සුනාමි මුදල් අවභාවිතය පිළිබඳව චෝදනා එල්ල වී සිටියදී අගමැති මහින්ද ජනපති කරමු යනුවෙන් මහින්ද වෙනුවෙන් පෙනී සිටි අනුරලා අද පදනම් විරහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව මඩ ප්‍රහාරයක් දියත් කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
හොරෙක්,චෝදනා ලත් පුද්ගලයෙක් රටේ ජනාධිපති කිරීමට කැපවුණු ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ වෙහෙර විහාර, සිද්ධස්ථාන නගාසිටුවීමට නීත්‍යානුකූල පදනමින් මුදල් වෙන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අවලාද නැගීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බව පැවසූ ඒ මහතා රට අද පත්ව ඇති තැනට ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව යුතු යැයි පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එල්ල කොට ඇති චෝදනා සහිත ලිපි ගොනුව සහමුලින්ම සාවද්‍ය බවද ඒ මහතා පැවසීය.










