පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම ඇතුළු පොලිස් රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමණින් උසස් වර්ගයේ බල්ලන් සහ බැල්ලියන් 25 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම එක් සුනඛයෙකු ලක්ෂ දහයක් පමණ වේ යැයි පොලිස් මූලස්ථානය විමසීමේදී එහි ප්‍රකාශකයෙකු මාධ්‍යට පවසා තිබුණා.
පොලිස් නිල සුනඛ අංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව පොලිස් සැපයුම් සේවා කොට්ඨාසය මෙම සුනඛයන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවයි වාර්තා වෙන්නේ.
ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට පොලිස් දෙපාර්තමේන්තුවට නිල සුනඛයන් සහ අශ්වයන් 2019 වර්ෂයෙන් පසු මේ දක්වා මිලදී ගෙන නැහැ.
මෙම බල්ලන් සහ බැල්ලියන් මාර්ගයෙන් පැටවුන් ලබාගෙන ඒ පැටවුන්පොලීසියේ විවිධ රාජකාරි සඳහා පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසනවා.









