තමන් සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම හොද ඩීල්කාරයන් බවත්, ඩීල් නොකර දේශපාලනය සිදු කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඩීල්කාරයෙක් විය නොහැකි නම් ඔහුට දේශපාලනය කළ නොහැකි බවත් ඒ මහතා සදහන් කළේය.
කෙසේවෙතත් හොද ඩීල්කාරයන් දෙදෙනකු බව කියන වජිර අබේවර්ධනගේත්, රනිල් වික්‍රමසිංහගේත් දේශපාලනය ඉකුත් මහමැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් අවසන් කර දැමීමට ජනතාව පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.










