අගමැති බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාවනැල්ල දැඩිමුණ්ඩ දේවාලයට ගොස් බාරයක් වී ඇති බව හිරු නාලිකාව වාර්තා කොට ඇත.
කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සුලු ආරක්ෂකයන් පිරිසක් සමග ඉකුත් 30 වැනිදා මෙසේ ඇය දේවාලයට ගොස් ඇති බවත්, එහිදී බාරයක් වී ඇති බවත් එම නාලිකාව වාර්තා කොට තිබේ.
එදින පෙරවරුවේ ඇය මහනුවර දළදා මාලිගාවට ගොස් ඇති බවද එම නාලිකාව සදහන් කොට ඇත.