ඉඩක් නැති තරම්ය. ඒ අනුව පැහැදිලි වන්නේ දේශබන්දු තෙන්නකෝන් සමග සිදුව ඇත්තේ ඉතා බරපතළ කතාබහක් බවකි.

ජනාධිපතිවරයාට ඇමතුම ගත්තේ යැයි කියන්නේ දේශබන්දුය. දෙදෙනා අතර සිදුව ඇත්තේ සතර කන්මන්ත්‍රණයක් බැවින් සැබෑවටම එම විනාඩි කිහිපය තුළ කතාබහ කෙරුණේ කුමක්දැයි දන්නේ ඔවුන් දෙදෙනා පමණි. දේශබන්දු තෙන්නකෝන්ගේ පාර්ශ්වයෙන් කියැවෙන කරුණු නිවැරදි නම් දේශබන්දු තෙන්නකෝන්ට ජනාධිපතිවරයාගෙන් යම් උපදෙසක් ලැබී ඇත්තේ අරලියගහ මැදුරේ රැස්වූ’පිරිස ගෝල්ෆේස් පිටියට ඇතුළු වීමට පෙරය.

ඒ බව වඩාත් පැහැදිලි වන්නේ රමේෂ් පතිරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කළ සැර කතාවෙනි. රමේෂ් පතිරණ ඇමැතිවරයා කියන්නේ අරලියගහ මැදුරෙන් පැමිණි පිරිස අරගලකරුවන්ට පහරදෙන බව තමාට කීවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ආශු මාරසිංහ බවය. ඒ වන විට තමා සිටියේ ජනාධිපතිවරයා සමග රැස්වීමකට සහභාගි වී බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය. එම අවස්ථාවේදී තමා ජනාධිපතිවරයාව ඒ ගැන දැනුවත් කිරීමත් සමග දේශබන්දු තෙන්නකෝන්ට දුරකතන ඇමතුමක් ගෙන ඔහුට තදින්ම දොස් නැගූ බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා කීවේය. පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වැරදි නියෝගයක් හේතුවෙන් මෙය සිදුවූ’බව දේශබන්දු තෙන්නකෝන් එහිදී ජනාධිපතිවරයාට කී බවත්ද රමේෂ් පතිරණ ඇමැතිවරයා පැවැසුවේය. එවිට ජනාධිපතිවරයා තදින්ම දොස් නගමින් දේශබන්දු තෙන්නකෝන්ට කීවේ යැයි රමේෂ් ඇමැතිවරයා සඳහන් කරනු ලැබුවේ තමා දුන් නියෝගයට අනුව කලහකාරී එම පිරිස පහරදී විසුරුවා හරින්නට යැයි කියාය. දේශබන්දු තෙන්නකෝන් පාර්ශ්වයෙන් කියන්නේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නේ එම නියෝගයත් සමග බවකි.

රමේෂ් පතිරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ඒ ප්‍රකාශය සැබෑවක් නම් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමට පාර කපා ඇත්තේ පොලිස්පතිවරයාද, මහජන ආරක්ෂක ලේකම්වරයාද නැතිනම් දේශබන්දු තෙන්නකෝන්ද යන්න ගැඹුරින් විමර්ශනයට ලක්කළ යුතුව ඇත. ඒ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා දේශබන්දු තෙන්නකෝන්ට කළ වැරදි නියෝගයක් වෙනුවට ජනාධිපතිවරයාගෙන් පැහැදිලි නිවැරදි නියෝගයක් ඔහු විසින්ම ජනාධිපතිවරයාට කතාකර ලබාගෙන තිබියදීත් ගෝල්ෆේස් අරගලකරුවන්ට ගාලුමුවදොර වටරවුම පසුකරන්නට මත්තෙන් පහරදී ඵලවා දමන්නට නිසි පියවර නොගෙන ඇති බැවිනි. රමේෂ් ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා මුලින් දුන් නියෝගය දේශබන්දු පිළිනොගෙන ඇති බවකි. එබැවින් මෙම විමර්ශනයේදී ඇත්ත නැත්ත හරිහැටි හෙළිකර ගැනීමට නම් රමේෂ් පතිරණ ඇමැතිවරයාගෙන්ද ප්‍රකාශයක් ලබාගත යුතුව ඇත. හැබැයි තවමත් එය සිදුවී ඇති බවක් නම් දක්නට නැත.

එසේම මේ කියන දුරකතන ඇමතුම් ලැබුණු සහ ඇමතුම් ලබාදුන් කාලසීමාවන් ගැන ගැඹුරින් විමර්ශනයක් කරමින් එම කාලසීමාවන් තුළ දේශබන්දු තෙන්නකෝන් රැඳී සිටියේ කුමන ප්‍රදේශයකද? අරලියගහ මන්දිරයෙන් පැමිණි පිරිස ගෝල්ෆේස් වටරවුම පසුකළේ කුමන වේලාවකදීද යන්න පිළිබඳ ඒ අවට ව්‍යාපාරික සහ ආයතනවල සවිකර ඇති ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති දර්ශන වේලාවන් සමග දුරකතන ඇමතුම් හුවමරුවූ වේලාවන් සමග සැසඳීම ඇත්ත නැත්ත විද්‍යාත්මකව මෙන්ම පර්යේෂණාත්මක සාක්ෂි මතින් අනාවරණය කරගැනීම පහසුවක් වනු ඇත. එහෙත් තාමත් එවැන්නකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත තබා ඇති බවක් නම් පෙනෙන්නට නැත. හැබැයි දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරි මෙන්ම පෞද්ගලික ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇත්තේ වෝහාරික පරීක්ෂාවක් සඳහාය. ඒත් එක්කම ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කළේ නම් විමර්ශනවල ප්‍රගමනයට ඉවහල්වනු ඇති බව පැහැදිලිය. අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි මයිනා ගෝ හෝම් ගම්මානයට පහරදී පැමිණි කණ්ඩායම සමග දේශබන්දු තෙන්නකෝන් ගාලුමුවදොරට ප්‍රවේශ වෙමින් එවකට සිටි රාජ්‍ය ආමත්‍ය සනත් නිශාන්ත සමග දේශබන්දු තෙන්නකෝන් කතාබහ කරමින් ඉදිරියට ඇදුණේ ජනාධිපතිවරයාගේ නියෝගයෙන් කොපමණ වේලාවකට පසුද පෙරද යන්න පවා පැහැදිලිව එහිදී අනාවරණය වනු ඇත.

එසේම එදා ගාලුමුවදොර ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකතන සහ දේශබන්දු තෙන්නකෝන්ගේ දුරකතන විශ්ලේෂණය කිරීමක්ද මෙහිදී සිදුවුවහොත් ජල ප්‍රහාරක රථ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා විටෙන් විට දේශබන්දු තෙන්නකෝන්ට හෝ වෙනත් උසස් නිලධාරියකුට දුරකතන ඇමතුම් එක දිගට දෙමින් කුමක් කළේදැයි පැහැදිලිවම දැනගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි. ඒ අවස්ථා තවමත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඟහරිමිනි. ඒවාට අත තියන්නට පෙර එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුටුවෙන් විසිවී තියෙන්නට ඇති ඉඩකඩද බොහෝය. ඒ ඔහුව එම පුටුවෙන් ඉවත්කර පත්කිරීමට නිලධාරියෙක් මේ වන විට සොයමින් සිටින බැවිනි. හැබැයි ඒ දේවල් සිදුවන්නේ පොලිස්පතිවරයාගේ වපසරියෙන් පිට වෙනත් බලවේගයක බලපෑමෙන් බව පොලීසියේ මේ වන විට ප්‍රසිද්ධ රහසක් වී හමාරය.

අධිකරණයේදී සහ පාර්ලිමේන්තුවේදී දිගහැරුණු කතාබහට අනුව ජනාධිපතිවරයාට මැයි 09 වැනිදා කතාකරන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. හරියටම ඒ කතා කළේ කීයට දැයි පැහැදිලි නැත. නමුත් කියැවෙන ආකාරයට නම් විනාඩි 10ක් 11ක් තිස්සේ ජනාධිපතිවරයාට ඔහු කියා ඇතැයි පැවසෙන්නේ පොලිස්පති සහ මහජන ආරකෂක ලේකම්වරයා විසින් අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිස් වෙත ගෝල්ෆේස් දක්වා නිදහසේ පැමිණීමට ඉඩ දෙන ලෙස තමාට දැනුම් දුන් බවකි. එවිට ජනාධිපතිවරයා කියා ඇතැයි කියන්නේ එම පිරිසට පැමිණීමට ඉඩ නොදෙන ලෙසයි. දේශබන්දු ජනාධිපතිවරයාට කියන්නේ පොලිස්පති සහ මහජන ආරක්ෂක ලේකම්වරයා ගැනය. අරලියගහ මන්දිරයෙන් පැමිණි පිරිස එළවා නොදමන්නැයි කීවා යැයි කී පොලිස්පතිට හෝ මහජන ආරක්ෂක ලේකම්වරයාට අඩුම තරමින් එම අවස්ථාවේදී ජනාධිපතිවරයා එක දුරකතන ඇමතුමක්වත් ගෙන ඇති බවක් මෙතෙක් කියැවෙන්නේ නැත. ඒ අයට තමා හමුවීමට එන්නට කියා තිබුණේද නැත. අඩුම තරමින් නිදහසට කාරණා ඇසුවේද නැත. හරි නම් සිදුවන්නට තිබුණේ ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනෙට කතාකර හොඳවායින් දෙකක් කීමය. අදටත් ඒ දේ සිදුවී ඇති බවක් නම් ඇසෙන්නේ නැත. දින කිහිපයකට පසු ජනාධිපති මන්දිරයට පොලිස්පතිවරයාව කැඳවා තිබුණේ මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තබන විට පොලීසිය බලා සිටියේ ඇයි දැයි මැති ඇමැතිවරු අසන ප්‍රශ්නවලට පිළිතුරු පොලිස්පතිවරයාගෙන් ලබාගන්නට පමණි.

ඒ අනුව පැහැදිලි වන්නේ මෙතෙක් හෙළි නොවූ’මේ සිදුවීම් මාලාව මැයි 09 වැනිදා සිදුව ඇති බවකි. ඒ බව පැහැදිලි වන්නේ පොලිස්පතිවරයා 08 වැනිදා පැහැදිලිවම දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක පියවර ගන්නැයි බුද්ධි වාර්තාවක් සමග ලබාදුන් උපදෙස් අනුව ගාලුපාර ඇමෙරිකානු මධ්‍යස්ථානය අසලින් වැසීමට අඩුම තරමින් එක බැරියරයක්වත් සූදානම්කර නොතිබීමෙනි. එදා කාටහෝ මේ පහරදීම වළක්වා ගැනීමට පැහැදිලි වුවමනාවක් තිබුණේ නම් ගාලුපාර වසා දමන්නේ එතැනින්ය. එසේ නොමැතිව ගාලුමුවදොරට පිරිසක් ඇතුළුවීමෙන් පසු මහා පාරේ පොලිස් නිලධාරීන් අත් අල්ලාගෙන එම පිරිසට එන්නට නොදීමට බොළඳ ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිවෙකුත් පොලීසිය මෙහෙයවන්නේ නැත. ඒ තුළින් පෙනෙන්නේ ජනාධිපතිවරයා පැහැදිලිවම එම පිරිස විසුරුවා හැරීමට පැහැදිලි නියෝගයක් ලබාදී තිබුණේ නම් එම නියෝගයට පිටින් යාමකි.
එසේම 09 වැනිදා අලුයම් කාලයේදී බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන්ගේ සූම් මීටිම කෙරෙහි අවධානය යොමු කිරීමේදීද පැහැදිලි වන්නේ අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිස් පාලනය කිරීමට පැහැදිලි උනන්දුවක් නොතිබුණි බවකි. ජනාධිපති ලේකම් කාර්යලය සහ ඒ අවට ආරක්ෂාව භාරව සිටි චම්පික සිරිවර්ධන හදිසියේම ලෙඩ වන්නේද ඒ පීඩනනය දරාගැනීමට නොහැකි නිසා විය හැකිය. මේ සිදුවීම් මාලාවේ බොහෝ දේවල් දන්නා ඔහුගෙන් අදටත් ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන නැත. එසේම අරලියගහ මන්දිරය සහ ඒ අවට ආරක්ෂාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාරගෙන්වත් ප්‍රකාශයක් සටහන්කරගෙන ඇති බවක් දැනගන්නට නැත. 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත පොලිස් ලොක්කන්ගේ පෙර හැසිරීම් ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකියාව ඇත්තේ ඒ අයගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පමණක් බව පොලිස් දෙපාර්තමේන්තුවම හොඳින් දන්නා කරුණකි.

එදා 09 වැනිදා අලුයම පැවති සූම් මීටිමේදී අරලියගහ මන්දිරය දෙසින් පැමිණෙන පිරිස් වෙත තමාගේ කිසිදු අවසරයකින් තොරව ජල බිදුවක් හෝ කඳුළු ගෑස් උණ්ඩයක් භාවිත නොකරන ලෙස පැහැදිලි නියෝගයක් දුන්නේ කවුරුන්ද ඒ ඇයි දැයි විමර්ශනයට ලක්කළ යුතුය. එම සූම් මීටිමේ සිටි නිලධාරීන් බියගන්වන්නේ පාර්ලිමේන්තු පිවිසුමේ රැඳී සිටි අරගලකරුවන් පිරිසක් විසුරුවා හැරීමට තමාගේ අවසර නොමැතිව කඳුුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට වගකිව යුතු එවකට ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොඩිතුවක්කුව තමා මාරුකර යැවූ’බවය. මේ බියගැන්වීම යමෙක් කරන්නේද පොලිස්පති හෝ මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් දේශබන්දු තෙන්නකෝන්ට අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිස් වෙත නිදහසේ ගෝල්ෆේස් අරගල භූමියට ගමන් කිරීමට ඉඩ දෙන්නැයි කියන්නට පෙරද පසුවදැයි විමර්ශනයට ලක්කළ යුතුව ඇත. පොලිස්පති, මහජන ආරක්ෂක ලේකම්, දේශබන්දු තෙන්නකෝන් මේ තිදෙනාගෙන් කාගේ හෝ රෙදි ගැළවෙන්නේ එවිටය.

ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති සී.ඩී. ද නැතති නම් වෙනත් අයෙක් දැයි දැන් පොලීසියටම ගැටලුවක් බවට පත්ව හමාරය. ඒ පොලිස්පතිට ඉහළින් සිදුවන සේවා අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් සිදුවන ස්ථාන මාරුවීම් සම්බන්ධයෙනි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිසියේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්, උසස්වීම් ආදී පරිපාලනමය සම්බන්ධයෙන් වූ’වැඩිහරියක් බලය කේන්ද්‍රගතව ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම වටාය. හැබැයි කොමිසම එම බලයෙන් කොටසක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත ගැසට්ටුවකින්ම ලබාදී ඇත්තේ පරිපාලනම කටයුතුවල පහසුව තකාය. ඒ අනුව පොලිස්පතිවරයාට යම් නිලධාරියෙක් ස්ථාන මාරුකිරීමට හෝ ස්ථානාධිපතිවරයෙක් පත්කිරීමට අවශ්‍ය වුවහොත් ලේකම් අමතා ඒ දේවල් සිදුකරනුයේ කොමිසමේ ආවරණයට යටත්වය.

බොහෝ විට ආවරණයට යටත්ව ස්ථාන මාරුවීම් සිදුවන්නේ හදිසි ඒවාය. එසේ නොමැතිව නම් සිදුවන්නේ කල්තියා කොමිසම දැනුවත් කරමින් එම ස්ථාන මාරුවීම් කොමිසමේ අනුමැතියෙන් සිදු කිරීමය. එහෙත් එසේ නොවී අමුතුම ආකාරයේ උසස්වීම් කිහිපයක් හිටිහැටියේම සිදුවන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අලුත් ලේකම්වරයා පත්වී පැය 48ක් යන්නටත් මත්තෙනි. ඒ, සේවා අවශ්‍යතා මත යැයි කියාය. ඊට අනුව අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කෙරිණි. දකුණේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද නැගෙනහිර පළාත්භාර පොලිස් ප්‍රධානියා ලෙස යැව්වේය. නැගෙනහිර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාට අපරාධ හා රථවාහන අංශය භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කළේය. හැබැයි මේ පත්කිරීම සිදුවන්නේ පොලිස්පතිවරයාගේ වුවමනාවකට නොව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වුවමනාවකට බව අනාවරණය වන්නේ අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තේදීය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් 01 වැනිදා පැවැති එම නඩු කටයුත්තේදී අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු දිගින් දිගටම පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවීමක් ලබාදෙන්නැයි නීතිපතිවරයාගෙන් කෙරුණු ඉල්ලීම ඉටු නොවීම ගැනය. එහිදී පොලිස්පතිවරයා නිදහසට කරුණු කියන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මාරුකිරීමේ බලයක් තමන්ට නොමැති බවය. ඒ බලය ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ්‍ය සේවා කොමිසමට බවය. මහජන ආරක්ෂක ලේකම්වරයාට පවා ඒ බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමෙන් එම බලය කොමිසමේ ආවරණයට යටත්ව මහජන ආරක්ෂක ලේකම්වරයාට ලබාදී ඇති නිසාය.

පොලිස්පතිවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරුවීම සිදුව ඇත්තේ තමාගේ අනුදැනුමකින් තොරව බව පෙනී යයි.
පොලීසියේ අභ්‍යන්තරයේ ඇති කතාබහට අනුව දැන් ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයෙක් නැති බවට චෝදනා එල්ල වී තිබේ. දැන් පොලිස්පතිගේ වැඩ කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. අනාගතයේ පොලිස්පතිවරයෙක් වීමට සිහින දකින එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා දැන් රඟන්නේ නිල නොලත් පොලිස්පති භූමිකාවය.

අජිත් රෝහණ, රජිත ශ්‍රී දමින්ද සහ කමල් සිල්වාගේ ස්ථාන මාරුවීම් සැලසුම් කෙරන්නේද මොහුගේ ප්‍රධානත්වයෙන් බව පොලීසියේ දැන් ප්‍රසිද්ධ රහසකි. සේවා අවශ්‍යතාවන්ට අනුව යම් ස්ථාන මාරුවීමක් සිදුවන්නේ නම් පොලීසියේ ප්‍රධානියා වන පොලිස්පතිවරයා ඒ ගැන දැනගත යුතුය. ස්ථාන මාරුවීමක් කිරීමට සේවා අවශ්‍යතාවක් ඇති වන්නේ නම් එය ඇතිවන්නේ පොලිස්පතිවරයාටය. එහෙත් මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාගේ ස්ථාන මාරුවීම හුදෙක්ම සිදුවී ඇතැයි පෙනී යන්නේ පොලිස්පතිවරයාගේ අවශ්‍යතාවයෙන් බැහැරව වෙනත් පුද්ගල අවශ්‍යතාවක් මතය.

මේ ගැන රාජ්‍ය සේවා කොමිසම විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවමින් නියෝගයක් පවා නිකුත්කර ඇත්තේ ඒ නිසාය. රාජ්‍ය සේවා කොමිසම පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය බලය අයුතු ලෙස භාවිත කර ඇති බවක් පෙනී යන බවකි. අඩුම තරමින් ඉකුත් 31 වැනිදා රාජ්‍ය සේවා කොමිසම රැස්වන විට එම ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් අනුමැතියට අවශ්‍ය ලේඛනයක්වත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉදිරිපත් වී නැත. පොලීසියේ නම් මේකට කියන්නේ කොළේ වසා ගැසීමක් කර ඇති බවකි. ඒ අනුව මෙම ස්ථාන මාරුවීම් ඉදිරියේදී අවලංගු වන්නටත් බැරිකමක් නැත.

පොලීසියේ අභ්‍යන්තරයේ මේ ගැන කියැවෙන කතාබහට අනුව මෙම ස්ථාන මාරුවීම සිදුව ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මුළුමනින්ම ඉලක්කරගෙනය. ඒ අජිත් රෝහණව කොළඹින් ඈතකට වීසිකිරීම සඳහාය.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වයස 60 පැන එළැඹෙන මාර්තුවේ පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියහොත් හෝ පවතින තත්ත්වය හමුවේ අනිවාර්ය නිවාඩු යැවීමකට හෝ හදිසියේම ඉල්ලා අස්වීමක් සිදුවුවහොත් ඊළඟ පොලිස්පති වන්නට මාන බලන නිලධාරියාට මේ වන විට ඇති එකම අභියෝගය වී ඇත්තේ අජිත් රෝහණය. ඊට හේතුව අජිත් රෝහණ පොලිස්පති වීම දැකීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ සුළු නිලධාරීන් සියලු දෙනාගේම වගේම ඉහළ නිලධාරීන් සියයට 90කගේ අපේක්ෂාව වන බැවිනි. අජිත් රෝහණව පේන්නට බැරි ඉහළ පොලිස් නිලධාරීන් අතළොස්ස සිටින්නේ ඊළඟ පොලිස්පතිකමට මාන බලන නිලධාරියා සමග බව පොලීසිය අභ්‍යන්තරයේ කතාබහ වන කරුණකි.

මෙම මෙහෙයුමේ අලුත්ම ගොදුර වෙමින් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරය. මේ වන විටත් ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සකස්කර හමාරය. නිල නොලත් පොලිස්පතිවරයා මේ වන විටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනකුටම කතාකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය භාරදෙන්නට කැමැත්තද විමසා අවසන්ය. පුදුමය කියන්නේ ඒ කිසිදු නිලධාරියෙක් ඒ පුටුව භාරගැනීමට ඉදිරිපත් නොවීමය.

මේ නිලධාරියා පොලීසියේ සිටින ගේම්කාරයන් අතර සිටින්නේ ඉදිරියෙන්ම බව පොලීසියේ ප්‍රසිද්ධය. ඉලංගකෝන් පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යන විට පොලිස්පති ධුරයට තරගයක් තිබුණේ පූජිත් සහ එස්.එම්. වික්‍රමසිංහ අතරය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ ප්‍රධානියා වූයේ එස්.එම්.ය. පූජිත්ගේ හිතවත්කම පැවතියේ රනිල් සමගිනි. මෛත්‍රී ජනාධිපතිවරයා වූ විටත් එස්.එම්. ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියාය. මෛත්‍රී සහ එස්.එම්. අතර තිබුණේ සමීප හිතවත්කමකි. ඒ දෙන්නාම පොළොන්නරුවේ වීමත් එස්.එම්. පොලීසියට ආවේ මෛත්‍රීගේ ආශීර්වාදයෙන් නිසාත්ය. ඒ නිසා කොයි කවුරුත් සිතුවේ ඊළඟ පොලිස්පති එස්.එම්. බවය. හැබැයි රනිල් අගමැතිවරයාව සිටි බැවින් සහ පූජිත් ජනතාව අතර සිටි ජනප්‍රිය චරිතයක් වූ’බැවින් පොලිස්පති සටනින් ජය ගන්නේ පූජිත්ය. හැබැයි දැන් නිල නොලත් පොලිස්පතිවරයා නම් පොලිස්පති කරන්නට වලිකෑවේ එස්.එම්.වය. එස්.එම්.ගේ රාමුකළ ඡායාරූපයක් එදා කරපින්නාගෙන පත්තර කන්තෝරුවක් කන්තෝරුවක් ගානේ ඇවිදිමින් එස්.එම්. ගැන පිටු පුරා විශේෂාංග ලියවාගන්නට වූයේද මෙකී නිලධාරියාය.

හැබැයි පූජිත් පොලිස්පති වීමත් සමග ඔහු එස්.එම්.ට එරෙහිව කටයුතු කරන්නට වූයේ ඉතා පහත් අයුරිනි. ඒ පූජිත්ට විශ්වාසවන්තයෙක් ලෙස කිට්ටු වෙමිනි. අවසානයේදී පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරියේ යැයි කියා පූජිත්ට හිරේ යන්නට පාර කැපුවේ ද මේ නිලධාරියාය.

ඒ විතරක් නොව, මෛත්‍රී ජනාධිපතිවරයාව සිටියදී මෛත්‍රීට සිටි විශ්වාසවන්තම පොලිස් නිලධාරීන් අතර ද මෙකී නිලධාරියා සිටියේය. පාස්තු ප්‍රහාරයේ චෝදනා එල්ලවෙමින් ස්ථාන මාරුවීම් සහ විනය ක්‍රියා ගැනීමට සිටි පොලිස් නිලධාරීන් අතර මෙකී නිලධාරියා සිටි බැවින් බලවත් දේශපාලනඥයෙක් එදා පොලිස් කොමිසමට කතාකර ඒ සියල්ලක්ම අත්හිටුවන්නට මුල් වූයේද මෙකී නිලධාරියා නිසාය.

ආණ්ඩු මාරුවෙන් පසුව ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ඉතා කුලුපගම පොලිස් නිලධාරියා වූයේද ඔහුය. මෛත්‍රීගේ ආණ්ඩුව කාලේ ඔහු මහින්ද ආණ්ඩුවෙන් දේශපාලන පලිගැනීම්වලට ලක්වූ’බව කියමින් තමාගේ ජ්‍යෙෂ්ඨත්වය ඉහළ දමා ගැනීමටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ එජාප ආණ්ඩුව සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ’බව කියමින් උසස්වීම හදාගන්නට උත්සහ ගත්තේ අමුතුම න්‍යායකට අනුව යමිනි. මහින්ද ආණ්ඩුව සමයේ එජාපයෙන් දේශපාලන පලිගැනීම්වලට ඔහු ලක්වූ’බව කියන්නට වූයේ ගාල්ලේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආනුභාවයෙන් එජාප ආණ්ඩුව පැවති සමයේ ඔහු රජ සැලකිලි ලබා තිබියදීය. එදා වගේම අදත් ගාල්ලේ දේශපාලනඥයාට මෙකී නිල නොලත් පොලිස්පතිවරයාගෙන් රඹුටන් වාරයට රඹුටන් කූඩයක් දෙකක් වරදින්නේ නැත. ඒ බව මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා ප්‍රසිද්ධ රහසකි.
දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේද සිය බල පරාක්‍රමය විහිදුවා සිටින ඔහුට මෛත්‍රීපාල සිරිසේන කියා ජනාධිපතිවරයෙක් සිටි බවක් හෝ මෛත්‍රීපාල කියා ජනාධිපතිවරයෙක් තමාට උදව් කළ බවක් කියන්නේ නැත. පසුගිය දිනවල ඔහු සූදානමින් සිටියේ මෛත්‍රීපාලට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙක් වන්නටය. රනිල් දැන් අගමැති වීමත් සමග ඔහු රනිල්ටද හේත්තු වන්නට ගියේ අනාගත පැවැත්ම තවදුරටත් තහවුරුකර ගැනීමටය. රනිල්ගෙන් ඊට ඉඩක් නැතත් ගාල්ලේ දේශපාලනඥයා නම් ඔහුව හොඳටම මේ දිනවල සුරතල් කරමින් සිටින්නේ නිල නොලත් පොලිස්පති ධුරයේ සිට නිලලත් පොලිස්පති ධුරය ඔහුට හිමිකර දීමටය. ඒ විතරක් නොව, පොලිස්පති සී.ඩී. ද ඔළුව උඩ තියාගෙන සිටියේ මෙකී නිලධාරියාවය. දැන් පොලීසිය ඇතුළේ ඇති ලොකුම කතාබහ වන්නේ සී.ඩී.ව දංගෙඩියට දක්කන්නේ ඔහුම කියනා එකය.

විජය රණබාහු

SendShareShare
Previous Post

ජාත්‍යන්තර සුපර් මෑන්ලා ඉන්න ආණ්ඩුව ලංකාවට එන්න ඉතුරු වෙලා හිටපු රුසියන් සංචාරකයෝ ටිකත් නැති කර ගත්තා! (VIDEO)

Next Post

සේයා සහ අනීෂා වෙනුවෙන් පොලීසිය සහ මාධ්‍ය ආයෙත් වරද්දගනීද?

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.