• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?
Share on WhatsAppShare on Facebook

තවත් ‘වෙසක් තෙමඟුලක්’ පසුගියදා නිමාවට පත්විය.
තෙමඟුල යැයි කිව්වාට පසුවුණු ඒ වෙසක් අසිරියෙහි කිසිදුම මංගල සිරියක් නම් තිබුණේ නැත.
වෙනදාට නම් වෙසක් කිව්වාම කොහොමද..?
බැති ගී දස අතය.., අඟලෙන් අඟලට දන්සැල්ය..,
පාර පුරා වයස් බේදයක් නැතිව රංචු ගැසුණු මිනිස් ගංගාවන්ය..,
තොරන් ගැන විසිතුරු කතන්දර අමතක කරන්නට පුළුවන්ද..,

ඒ මතකය අසිරිමත්ය. ඒ අසිරිය නෙතට, සවනට හසුවන්නේ නගරෙන් නගරෙට තරගයට වාගේ ඉදිකරවන තොරන් නිසාය. පාට, පාටින් වෛවාරණව දිළෙන තොරන් බලන්නට එන ජනකාය ඒ වටා රොදබැඳ ගන්නේ දන්සැල්වලින් කා, බී කුස පුරවාගෙනය. එහෙමත් නැතිනම් තොරන් බලා සිත් පහන් කොටගෙන කුසට ගිනි දැනෙන විට නඩය පිටින්ම දන්සැල් වෙත ගාටති.

ඒ දන්සැල්වලට වැඩිය, සුදුවතින් සැරැසුණු ඇත්තෝ පහන් පත්තු කරමින් සිටින පන්සල දකින විට සිත්සතන් නිවී, සැනහී යයි.

ගමේ නගරයේ හන්දියේ පමණක් නොව… ගෙවල්වලද ඒ දවස්වල වෙසක් සිරිය පිරී ඉතිරිලාය. ගස්වල අතු, ඉති, පාට, පාට වෙසක් බකට්වලින් සැරැසිලාය. පුංචි, පුංචි වෙසක් කූඩුද ඒ අතරින්පතර සුළඟේ එහාමෙහා සෙලවෙයි.

‘වෙනදාක නම්… කියා මෙහි ඉහත වැකියක වෙසක් තෙමඟුල අලළා අප දැක්වූ කාලය කොයිතරම් ඈතදැයි ඔබට වැටහුණාද..?

හරියටම වැටහුණේ නැතිනම් මතක්කර දෙන්නම්..,

‘වෙනදාක නම්… කියා සටහන් කළ ඒ කාලයට එතරම් ඈත අතීතයක් නැත… දශක ගණනක් හෝ වසර ගණනක්ද ගෙවී ගිහින් නැත. ටක්කෙටම කියනවා නම්… මංගල සිරි උසුලන වෙසක් තෙමඟුලක’ අසිරිය අපි අවසාන වතාවට අත්වින්දේ හෝ දුටුවේ 2019 අවුරුද්දේය.., අර කී වෙසක් තොරන්, දන්සැල්, බැතිමතුන් පිරුණු පහන් සිය ගණනන් දැල්වෙන පන්සල් අවසානෙට අපි හැමෝම දැක්කේ 2019 අවුරුද්දේය. කෑකෝ ගසමින් කන් බිහිරි කරවන තාලේ නළා පිඹිමින් බුරුතු පිටින් ලොරි බාගවල නැඟගෙන ගමේ ඉඳං කොළඹ වෙසක් බලන්න එන… හෝගාන පොකුණට වී අයිස් කෝන් එකක රස බලන්නට එන ගමේ ගැටිස්සියන්, ඉලන්දාරියන් හෝ වැඩිහිටියන් මතක හැටියට අවසානෙට අප දැක්කේ 2019 වෙසක් එකටය.

ඊට පස්සේ මොකද වුණේ ඉතින්..?

ඊට පස්සේ 2020දී කොරෝනා වසංගතය. ඒ වෙසක් අසිරිය ගිලගත්තේය.

එතකොට 2021 අවුරුද්ද..?

2021 දී බක් මහට, සිංහල අවුරුදු සතුට සමරපු ජෝගිය ඕනෑවට වැඩිය වැඩි වූ නිසා ආයෙමත් කොරෝනා උවදුර නිසා වෙසක් අසිරිය සැඟව ගියේය.

2022ත් මේ අවුරුද්දේ වෙසක් එකට මොකද වුණේ..?

කොරෝනා වසංගතය මෙදා වෙසක් තෙමඟුලට බාධා කළේ නැහැනේ..,

ඒක ඇත්ත..,

හැබැයි කොරෝනා වසංගතය නැතුවට මිනිසුන්ට වෙසක් සමරන්න බැරිවෙන ඕනෑ තරම් හේතු රටේ තිබුණා… ඒක කොරෝනාවටත් වැඩිය මිනිසුන්ව පීඩනයට පත්කරලා තිබුණා. මොකද කියනවා නම්.., කොරෝනාව කියන්නේ ආරක්‍ෂාකාරී පියවර අනුගමනය කළොත් බොහෝ විට බේරෙන්න පුළුවන් වසංගත තත්ත්වයක්. නමුත් මේ වතාවේ වෙසක් තෙමඟුල කටේ තියෙද්දී මිනිස්සු හතරගාතේ දා වැටෙන්න ගත්තේ මොන අතටවත් විසඳන්න බැරි ප්‍රශ්න තොගයක් ඔවුන්ගේ ඔළුවට කඩාවැටුණු නිසාය.

ප්‍රධානම කාරණය මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ… ඒක විශේෂයෙන්ම බලපෑවේ.., හිඟානොකා හිඟා කන මධ්‍යම පාංතිකයට සහ අතේ පිංචියක්වත් නැති දුප්පතා කියන පිරිසටයි.

කවදත් ඇති නැති පරතරය හැම තැනකම පිනුම් ගමන නිසා සල්ලි කීයක් හරි තියෙන මිනිස්සු ඔය අතර හිටියත් ඒ සල්ලිවලට ගන්නට පුළුවන් කළමනා රටේ තොටේ තිබුණේ නැහැ.

ඒ කියන්නේ වාහන තිබුණට, දුවන්න තෙල් නැහැ… ජයපහට කන්න පුළුවන්කම තිබුණට උයාගෙන කන්න ගෑස් ටික නැහැ.

වෙසක් එකට ඒක වක්‍රව හෝ බලපෑ ආකාරය ගැන මෙහෙම කියන්නම්..,

කොළඹ වෙසක් බලන්න බුරුතු පිටින් ලොරි බාගෙන් හරි ලෑන්ඩ්මාස්ටර් හරි ගමේ ඉඳන් එන්න වෙනදා වාගේ කට්ටියට තෙල් තිබුණේ නැහැ.

මෙදා සැරේ දන්සැල් දෙන්න සමහර දෙනෙකුට අතේ සල්ලි නැහැ. සල්ලි තියෙන අයට ගෑස් නැහැ. ගමේ තරුණ කාණ්ඩෙ හරි ත්‍රිවීල් සෙට් එක හරි ගෙවල් ගානේ ගිහින් සල්ලි එකතු කරලා වෙනදාකට දාන නූඩ්ල්ස් දන්සැලත් මේ වතාවේ හුඟක් තැන්වල තිබුණෙ නැහැ… ඒකට හේතුව වුණේ අහස උසට අශ්ප ගණනට ඉහළ ගිය ජීවන වියදම මැද සල්ලි එකතු කරන්න කොහොම ගෙවල් ගානේ යන්නදැයි කියන මතය ළඟ කොල්ලො සෙට් එක හිටපු නිසයි. ඒ නිසා ඉතින් සිල්ලර තාලෙට දුන්න පුංචි, පුංචි දන්සැලත් එහෙම්මම ඇනහිටියා.

ඔය හැම අකරතැබ්බයක්ම අතර උද්ඝෝෂණ සහ ඇඳිරිනීතියත් විටින් විට ඇවිදින් බැතිබර වෙසක් තෙමඟුලෙහි සිරි, අසිරිය අහිමිකර දැමුවා.

තොරණ කිහිපයක් කොළඹ පැත්තේ ඉදිවුණාය කියලා කිවුවත් වෙනදාක වාගේ එහි ප්‍රභාව දිස්වුණේ නැහැ… ඒ අව්අස්සෙ දහසකුත් එකක් කරදර මැද්දේ හදාපු එක තොරණකුත්, අනේ කඩාගෙන වැටුණා කියන්නකො ඉතින්…

කොහොමින් කොහොමින් හරි හිටපු ගමන් වැස්සකුත් වැහැලා වතුරකුත් ඇවිදින් තමයි අසිරිමත් නොවූ වෙසක් සමය අවසාන වුණේ.

ගියදේ ගියාවේ…

වෙසක් උත්සවය ලබන අවුරුද්දෙත් එනවනේ කියලා බොහෝදෙනා හිතහදා ගත්තාය කිව්වත් ඊට වැඩිය හිතන්න යමක් මේ හැමදේකම තියෙනවා කියලත් ඇතැමුන් හිතනවා. ඔළුවේ තියෙන දහසකුත් එකක් ප්‍රශ්න ටිකකට පැත්තකින් තියලා නිස්කලංකව චුට්ටක් හිතලා බැලුවොත් සමහර විට හැමෝටම පෙනෙන්න පුළුවන් මේ හැමදේම එකට යා වුණු යම් ආකාරයක සිදුවීම් පෙළක අසුබ සංසිද්ධියක් කියලා.

තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කියනවා නම්, මේ හැමදේම එක්තරා ශාපයක්’ කියලත් හිතෙනවා.

කොහොමද එහෙම හිතන්නේ..?

කවුරු හරි එහෙම අහන්න පුළුවන්..,

එතැනදී උත්තරය මේකයි..,

අපි ආයෙම මේ කතන්දරේ මුලට යමු ටිකකට. 2020 අවුරුද්දේ පළමු කොරෝනා රැල්ල ආව නිසා වෙසක් තෙමඟුල සමරන්න බෞද්ධ බැතිමතුනට හැකියාවක් තිබුණේ නැහැ..,

එතකොට 20021 අවුරුද්දේ ආයෙම කොරෝනාව හිස උස්සපු නිසා වෙසක් සමරන එක ගෙවල්වලට පමණක් සීමා වුණා..,

2022 අවුරුද්දේ ආරම්භයත් එක්කම කොරෝනා වසංගත කෙමෙන්, කෙමෙන් වියැකී යන්න ගත්තා.
නමුත්..,

වෙසක් තෙමඟුල සමරන්නට අවශ්‍ය බැතිබර අවකාශය බෞද්ධ බැතිමතුනට උදාවූයේ නැහැ..,
මෙහෙම වුණේ ඇයි..?

අවුරුදු තුනක්ම එකපිටම වෙසක් තෙමඟුලෙහි අසිරිය සමරන අවස්ථාවන් රටට අහිමිව ගියේ ඇයි..?

මෙය බුදුන් වැඩිය රටකි.., ශ්‍රීපාද බිමෙහි අනුහස මුළු ලොවටම කියා පෑ රටකි, එහෙව් හාස්කම් තියෙන රටක වෙසක් තෙමඟුල සමරන්නට මේ වතාවේවත් නොහැකි වූයේ ඇයි..?

මෙය මිනිසුන් විසින් කළ යම් පාපයකට මිහිකත දුන් දඬුවමක්ද..?

නැතිනම් මේ අහස යට මේ පොළොව මත සිදුවූ හෝ සිදුවන අහස – පොළොව උහුලන්නෙ නැති යම් අපරාධයකට සොබාදහම විසින් නියම කළ දඬුවම් පහරක්ද..?

එහෙමත් නැතිනම් තවත් අතකට කියනවා නම්, මෙය දෙවියන් කෝපයට පත්ව ඇති නිසාවෙන් සිදුවූ දේව ශාපයක්ද..?

‘ශාපය’ කියන වචනයටත් මිනිසුන් දක්වන බය සුළුපටු නැත.

කවුරුන් හෝ කෙනෙකු තව කෙනෙකුට කුමක් හෝ සිදුවීමක් මුල්කොට,

‘ශාප වෙන්න ඕනෑ… මේ කරපු දේට…’

කිව්වොතින් එම පැතීමට එල්ල වන අයගේ හිත කීරි ගැසී යන වග නිසැකමය. ශාපයට එල්ල වන අය තාක්‍ෂණය සමග දියුණු වන ලෝකය තුළ මොන අන්දමට මනස අලුත් තාලයට හැඩ ගස්සවාගෙන සිටියද ‘ශාප වේවා’ කියන ප්‍රාර්ථනයට හැම ජගතෙක්ම බය වේ. ඔබ, අප කවුරුත් දන්නා කාරණයකි. මොන දේ කළත්, කිසිදු උගත්කමක් නැති නූගතකු විසින් ඒ ශාපය කළත් ඒ වචන තුන හැම මොහොතකම එයට කේන්ද්‍රවූවන්ගේ සිතට ගිනිතබයි… සමහරුන් රෑ හීනෙන්ද එහි රාව ප්‍රතිරාවයට තිගැස්සෙයි.

ඒ මිනිස් ශාපයක ආදීනවය.

‘දේව ශාපය’ ඊට වැඩිය බලගතුය. එය පරම්පරාගතය. ආත්මයෙන්, ආත්මයට හඹා එන තරමට බලගතුය. එහෙව් දේව ශාපයකින් ගැලවීම පහසු නැත. ආත්ම ගණනක කතාව කෙසේ වුවද, අවුරුදු ගණනක කාල සීමාවක් අතර බුදුන් පය තැබූ රාජ්‍යයකට බුදුන්ගේම තෙමඟුල සමරන වෙසක් උත්සවය අහිමිව ගියේද එවැනි ශාපයකට වෙන්නට පුළුවන.

පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේදීද හරේන් ප්‍රනාන්දු දේව ශාපයක කතාව ලොකුවට කළේ… පාස්කු බෝම්බය අලළාය. ඔහු එය කීවේ කට කහනවාටම නෙවේ යැයි සිතන්නට කරුණු ඇත. ෆේස්බුක් එකේද රාජපක්‍ෂලාගේ කීර්තිනාමය තුච්චවී යෑමේ හේතුව ලෙස දක්වා තිබුණේ පාස්කු බෝම්බයේ ඵලවිපාකයය.

එයද දේව ශාපයකි,

ඉතින්..,

වෙසක් සැමරුම තරමක කාලාන්තරයක් තිස්සේ අප මව්රටට අහිමිව ගියේද දේව ශාපයක් මුල්කොට ගෙන සිතීම හිතන තරම් පහසුවෙන් බැහැර කරන්නට බැරිය.

‘මේක නම් ඇත්තටම දේව ශාපයක්…’

ප්‍රසිද්ධියේ කවුරුත්ම නොකීවාට තුන් අවුරුද්දක් බුදුන් වැඩිය භූමියට වෙසක් සැමරුම අහිමිව ගිය එක ගැන බොහෝ විට වැඩිහිටි පිරිස් තම තමන්ගේ අය සමග එසේ මතුරා ගන්නේ නැතැයි සිතන්නට බැරිකමක්ද නැති බව මෙහිදී කිව යුතුය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

Next Post

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.