• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
in Heart
Reading Time: 10 mins read
A A
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Share on WhatsAppShare on Facebook

නළු හීන බලාපොරොත්තු මා තුළ තිබුණේ නැහැ…
ගාමිණී ෆොන්සේකාට කවදා හරි කතා කරනවා කියලා හිතුවා…
මම පාන්දර පහට කෝල් එකක් ගත්තා…
කවමදාවත් ඔහුව සජීවීව දකින්න ලැබුණෙ නැහැ…
හොඳම නළුවට සම්මානය ගද්දි තාත්තා බොහොම ආඩම්බරෙන් බලන් හිටියා…

මේ හරිබරි ගැහෙන්නට සූදානම් වන්නේ, විශ්වජිත් ගුණසේකර සමග කතාබහකටය. ආරම්භය ගන්නේ කොතැනින්ද.., පෑන ඇඟිලි අතර රුවාගෙන මොහොතකට සිතිවිලි අතර රැඳුනෙමි. එක අතකට විශ්වජිත් ගුණසේකර ගැන ආරම්භක කතා මොන එකකටදැයි පසුව සිතුණේය.., එහෙම කියන්නේ ඇයි..? කවුරුන් හෝ ඇසුවහොත් මෙහෙම කියමි. විශ්වජිත් ගැන ‘අ’ යනු ‘ආ’ යනු ලියන්නට වුවමනා නැත.., ටෙලි තිරයට… ටෙලිනාට්‍ය කලාවට ප්‍රිය කරන සුවහසක් වූ ප්‍රේක්‍ෂකයන් ඔහු ගැන හොඳින්ම දන්නේය. එකිනෙකට පරස්පර වූ ‘සංකීර්ණ’ චරිත කිහිපයක් හරහා ඔහු පැමිණි ගමන අතිශයින්ම සාර්ථකය.., ඒ සාර්ථකත්වයට හේතු වූයේ ඔහුගේ ‘ඇඟෙන්ම ආ නළු කමය..,’ තවත් විදියකට කියනවා නම්, විශ්වජිත් පට්ට නළුවෙකි, ‘මව්රට’ ‘හදවත’ට කතා කරන්නට ආ ඒ ‘පට්ට නළුවාගේ පැටිකිරිය’ මෙසේ දිගහරිමු.

හිතන විදියට නම් මේ දවස්වල ඔබ රඟන්නේ ‘පීතෘ’ ටෙලිය වෙනුවෙන්..?
‘පීතෘ’ ටෙලිය වෙනුවෙන් නම් රඟලා අවසානයි. රූගත කිරීම් ඉවර වෙලා පොඩි සතුට නිමිත්තෙන් පොඩි පාටියකුත් දැම්මා කට්ටිය.

ඒ කියන්නේ වස්දොස් නිවාරණයි… සියලු කටයුතු සාර්ථකයි එහෙම නේ..?
ඔව්… මං හිතන්නේ එහෙමයි… හැමදේම සුබවාදීව සිද්ධ වුණා… සියල්ලන්ම සතුටින් විසිර ගියා කිව්වොත් හරි.

‘පීතෘ’ අවසානයේ විසිර ගිහින් ඔබ නැවැත සේන්දු වුණේ කොතැනද..?
අලුත් ටෙලි කිහිපයකටම සම්බන්ධ වීමට නියමිතයි. ඒ අතර ‘සුසුම් රස්තියාදුව’ ටෙලියෙ රූගත කිරීම් සිදුවෙනවා.

‘පීතෘ’ අවසානයේ පැවැති සමුගැනීමේ සාදයේදී ප්‍රවීණ නිර්මාණකරු ආනන්ද අබේනායක, ඔහුගේ ඊළඟ ටෙලි නිර්මාණය සඳහාත් ඔබට ඇරැයුම් කළාද..?
එහෙම දෙයක් සිදුවුණේ නැහැ. එතැන තිබුණේ සුහද කතාබහ සහ ආගිය තොරතුරු පමණයි. දන්නැද්ද පොඩි සෙට්වීමක්…

ඔබේ ‘නළුකම’ හරියටම හඳුනාගත් තැනැත්තා, ආනන්ද අබේනායකයි..?
ඔව්… ඔහු මා තුළින් ගත් දේ වාගෙම ඔහුගෙන් මා ඉගෙනගත් දේ තුළද ඇත්තේ මිල කරන්නට බැරි වටිනාකමක්.

ඒ හඳුනා ගැනීමට මුල් වුණේ වාහනයක අසුන්ගෙන සිටි ඔබට ඔහු දැමූ ‘තට්ටුවක’ ආරම්භයක්..?
හරියට හරි… ඒ තට්ටුව මේ තරම් දුරක් ඒවි යැයි මම වාගෙම ඔහුත් හිතුවා වෙන්න පූළුවන්.

ඒ අතීත කතාව පොඩ්ඩක් මතක් කරමුද..?
ආනන්ද අබේනායක මහත්තයා දැමූ තට්ටුවට කලින් කියන්න තව කතාවක් තියෙනවා. අපි ඒ කතාවටත් ටිකක් එබිල බලමු…

ඔය කියන්නේ නාලන් මෙන්ඩිස් නම් ප්‍රවීණ නාට්‍යකරු සමග ඔබ ඇතිකර ගත් ආරවුල මම හිතන්නේ..?
අන්න වැරැදි වැටහීමක්. එතැන ආරවුලක් ඇතිවුණේ නැහැ. එය යම් සිදුවීමක් පමණයි. අමනාපකම් හෝ ඝට්ටන එතැන සිදුවුණේ නැහැ.

පැහැදිලි කළා නම් ඒ සිදුවීම ඔබම..?
මෙහෙමයි වුණේ. නළුවෙක් වෙන හීන හෝ යම් බලාපොරොත්තු මා තුළ තිබුණේ නැහැ. හැබැයි මට නිතර චිත්‍රපට බලන්න… රූපවාහිනිය ඉදිරිපිට ඉඳගෙන රඟපාන නළු නිළියන්ගේ රංගන හැකියාවන් ගැන විමසිලිමත් වන්න පුරුදු වෙලා හිටියා. ඒ සමහර තැන්වලදී ‘අයියෝ… මේ සීන් එක මීට වඩා තව හොඳට කරන්න තිබුණා නේදැ..’යි යන විවේචනයන්ද මම ඒ ඒ අවස්ථාවන්වලදී ඉදිරිපත් කරනවා… එතකොට අපේ තාත්තා මට කියනවා ‘ඔයා ගිහින් කරල පෙන්නන්නකෝ ඉතින් ඔය තරම් දන්නව නම්…’ කියලත් මට පොඩි සරදමක් කරනවා. ඔය ඉන්න අතරතුර මම ගුරු පුහුණු ටෙලි පාඨමාලාවකට සහභාගි වෙනවා.

අතුරු ප්‍රශ්නයක්.., නළුවෙක් වීමේ හීන නැති ඔබ ගුරු පුහුණු ටෙලි පාඨමාලාවකට යන්නේ ඇයි..?
ඒකට උත්තරය නම් අදටත් දන්නෙ නැහැ… හැබැයි ඒ පාඨමාලාව අතරතුරදී පොඩි පොඩි ‘පර්ෆෝම්ස්’ කරන කොට මගේ හිතට යම් විශ්වාසයක් දැනුණා මට යමක් කරන්න පුළුවන් නේදැයි’ කියලා.

ඒ කියන්නේ නළුකම ඔබ තුළ තියෙන බව ඔබට හැඟුණා..?
එහෙමයි මං හිතන්නේ. ඉතින් ඔන්න ඒ ට්‍රේනින් එකෙන් පස්සෙ, යමක් කරන්න ඕනෑය කියලා හිතන කොට තමයි සෝමලතා සුබසිංහ මිස්ගේ නාට්‍ය වැඩමුළුවකට කට්ටියව තෝරන කතාවක් ආරංචි වුණේ. මමත් ඒකට සහභාගි වුණා. තෝරාගත්ත සියදෙනාට මාවත් තේරුණා. හැබැයි ඉතින් එතුමියගේ නිර්මාණ හරහා මට හරි යමක් කරන්න බැරි වුණා. මට දැනුණා මට හරියකට දෙබසක්වත් කියාගන්න බැරි නළුවෙක්ය කියලා.

ඔබේ මොරාල් එක බින්දුවටම වැටුණා..?
අපොයි නැහැ… මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි… හැබැයි මට දැනුණා… මේ ෆීල්ඩ් එකේ පය ගහලා ඉන්න නම් ලොකු කැපකිරීම්… වෙහෙසවීම් වාගේ දේවල් කරන්න ඕනෑ කියලා. ඒ හැඟීමත් පැත්තකින් තියාගෙන පොඩි පොඩියට යම් නිර්මාණවලට සම්බන්ධ වුණා. ටික ටික යම් අත්දැකීම් ලැබුණා. වේදිකා නාට්‍යයකට රාජ්‍ය සම්මානත් ලැබුණා.

දැන් ඉතින් ඔබ නළුවෙක් විදියට ‘ෆිට්’ කියන සිතුවිල්ල හිතට ගත්තා..?
අපොයි නැහැ… තවම නැහැ… ඔන්න ඔය අතරවාරේ නාලන් මෙන්ඩිස් මහත්තයා මට කතා කළා එයාගේ අලුත්ම ටෙලියේ ප්‍රධාන චරිතයකට.

ඔබේ හිතට යම් ආකාරයට ආඩම්බරයක් දැනුණා..?
ආඩම්බරයක් නෙවේ සතුටක් දැනුණා. ටෙලිනාට්‍ය කලාවේ ඔහුට තිබුණු ප්‍රතිරූපය මත තමයි ඒ සතුට දැනෙන්න ඇත්තේ. ටෙලිය ‘පාරාදීසය’. මම දැන් සෙට් එකට ඇවිදින් පළමු රූගත කිරීමට සූදානම්ව ඉන්නවා. හැබැයි මට මහ නුහුරක් දැනුණා. වේදිකාව සහ ටෙලි කලාව හරි වෙනස් නේද කියලා හිතුණා.., ටෙලිනාට්‍ය රඟපෑම ගැන අත්දැකීමකුත් නැති නිසා මම නාලන් මෙන්ඩිස් මහත්තයට කෙළින්ම ගිහින් කිව්වා… මේ චරිතයෙන් මම අයින් වෙනවා කියලා…

හැබැයි ඔබ ඔහුට කියලා තිබුණා… ‘මේ නාට්‍යයේ වෙන මොනවා හරි යමක් මට දෙන්නැයි කියලා..?
ඔව්… මම එහෙම කිව්වා… මට දැනුණේ ප්‍රධාන චරිතයෙන් අයින් වෙන්න මිසක ටෙලි කලාවෙන් එදාම අයින් වෙන්න ඕනෑ කියන හැඟීම නෙවෙයි. ඒ වාගේම තත්පර ගණනක පොඩි කොටසක් ඔහු මට දුන්නා. දැන් ඉතින් ගෙදර ගිහිල්ලත් හිතනවා… ඇයි මෙහෙම වුණේ… මේක මහ ලොකු කාරණයකුත් නෙවෙයි… මෙහෙම නෙවෙයි වෙන්න තිබුණේ කිය කියා දිගින් දිගටම හිතනවා.

ඒ කියන්නේ ‘සෙට්’ එකේදි වෙච්චි සිදුවීම ඔබට තදින් වැදුණා..?
වැදිල්ලක් නෙවෙයි තිබුණේ.., එතැන වුණේ පටන් ගත්ත දේ දාලා යන්න බැරිකමයි. නළුවෙක් වෙන්න හීන දැක්කෙ නැතුවට කලාවට මම එතකොටත් පය තියලා අවසානයි. ඒ තිබ්බ පය අරගෙන යන්න ඔනේ වුණේ නෑ.

දැන් ඔන්න අපි අබේනායක මහත්තයා ඔබට දැම්ම තට්ටුවෙ සීන් එකට එනවා..?
ඉන්නකෝ එතැනට යනකල්.., ඔන්න ඉතින් මම ආයෙම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා… සෝමලතා මිස්ගේ බෑණනුවන්ගේ ‘වලස් පවුල’ වේදිකා නාට්‍යයේ දර්ශන පෙළට සහභාගි වෙනවා. දවසක්… එදාට නියමිත දර්ශනය පෙන්නලා… පිටත් වෙන්න ආසන්න වෙලාවේ මම වාහනයට නැඟලා ඉන්නවා… ෂටර් එකට කවුද තට්ටු කරනවා ඇහිලා හැරිලා බැලුවා. පුරුදු මූණක් කියන මතකය එදා තිබුණෙ නැහැ… ‘විශ්ව… මම ආනන්ද අබේනායක… ටිකක් කතා කරමුද…’ කියලා ඇහුවා. එදා නම් ලොකු කතාබහකට මැදි වුණේ නැහැ. මම කොහොමත් වැඩිපුර කතාබහ කරන කෙනෙක් නෙවෙයිනේ. දැනඅඳුනගෙන සුහද වුණා. ඉන්පස්සේ 2007දී ‘ජීවිතයට ඉඩ දෙන්න’ ටෙලියට ආරාධනා කළා.

එතැනින් පසු ඔබ ‘මහා නළුවකු’ ලෙස අති සාර්ථක ගමනක නියැළුණා..?
නළුකමේ ප්‍රමාණය නම් දන්නෙ නැහැ. හැබැයි ‘ජීවිතයට ඉඩ දෙන්න’ ටෙලියෙ දුෂ්ටයගේ චරිතයට හිතපු නැති විදියේ සතුටුදායක ප්‍රතිචාර ලැබුණා.

ආනන්ද අබේනායක නම් ප්‍රවීණ නිර්මාණකරු ඔබට දුන් ප්‍රතිචාරය..?
ආනන්ද අබේනායක කියන්නේ උඩ පැනලා, කෑගහලා… ‘වෙල්ඩන්’ කියලා සතුටු වෙන කෙනෙක් නෙවෙයි. පළමු රූගත කිරීම් අතරතුර ඔහු මට මෙහෙම කිවුවා. විශ්ව, මගේ නිර්මාණවලදී මට වුවමනා සීන් එක මගේ හිතට ‘ඕකේ’ වෙනතුරුම සියපාරක් හරි ආයෙ ආයෙ කරවනවා… ‘චාන්දනී සෙනෙවිරත්නට’ වුණත් ඒ ටික එහෙමමයි… ඔයාටත් ඔයාගේ සීන්වලදී එහෙම හුරුවෙන්න වේවි…’

ඔබ එය ඉතසිතින්ම පිළිගත්තා..?
ඔව්… කැමැත්තක් තිබුණේ නැහැ ඔහු වැනි නිර්මාණශීලී කලාකරුවකුව අතහැර ගන්න.

ඒ ප්‍රවීණ නිර්මාණකරුවාද ඔබව අතෑරියේ නැහැ… තවමත් අත්හරින සූදානමකුත් නැහැ..?
එහෙම වෙන්න ඇති.., ඔහු කළ නිෂ්පාදනයක් වූ ‘රළ බිඳෙන තැන්’ සිට වගේම ඔහුගේ අධ්‍යක්‍ෂණ මෙහෙවර තුළ ආ ගමනෙහි ‘පීතෘ’ දක්වාම මම තවමත් ඉන්නවා.
කොහොමත් හිතවත්කම් හරහාද ආනන්ද අබේනායක මහත්තයා සහ මම නිතර කතාබහ කරනවා.

හිතපු නැති විදියට ‘තට්ටුව’ බොහෝ දුරගියා..?
ඔව්… බොහෝ නිර්මාණශීලී දුරක් හරියටම කල්වේලා බලලා දුන් තට්ටුවක්.

ආනන්ද අබේනායක කළ හැම නිර්මාණයකම ඔබට අනිවාර්ය චරිතයක් තිබුණා..?
අනිවාර්ය කියන වචනය එතැනට හරියන්නෙ නැහැ. මට හරියන යමක් තිබුණොත් විතරයි ඔහු මට ආරාධනා කරන්නේ. මම නැති නිර්මාණද කිහිපයක්ම ඔහු කළා.

‘අසාර්ථක යැයි’ ඔබ ගැන තීන්දුවක් ගත් ඔබම පළමු ප්‍රධාන චරිතය වෙනුවෙන් සම්මාන 4ක් ගත්තා..?
ඔව්… ‘රළ බිඳෙන තැන’ වෙනුවෙන් මම සම්මාන හතරකට හිමිකම් කීවා. හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ විශේෂ දක්‍ෂතා ඇගැයීම යන නාම විශේෂණ තුළ රයිගම්, සුමති සහ ඕ.අයි.සී. සම්මාන දෝතින් ගත්තා.

මේ හැටි සාර්ථක දුරක් ඔබ ඒවි යැයි සිතුණේ නැහැ නේද..?
මා තුළ යමක් තියෙන බව මම දැන උන්නා… ඒ නිසා තමයි එදා නාලන් මෙන්ඩිස් මහත්තයගේ ටෙලියේ සිදුවීම තුළ නොසැලී හිටියේ. හැබැයි එකක් තියෙනවා… මම මේ හැටි සාර්ථක වුණාද කියල හිතනවට වඩා මගේ අභ්‍යන්තරය තුළට මම හැරිලා බලනවා. තව මොනවද මම කරන්න ඕනෑ… කොතැනද මම හරියට නොකළේ කියන කාරණා ගැන මම ම සමීක්‍ෂණයක යෙදෙනවා. නත්තල වෙනුවෙන් නාට්‍යයක් කරන වෙලාවක මට සිරිල් වික්‍රමගේ කියන ප්‍රවීණ රංගන ශිල්පියාව මුණගැහුණු වෙලාවක ඔහු මට කියනවා.

‘විශ්ව මම විවිධ මිනිසුන්ව ආශ්‍රය කරනවා… උස්, පහත් යන හැම තරාතිරමකම කට්ටිය එතැන ඉන්නවා. එයාලා අඳින විදිය… යන එන විදිය… කතාබහ කරන ආට් එක වගේම එයාලගේ ලයිෆ් ස්ටයිල් එකත් මම හරි සියුම්ව අධ්‍යයනය කරනවා. අන්න එතැන තමයි එදා ඉඳන්ම මගේ රංගන පාසල තිබුණේ. ‘ඇකඩමියක්’ හරහා ඉගෙන ගන්න දේට වඩා යමක් නළුවෙකුට, නිළියකට ඒ අධ්‍යයනය හරහා ලබාගන්න පුළුවන්…’ ඔහු දුන් ඒ අවවාදය උපදෙස තුළ මම බොහෝ දේ ඉගෙනගත්තා. ඔවුන් වැනි ප්‍රවීණයන් සමග කාලය ගෙවනවා කියන්නෙත් ‘වර්ක් ෂොප්’ එකකට යනවා වගේ වටිනා දෙයක්.

‘ඔයා ගිහින් රඟපාලා පෙන්නන්න’ කියා ඔබට සරදම් කළ තාත්තා දැන් මොනවද පුතා ගැන කියන්නෙ..?
‘චෙස්’ ටෙලිනාට්‍යයට හොඳම නළුවට සම්මානය අරගන්න කොට තාත්තා බොහොම ආඩම්බරයෙන් බලා හිටියා.., කියාගන්න බැරි හැඟීම් හුඟාක් තාත්තගේ මුහුණේ ලියැවිලා තිබුණා මම සම්මානය අතැතිව ගිහින් ඔහු ඉස්සරහා හිටගත්තම… මගේ තාත්තා රංගන කලාවට බොහොම ප්‍රියකළ කෙනෙක්.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සමග ඔබේ තිබූ මිතුරුකම ගැන විමසා නොසිටීම මදිකමක් මෙතැනදි..?
ගාමිණී ෆොන්සේකා මහත්තයා කියන්නේ මම ප්‍රිය කළ බොහොම සුන්දර චරිතයක්. මම ඔහුට ප්‍රිය කළේ ඔහු සිනමා සක්විති නිසා නෙවෙයි. ඔහුගේ ලයිෆ් ස්ටයිල් එකට. හැසිරීමට සහ පෙනුමට මම ඇලුම් කළා. ඔහු හරිම සංවේදී කියන හැඟීම මා තුළ තිබුණා. ජා-ඇළ ගෙදර ෆෝන් නම්බර් එක හොයාගෙන මම ඔහුට දිගින්දිගටම කතා කළා ‘නෝ ආන්සර්’ මට තිබුණේ ඔහුව හමුවීමේ ආසාවට වඩා ඔහු සමග කතාකිරීමේ ආසාවක්. ඉස්කෝලේ යන දවස්වල ඉඳන්ම මම ඔහුගේ චිත්‍රපට බලන්න එහෙම ලොකු උනන්දුවක් දැක්වූවා.

දවසක් ගාමිණී ෆොන්සේකා ගැන ලියැවුණු පොතක තිබුණා.., ‘ගාමිණී හිමිදිරි පාන්දර නැඟිටීමට ප්‍රිය කරන මිනිසෙකි…’ කියලා… පොයින්ට් එක එතැන තමා කියලා හිතලා මම ‘පාන්දර පහට’ කෝල් එකක් ගත්තා… මෙන්න ඇහෙනවා ඔහුගේ ගාම්භීර හඬ… ‘හලෝ’ කියද්දීම මගේ හිතට හරි උද්දාමයක් දැනුණා. ‘කවුද මේ..,’ කියලා ඔහු අහන කොට මම මං ගැන කියාගෙන කියාගෙන ගියා… අන්තිමට මම කිව්වා, ‘ගාමිණී ෆොන්සේකාට කවදා හරි කතා කරනවා කියලා මම හිතලමයි තිබුණේ’ කියලා. ‘අහංකාර ලොකු කතාය කියන්නේ…’ කියලා ඔහු ගැන තිබුණු ආරංචි මොනවද කියලා මට හිතුණා ගාමිණී ෆොන්සේකා මහත්තයා මා එක්ක කතාබහේ යෙදෙන කොට.

යාළුකම දිගටම තිබුණා ඔහු සමග..?
ඔව්… මම කතාකරන හැම මොහොතකම ඔහු කතා කළා… බොහෝ දේ ඔහුගෙන් ඉගෙනගත්තා. ‘ඔළුවක් තියෙන මිනිහෙක් අයිසෙ ඔහේ…’ කියලා දවසක් මොකක්දෝ කතාවකට ඔහු මට කිව්වා.

ඔහුව මුණගැහෙන්න අවස්ථා කීයක් ලැබුණද..?
කවමදාවත් ඔහුව සජීවීව දකින්න ලැබුණෙ නැහැ… ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. මරණයට දවස් දෙකකට කලිනුත් අප බොහෝ දේ කතා කළා, සජීවීව මම ඔහුව දැක්කේ පිළිවෙළට, හැඩට අන්දවා තිබූ නිරුද්ධ දේහය වටිනා ලී පෙට්ටියක දමා තිබියදී පමණයි.

සංතාපයක්, කනගාටුවක් දැනුණද එදා ඔබට, මුණගැහිලා කතාකරන්න බැරි වීම ගැන..?
සත්තකින්ම ඔව්.., අදටත් ඒ සංතාපය තියෙනවා හිත කොණක.

හදවතින්ම ‘මව්රට’ හා කතා කළාට ස්තුතියි… සමුගන්නයි මේ සූදානම..?
‘මව්රට’ පුවත්පතටද ස්තුතියි කතා කරන්න අවස්ථාව දුන්නට.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම 87 ඉඳලා ඉන්නේ අරගලයේ! මේ අගමැති හොඳද නැද්ද කියලා සති දෙකකින් ‌විතර පෙනෙයි! අවුරුද්දක් ගානේ ව්‍යවස්ථා සංශෝධන කරන මේ වගේ රටක් කොහේවත් නෑ! ප්‍රශ්නෙ තියෙන්නේ ඩොලර් හොයන එක! මාස 6කට වගකීම දුන්නොත් කරලා පෙන්වනවා! ධම්මික පෙරේරා කරළියට එයි! (VIDEO)

Next Post

ඊයෙ ජනාධිපති දෙනවා කියනවා! අද කෘෂිකර්ම ඇමැති දෙන්නෙ නෑ කියනවා! මේ දෙක ඇහුවාම හිතෙන්නෙ ඊළඟ කන්නෙත් ගොවියන්ට දෙයියන්ගේම පිහිටයි වගේ!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...

Read more
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.