ජනාධිපතිවරයාට එරෙහි කිසිදු යෝජනාවකට තමන් සහය නොදෙන බව වාසුදේව මාධ්‍යයට ප්‍රකාශ කළේය.
වාසුදේව මෙම අදහස් දැක්වූයේ එම පක්ෂ නියෝජිතයින් අතර ඊයේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඔහු කියා සිටින්නේ තමාගේ පක්ෂය නම් කිසිසේත් සහය නොදෙන බව සහ ඉතිරි පක්ෂ 10ත් සහය නොදෙන බව තමාට විශ්වාස බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවද කිසිදු අර්ථයක් නොමැති යෝජනාවක් බවයි.
වාසුදේව හැරුණු විට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද මීට සමානව අදහස් දැක්වීමක් කළේය.
කෙසේවෙතත් එදා වාසුදේව නානායක්කාර මහතා සජිත්-බැසිල් ඩීල් එකක් ගැන කියද්දී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ වාසුදේව මහතාගේ මොළය පරීක්ෂා කළ යුතු බවකි.
එමෙන්ම මරික්කාර් මන්ත්‍රීවරයාද මාධ්‍ය හමුවක් තබමින් වාසුදේව මන්ත්‍රීවරයාගේ කතාවට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.









