මේ වනවිට මුලු රටම බරපතළ ව්‍යසනයකට වැටී ඇති බවත්, ජනතා පීඩනය උග්‍රවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ සියල්ල සිදුවෙත්දීත් ආණ්ඩුව නෑසූකන්ව සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා අද (05) 27/2යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න 18ක් විමසීය.
මෙහිදී විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේ මුදල් ඇමැති අලි සබ්රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ මෙම තත්ත්වය පිළිබදව නොදැනුවත්වද යන්නය.









