අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටින මන්ත්‍රීවරුන් ප්‍රමාණය දෙස බලන විට එය බෙදී ගොස් ඇත්තේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 117ක් ලෙසත්, විපක්ෂයට මන්ත්‍රීවරුන් 62ක් ලෙසත්ය.
ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස 35 දෙනකු සිටී.
මේ වනවිට නියෝජ්‍ය කතානායවරයා තේරීම සදහා ජන්දය පවැත්වෙන අතර ස්ථාවර නියෝග 4, ඈ වගන්තිය අනුව අපේක්ෂකයාගේ නම සදහන් කොට සිය අත්සන යෙදිය යුතු වේ.










