• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…

May 7, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…
Share on WhatsAppShare on Facebook

සුද්දා අපිට දීපු අපිට උරුම කරපු දේවල් වගේම සුද්දාගෙන් අපි ගත්තු දේවලුත් විශාල ප්‍රමාණයක් ඇති. ඒ වගේම සුද්දා අපෙන් අරගත්තු දේවල් එහෙම අරගෙන ඔවුන්ගේ රටවලට අරගෙන ගිය දේවල් ප්‍රමාණය අපිට සුද්දාගෙන් ලැබුණු දේවල් ප්‍රමාණය සමග ගළපා බැලීමෙන් ඒ දෙක අතරේ අහස පොළොව වගේ ලොකු වෙනසක් තියේවි. මොකද සුද්දා අපෙන් අරගෙන ගිය හරිය ඒ තරම්ම විශාලයි. ඒ වගේම සුද්දා අපට දුන්නා හෝ ඉතිරි කරලා ගියාය කියලා අපිට අද ඉතිරි වෙලා තියෙන බොහෝ දේවල් සුද්දා හැදුවේ අපේ දේවල් ඔවුන්ගේ කරගන්න අවශ්‍ය පහසුව ලබාගන්න පමණයි. ඊට හොඳම උදාහරණය තමයි දුම්රිය මාර්ග සහ මහා මාර්ග.

ඉතින් එහෙම බැලුවාම අපට මේ සුද්දාගෙන් ඉතුරු වෙලා තියෙන්නෙ අපේ රටේ සාරය ඔවුන්ගේ රටවලට ගෙනිච්චට පසුව අතහැරලා දාපු හප ටිකක් විතරයි. හැබැයි ඉතින් සුද්දාගෙ කාලේ හදලා ඔවුන් අපට ඉතිරි කරලා ගිය හප ටික කොයි තරම් අපිට ප්‍රයෝජනවත් වුණාද කියලා දන්නෙත් අපිම තමයි.

සුද්දාගෙන් අපට ලැබුණු හොඳ නරක ගැන කතා කරද්දී 1939 අමතක කරන්න බැහැ. 1939 කියන්නේ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වුණු වසර. 1945 වෙනකම්ම දෙවැනි ලෝක යුද්ධය තිබුණා. ඒ කාලය තුළ ලංකාවේ මිනිසුන් හිටියේ පණ බයේ. එහෙමත් නැත්නම් කොයි මොහොතේ හෝ අහසින් වැටෙන බෝම්බයකින් තමන්ගේ ජීවිත අහිමි වෙයි කියලා ඒ කාලේ මිනිස්සු ජීවත් වුණාය කියලා අපේ මුතුන් මිත්තො නිතරම කියනවා. ඔවුන් ඒ මතකය සිහි කරන්නේ තිගැස්මෙන්. ඒකට හේතුවක් තිබුණා. එදා බි්‍රතාන්‍ය ලෝක යුද්ධයේ ප්‍රධාන පාර්ශ්වයක් වෙද්දී ඔවුන්ගේ යටත් විජිතයක් වෙච්ච අපටත් එහි කොටස්කරුවන් වෙන්න සිදුවුණා. තෝරු මෝරු හැප්පෙනකොට ඊට මැදිවෙන හාල්මැස්සන්නට මරණ බය දැනෙන එක අහන්න දේකුත් නෙවෙයි. ඊළඟ කාරණය තමයි බි්‍රතාන්‍ය පාලකයා තමන්ගෙ යටත් විජිත භාවිත කරමින් ලෝක යුද්ධයේ වාසිය තමන්ට ලබාගන්න උත්සාහ කළා වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි ඒ කාලෙ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයක් හදලා ලෝක යුද්ධයට ලංකා භූමිය සූදානම් කරන්නේ.

ඒ කාරණා එහෙම සිදුවෙද්දී තවත් සුවිශේෂ කටයුත්තකට ලංකා භූමිය යොදාගැනෙනවා. ඒ යුද්ධයකදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධය වගේ යුද්ධයකදී අත්‍යාවශ්‍ය කාරණාවක් වන රේඩාර් පද්ධති එදා ස්ථානගත කරලා තිබෙන්නේ ලංකාවේ සුවිශේෂ තැනකයි.

මේ ස්ථානය අපට හමුවෙන්නේ කොළඹ සිට අවිස්සාවේල්ලට පැමිණ යටියන්තොටත් ඉන් පසු හල්ගොල්ල වතු යායේ තේ කම්හල අසලින් දිවෙන මාර්ගය භාවිත කර වැවියතලාවට පැමිණි පසුවයි.

එදා ලංකා පොළොවේ සාරවත් බවත්, සුවිශේෂ පිහිටීමත් ඉතා සූක්ෂ්මව නිරීක්ෂණය කරමින් ලංකා භූමිය ලෝකය හා සම්බන්ධ කෙරෙන අයුරුත් මෙහි විශේෂිත ලක්ෂණයන් මනාව අවබෝධ කරගත් සුදු ජාතිකයන් දෙවැනි ලෝක යුද්ධයේදී රේඩාර් පද්ධතිය ස්ථානගත කිරීමට සුදුසුම තැන වැවියතලාව බව හඳුනාගන්නා අතර වැවියතලාව දක්වා ගමන් කෙරෙන මාර්ගය ඉදිකිරීමටත් ඔවුන් විශාල කැපකිරීමක් සහ වෙහෙසක් දරා ඇති බව එම මාර්ගයේ ගමන් කරද්දී පැහැදිලි වෙනවා. අතිශය දුෂ්කර පරිසර පිහිටීමක් සහිත වැවියතලාව අවට වැවූ තේ දලු පවා එදා පහළට එවා ඇත්තේ කේබල් කාර් ආධාරයෙන් බවයි පැවසෙන්නේ. අද වැවියතලාව පාලනය කෙරෙන්නේ හල්ගොල්ල වතු යායෙන්. එදා ලෝක යුද්ධය වෙලාවෙ රේඩාර් පද්ධති සවිකර තිබූ ස්ථානය අසලම වර්තමානයේ රූපවාහිනී ආයතනයක විකාශන කුලුනක් ඉදිකර ඇති අතර එම ස්ථානය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 4,200කට වැඩි උසකිනි. එදා රේඩාර් පද්ධති ඉදිකිරීම ඉතා ඉක්මනින් සහ කෙටි කාලයක් තුළ සිදුවූවා යැයි අනුමාන කළ හැකි කාරණා ගණනාවක් මෙම ස්ථාන නිරීක්ෂණයේදී හෙළිවන බවයි පැවසෙන්නේ. මන්ද තවමත් එම ස්ථානයේ රේඩාර් පද්ධති සවිකළ තැන ඇති කොන්ක්‍රීට් කුලුනු දැකගත හැකි අතර එම කුලුනු මත හතරැස් වළවල් ශේෂව පවතී. ඒ අනුව එම හතරැස් සිදුරු භාවිතයෙන් දැවමය කුලුනු සවිකොට රේඩාර් පද්ධති ස්ථානගත කර තිබූ බවට අනුමාන කරයි. එමෙන්ම එවක ඉදිකළ ගොඩනැගිලිවල ශේෂව තිබූ අත්තිවාරම් මත නව ගොඩනැගිලි ඉදිකර ඇති බවයි පැවසෙන්නේ.

ලෝක ඉතිහාසය හා බැඳුණු බොහොමයක් සිදුවීම් හා විවිධාකාරයෙන් සම්බන්ධතා ගොඩනගාගෙන තිබී ඇති ලංකා භූමිය දෙවැනි ලෝක යුද සමයේදී ක්‍රියාකාරීව යුද්ධයට සම්බන්ධව සිටි හෙයින් එවක ජනයා මහා බියකින් පසුවූ බවයි එම වකවානුවේ අත්දැකීම් ලද අදටත් ජීවත් වන වැඩිහිටියන් පවසනුයේ. කොයි මොහොතේ කොහෙන් බෝම්බයක් කඩාවැටේ දෝයි සිතමින් තමන් සිටි බවත්, අකුණු හඬකට පවා ප්‍රාණ බය දැනුණු බවත් ඇතැම් වැඩිහිටියන් පවසනුයේ තිගැස්මෙනි. එතරම් බියක් ලක්වැසියන්ගේ සිත් තුළ ඇති කිරීමට ලෝක යුද්ධයකදී බි්‍රතාන්‍යයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමු කරවීමට ත්‍රිකුණාමල තෙල් ටැංකි මෙන්ම වැවියතලාවේ රේඩාර් පද්ධති බලපෑම් නොකළා යැයි කාට නම් කිව හැකිද?

කුමාර රත්නායක

SendShareShare
Previous Post

අගමැති බිරිය ශිරන්ති දැඩිමුණ්ඩ දේවාලයට ගිහින් බාරයක් වෙයි!

Next Post

LankaPay Technnovation 2022 සම්මාන උළෙලේදී මහජන බැංකුව සම්මානයට පාත්‍රවේ…

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.