අද (18) පෙට්‍රල් බෙදාහැරීම ඉතාමත් සීමිතව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බැවින් ඒ වෙනුවෙන් පෝලිමේ නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
කෙසේ වෙතත් හෙට එනම් 19 වන බ්‍රහස්පතින්දා සිට පෙට‍්‍රල් බෙදාහැරීම සාමාන්‍ය ලෙස සිදුකරන බවට ඔවුන් පවසනවා.ඩීසල් සහ පෙට්‍රල් නෞකා හතරක් ඉදිරි දින 15 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසා තිබුණා.
ඩීසල් රැගත් නෞකා දෙකක් හෙට (19) සහ ජූනි මස 1 වැනිදා ද, පෙට්‍රල් නෞකා දෙකක් අද (18) සහ මේ මස 29 වැනිදා ද ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්ධන නෞකා 5 ක් ඩොලර්වලින් ගෙවීම් කළ නොහැකිව මේ වන විටත් නැංගුරම්ලා තිබෙන බවත් ඉන් බොරතෙල් නෞකාවක් දින 8 ක සිට මුදල් ගෙවීමට නොහැකිව තිබෙන බවත් වාර්තා වෙනවා.









