බැඳුම්කර වංචාවට සම්බන්ධ මුදල් තමන්ගේ හෝ තම පවුලේ කිසිදු සාමාජිකයකුගේ ගිණුමකට වැටී ඇති බවට ඔප්පු කළ හැකි ලියකියවිලි තිබේ නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේය.
අද දින ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ප්‍රහාරය තමන් ඉලක්ක කර එල්ල කළ බවකි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් එල්ල කිරීමටද මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.










