• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් මන්ත්‍රී කණ්ඩායම කැඳවයි! පැය 4ක දීර්ඝ සාකච්ජාවක් තියයි! ජනාධිපති ඉවත් වෙන්න ඕනෑ! ආණ්ඩුව බාරගන්න සජබය සූදානම්! නීතීඥ සංගමයේ ‌යෝජනා මත පදනම්ව වහාම සාකච්ජා අරඹන්න ලෑස්තියි! EXCLUSIVE

May 7, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද පෙරවරුවේ ජනාධිප ති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂනායකවරයා හට අගමැතිකම බාරගන්නා ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

එහිදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද යෝජනාව සම්බන්ධයෙන් පැය 4ක පමණ දීර්ඝ සාකච්ජාවක් පැවැත්වීමට සජබ මන්ත්‍රී කණ්ඩායම පියවර ගෙන ඇත.

මෙම සාකච්ජාවේදී අතිබහුතරයක් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා එම තනතුරේ තබාගෙන කිසිසේත්ම ආණ්ඩුව බාර ගැනීමට කටයුතු නොකළ යුතු බවකි.

නමුත් තවත් පිරිසක් රට පත්ව ඇති මෙම අර්බූදකාරී මොහොතේ යම් කොන්දේසි මාලාවක් යටතේ රට ගොඩනැගීමට පියවර ගත යුතු බව පෙන්වා දී ඇත.

ඒ අනුව විපක්ෂනායකවරයා සදහන් කොට ඇත්තේ එසේ නම් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවලිය මත පදනම්ව ආණ්ඩුව සමග සාකච්ජා කර තීන්දුවක් ගත යුතු බවකී. එහිදී නියත වශයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවටත්, ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතු බවටත් යෝජනා වී තිබේ.

දෙවන යෝජනාව වී ඇත්තේ ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් ජනාධිපති ධූරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා එකගතාව පළ කිරීමය. එහිදී විධායක ජනපති ක්‍රමයේ බලතල පාර්ලිමේන්තුවට පැවරීම හරහා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම යෝජනා දෙක මත පදනම්ව ජනාධිපතිවරයා හා සාකච්ජා ආරම්භ කිරීමට සජබය තීන්දු කොට තිබේ.

නීතීඥ සංගමය ඉදිරිපත් කර තිබූ යෝජනා මෙසේය.

මෙරට තුළ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් යෝජනා 13ක් ඉදිරිපත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ, විධායකය පිළිබඳ අර්ථවත් පාර්ලිමේන්තු අධීක්‍ෂණයක් නොමැතිකම, විශේෂයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව වගවීම සහ විනිවිදභාවය නොමැතිකම පිළිබඳ චෝදනා සහ දූෂණය මේ මොහොතේ රට තුළ පවත්නා දේශපාලන නොසන්සුන්තාවයට හේතු වී ඇති බවයි.

ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කිරීමට හේතු වී ඇති බවද නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

සියලුම ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අදාළ නෛතික ප්‍රතිපාදනයන්ට අනුව යමින් විනිවිදභාවයකින් සහිතව විය යුතු බව එම සංගමය පෙන්වා දෙනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර 19 වැනි සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කරමින් රජය වහාම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය යුතු බවයි නීතීඥ සංගමයේ යෝජනා අතර වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු අමාත්‍යාංශ සඳහා සියලුම ලේකම්වරුන් පත් කළ යුතු අතර අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් සියලුම ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරනවා.

ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් නොදැරිය යුතු බව ද එම නිවේදනයේ දැක්වෙන අතර 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් සම්මත කළ යුතු බව ඔවුන් පවසනවා.

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම මෙන්ම ඒ යටතේ අගමැතිවරයා ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තුවට වග කිව යුතු බවටද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය යෝජනාවෙන් දක්වා තිබේ.

කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා අතර ඇති අතර පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාව දිනාගත හැකිවෙතැයි කථානායකවරයා විසින් පිළිගන්නා අයෙකු එහි අගමැතිවරයා විය යුතු බවයි එහි සඳහන් වන්නේ.

අමාත්‍යාංශ 15 ට අනුරූප විෂය ක්ෂේත්‍රවලින් සුදුසුකම් ලත් වෘත්තිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීමද ඔවුන්ගේ තවත් යෝජනාවක්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අවලංගු කළ යුතු බවයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද ඔවුන් යෝජනා කර තිබෙනවා.

අන්තර් වාර ජාතික සමගි ආණ්ඩුව විසින් පොදු අවම අරමුණුවලට අනුකූල අයවැයක් ඉදිරිපත් කළ යුතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාවක්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරන ජාතික සමගි භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ මාස 18 ක කාලයක් සඳහා පමණයි.

ඉන් අනතුරුව ඒ ආණ්ඩුව මාස 6 ක් භාරකාර ආණ්ඩුව ලෙස මැතිවරණය පැවැත්විය යුතු අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වීමත් සමඟ එම ආණ්ඩුවේ කාල සීමාව අවසන් බවයි ඔවුන් කියන්නේ.

ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය පත්කළ යුතු බවද නීතීඥ සංගමයේ යෝජනාවලට අයත් වෙනවා.

මේ සම්බන්ධයෙන් සජබය නිකුත් කළ නිල නිවේදනය ‌පහත දැක්වේ.

SendShareShare
Previous Post

හදිසි නීතිය ප්‍රකාශ කරන්න මේක හදිසි අවස්ථාවක් ‌නොවේ! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

Next Post

ජනාධිපතියි ආණ්ඩුවයි ඉවත් වෙලා අන්තර් පාලනයක් හදන්න ඉඩ දෙන්න! නැත්නම් ජන්දෙකට යන්න! චන්ද්‍රිකා යෝජනා කරයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.