• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ සජිත් ප්‍රේමදාස ළඟ දිව දෙකේ කතා නෑ! කිව්වොත් කිව්වමයි! කවුරුහරි මට බලපෑම් කරන්නට ආවොත් මේ හොර හැත්තත් එක්ක ආණ්ඩු කරන්නැයි කියලා මම ඒ බලපෑම් කරන සියලු දෙනාගේම නම් ටික හෙළිදරව් කරලා ගෙදර යනවා! මම සූදානම් නෑ හොරු එක්ක ආණ්ඩු කරන්න! සජිත් මැයි රැලියේදී ජනතාවට පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)

May 1, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
මේ සජිත් ප්‍රේමදාස ළඟ දිව දෙකේ කතා නෑ! කිව්වොත් කිව්වමයි! කවුරුහරි මට බලපෑම් කරන්නට ආවොත් මේ හොර හැත්තත් එක්ක ආණ්ඩු කරන්නැයි කියලා මම ඒ බලපෑම් කරන සියලු දෙනාගේම නම් ටික හෙළිදරව් කරලා ගෙදර යනවා! මම සූදානම් නෑ හොරු එක්ක ආණ්ඩු කරන්න! සජිත් මැයි රැලියේදී ජනතාවට පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

හොර ආණ්ඩුවවත් එක්ක හෝ හොර ආණ්ඩුවේ කොටස්කාරයෝ එක්ක ගිවිසුම් ගහන්නේ නැති බවත් අන්තර්කාලීන ප්‍රෝඩාවට හසු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නූල් සූත්තර දේශපාලනය, රූකඩ දේශපාලනය සමගි ජන බලවේගයට ඔබින්නේ නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, රට විනාශකරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක තමන්ට ගනුදෙනු නැතැයිද පැවසීය.

රට ගොඩනගන්නට තමන් සූදානම් වන්නේ ජනතාව ලබා දෙන ජනතා ආශිර්වාදයෙන් බව කී විපක්ෂ නායකතුමා පවුල්වාදී බඩගෝස්තරවාදී යුගය අවසන් කරන බවද පැවසීය.

සමගි ජන බලවේගයේ  මැයි දින රැලිය අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවතියේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙනි.

බොරැල්ල කැම්බල් පිටියේ සිට ආරම්භ වූ පෙළපාලිය නිදහස් චතුරශ්‍රයට පැමිණෙන විට පස්වරු තුන පමණ වූ අතර පැමිණි ජනකායෙන් ප්‍රදේශය අතුරු සිදුරු නැතිව පිරී ගියේය. ඉන් අනතුරුව මැයි රැළිය ආරම්භ වූයේ විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ මහතා මෙසේද කීය.

ආදරණීය ලංකාවාසී ජනතාවනි.

අපි සූදානම් රටේ වගකීම බාරගන්න. රටේ වගකීම බාරගන්නවා පමණක් වගේ නොවෙයිත අපි මේ රට ගොඩගන්නවා. අපි මේ රට නව සංවර්ධන යුගයක්, නව තාක්ෂණය, තොරතුරු තාක්ෂණයක් කරා, රොබොටික්, ජීව තාක්ෂණය, මේ නව නිෂ්පාදන කර්මාන්ත ක්‍රමවේද උපයෝගි කරගෙන රට ගොඩගන්නවා සත්තයි කියලා මම තමුන්නාන්සේලාට කියනවා.
මිත්‍රවරුණි, රට ගොඩගන්න බෑ හොරු එක්ක ගිවිසුම් ගහලා. මම තමුන්නාන්සේලාට කියන් කැමැති අපි තීන්දුවක් අරගෙන තියෙනවා හොර ආණ්ඩුවවත් එක්ක හොර ආණ්ඩුවේ කොටස් කාරයෝ එක්ක ගිවිසුම් ගහන්නේ නැතිව ඉන්න.

අත් උස්සලා පෙන්නන්න අපේ තීන්දුවට කැමැතී නේද? ඩීල් දානවට අකමැති නේද? අන්තර්කාලීන් ආණ්ඩු එපා නේද? මුළු රටටම හඩ නඟා කියන්න. ගෝල්ෆේස් ජන අරගලය පාවා දෙන්න එපා නේද? එහෙනම් මිත්‍රවරුණි ඔය අන්තර්කාලීන සූදුවලට අපි කැමති නෑ. නූල් සූත්තර දේශපාලනයට, රූකඩ දේශපාලනය අපිට ඔබින්නේ නැහැ. මිත්‍රවරුණි, දැන් බෑග් පිටින් එනවලු සල්ලි. මොනවටද. ගනුදෙනු කරන්න. රට විනාශකරපු මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනු නෑ. මේ හොර හැත්තත් එකක් ගනුදෙනුවක් නෑ. නෑ නෑමයි. මිත්‍රවරුණි, මේ රට ගොඩනගන්නට අපි සූදානම් වන්නේ ජනතාව ලබා දෙන ජනතා ආශිර්වාදයෙන්.

මේ එක එක කණ්ඩායම් වායුසමීකරණය කරපු කාබරවල ඉදගෙන අගමැතිකම ගන්න, මම ජනාධිපතිවෙලාම ඉන්නම, ඔයාට අර ඇමැතිකම දෙන්නම්, ඕන නම් පවුල පෞද්ගලික ලේකම් කරගන්න සංස්ථා සභාපතිකම් මෙච්චර දෙන්නම්. ඒ යුගය අවසන්. ඒ යුගය අපේ රටේ තැනක් නැහැ. ඒක හැමෝම අවබෝධ කරගන්න ඕන. මේ ඩීල් දේශපාලනය සහමුලින්ම අපි අවසන් කරලා තියෙන්නේ. දැන් කියනවා විකල්ප ආණ්ඩුවක් පත්කරගෙන ඒගොල්ලගෙම කට්ටියක් විපක්ෂ නායකකම ගන්න යනවළු. විපක්ෂ නායකකමද ඕනේ. අනේ ගන්න. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව දැන් සූදානම් රටේ විපක්ෂ නායකකමට නෙවේ රටේ අනාගත වගකීම සමගි ජන බලවේගයට සමගි ජන සන්ධානයට ලබා දෙන්න.

ඒ නිසා අරයද විපක්ෂ නායක මෙයාද විපක්ෂ නායක අපිට වැඩක් නැහැ. අපි ඔබතුමන්ලට එක ඩීල් එකක් හැබැයි ගහනවා. ඒක සමාජ ගිවිසුමක්. ඒක ඔබතුමන්ලා එක්ක රටේ ලක්ෂ 220ත් එක්ක ගහන ගිවිසුමක්. මම පොරොන්දු වෙනවා මේ රටේ දුප්පත්කම අපි තුරන් කරනවා. නාගරික ග්‍රාමීය දුප්පත්කම තුරන් කරනවා. මම පොරොන්දු වෙනවා මේ රටේ ගොවියා, ධීවරයා, කම්කරුවා දිනපතා වේතන ගන්න කුලියට වැඩ කරන ස්වයං රැකියා ලාබියා රැකගන්නවාමයි කියලා මම තමුන්නාන්සේලාට කියනවා.

මට පොඩි කාරණාවක් මතක් කරන්න ඕනේ. මම නිවේදක මහත්තයා කියපු කිලෝමීටර ගාන ඇවිද්දෙ නෑ කිලෝමීටර 56.08ක් ඇවිද්දේ. ඇත්ත කියන්න ඕනනේ. බොරු කියන්න ඕනේ නෑනේ. ඇත්තමයි ඇවිද්දා. හැබැයි මම අභියෝග කරනවා දැන් ඉන්න නාකි කුක්කන්ට ඕනෙනම් මාත් එකක් හරි හරියට ඇවිදින්න නෙවෙයි ඇවිදින්නයි ජනතාවට සේවය කරන්නයි පුළුවන්නම් එන්න. මොකද අපි විපක්ෂයේ ඉදගෙන ජනතාවට සේවය කරන ප්‍රගතිශීලි, ජනතාවාදී විපක්ෂයක්. මිත්‍රවරුණි, කුඩා හා මධ්‍යපරිමාණයේ ව්‍යාපාරකරුවන් අද විනාශ වෙලා. අම්මලා පෝලිම්වල ඉන්නවා කිරිපිටි ගන්න දූදරුවන්ට. ජන ජීවිත විනාශ වෙලා. මගේ පියා ආරම්භ කළ ඇගලුම්කම්හල් 200ට පින්සිද්ධ වෙන්න මේ හුස්ම ටිකවත් ගන්නවා. එදා එතුමට අපහාස කළා. තමුන්නාන්සේලා දන්නවද මේ මර උගුලෙ අපි හිරවුණේ මේ ආණ්ඩුව කෝටිපතියන්ට, ධනකුවේරයන්ට බදු සහන ලබාදුන්න නිසා. දැන් ඒ බදු සහන ගත්තු පුංචි කොට්ඨාසයක් සල්ලි මලු අරගෙන එනවා ආණ්ඩු හදන්න.

මම කියන්න කැමැති අනිවාර්යයෙන්ම හොර ඩීල් නෑ, කුමන්ත්‍රණ නෑ. මේ හොර හැත්ත අල්ලන වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අපි ලබා දීලා තියෙන්නේ.
මිත්‍රවරුණි, නීතිය සාමය ජාතික ආරක්ෂාව එතුමාට ලබා දෙන්න මම පොරොන්දු වුණේ අද ඊයේ නෙවේ. ජනාධිපතිවරණයේදී. ගාලු මුවදොර වේදිකාවේදි, ඒ නිසා සජිත් ප්‍රේමදාස දිව දෙකේ මනුස්සයෙක් නෙවෙයි. කිව්වොත් කිව්වමමයි. ආය වචන දෙකක් නෑ. ඒ වගේම කිව්වොත් කිව්වමයි මම එකක් කියන්නට ඕනේ කවුරුහරි මට බලපෑම් කරන්නට ආවොත් මේ හොර හැත්තත් එක්ක ආණ්ඩු කරන්නැයි කියලා මම ඒ බලපෑම් කරන සියලු දෙනාගේම නම් ටික හෙළිදරව් කරලා මම යනවා ගෙදර. මම සූදානම් නෑ හොරු එක්ක ආණ්ඩු කරන්න. තමුන්නාන්සේලා සූදානම්ද හොරු එක්ක ආණ්ඩු කරන්න. මම සූදානම් නෑ,

මතක තියාගන්න ජාත්‍යන්තර කම්කරු දිනය අද දවස. මතක තියාගන්න තමුන්නාන්සේලා වෙනුවෙන් ලක්ෂ 220 වෙනුවෙන් අර රඹුක්කන තරුණයෙක් ජීවිතය පරිත්‍යාග කරා. අද වගේ දවසක තමයි මගේ පියාණන්ටත් ජීවිතය අහිමි වුණේ. මට එතුමගේ දේහයවත් බලාගන්න බැරිවුණා. ඒ නිසා මතක තියාගන්න මේ ඇගේ යන්නේ ඔක්කොම ප්‍රේමදාස ලේ. මේවා පාවා දෙන ලේ නෙවෙයි. මේවා කුමන්ත්‍රණ ලේ නෙවෙයි. ඒ නිසා කවුරුහරි මොනවාහරි බලපෑමක් කරලා මම දන්නවා මගේ ඇමැති මණ්ඩලය ඒකමතිකව ඉන්නවා. අපේ ස්ථාවරය මොකද ඒක තමයි හරි තැන. කවුරුහරි බලපෑම් කරන්න ආවොත් දැන් දැන් මඩ ගහගෙන යනවා, මට බල තන්හාව තියෙනවලු. මට බල තන්හාව තියෙනවනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැතිකම එදා ඔක්තෝබර් 26ට පෙර දහ වතාවක් මට දෙන්න හැදුවා. ඔක්තෝබර් 26න් පස්සේ 61 වතාවක් මට දෙන්න හැදුවා. මම කිව්වා එපා බොහොම ස්තූතියි අගමැතිකම් නෙවෙයි මට අවශ්‍ය මේ රටේ ජනතාවගේ විශ්වාසයයි. ජනතාව විශ්වාස කරන දවසක මේ රටේ දේශපාලනයේ ලොකුම තැන නෙවෙයි දේශ සේවයේ ලොකුම තැන මට මේ රටේ ජනතාව ලබා දෙන එක මට විශ්වාසයි.

ඒ නිසා අපි ළග බලලෝබීත්වය නැහැ. හැබැයි අපිට අපේ ජනතාවට බොරු කරන්න බැහැ. මාස 30ක් රට කෑවා, හොරා කෑවා. ජාතික සම්පත, ජාතික දේපළ මේ රාජපක්ෂ ආණ්ඩුව විනාශ කළා. අපි කොහොමද මිත්‍රවරුණි, අන්තර්කාලින ආණ්ඩු හදන්නේ රාජපක්ෂ ආණ්ඩුවල අවතාර එක්ක. මේ ආණ්ඩුවට වගකිවයුතු පාර්ලිමේන්තුවේ 2/3ත් එක්ක කොහොමද මිත්‍රවරුණි අපි හෘදසාක්ෂියට එකඟව ඒ දේ කරන්නේ. අපිට එහෙම කරන්න බෑ. එහෙම කරන්නෙත් නැහැ.

මම තමුන්නාන්සේලාට කියන්න කැමැති අපි සතුව දක්ෂ ආර්ථික කණ්ඩායමක් ඉන්නවා. කබීර් හෂීම් මැතිතුමා, එරාන් වික්‍රමරත්න මැතිතුමා, හර්ෂ ද සිල්වා මැතිතුමා ඇතුළු අපේ ඉන්නවා බුද්ධි මණ්ඩපයක්. අපේ ඉන්නවා හොඳ ශක්තිමත් උපදේශක කණ්ඩායමක්. දැන් සමහරු අහනවා කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නෙ කියලා. ඔවු අපිට පුළුවන් විපක්ෂයෙ ඉදලා වැඩක් කරන අපිට බැරිද මිත්‍රවරුණි බලයක් එක්ක රටේ ප්‍රශ්න විසදන්න. මොන විපක්ෂයද මේ රටේ බලයක් නැතිව ජනතා සේවයක් ඉටු කරේ.

ඒ නිසා මම තමුන්නාන්සේලාට කියන්න කැමැති අපි සතුව ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. හැම අමාත්‍යාංශයකටම හොඳ උපදේශක මණ්ඩලයක් ඉන්නවා. විශේෂඥයන්ට, වෘත්තියවේදීන්ට, දක්ෂයන්ට තැන ලබාදෙනවා. දේශපාලනය කරන අය මාත් එක්ක තරහා නැතුව යයි අපි වෙන කිසිම දේශපාලනඥයකු නොකරන කැප කිරීමක් සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් කරන්න ලෑස්ති. දැනටමත් මගේ මන්ත්‍රිවරු හුස්ම වැඩසටහනට තමන්ට ලැබෙන දීමනාවෙන් කොටසක් ලබාදෙනවා. ඒ බව මම ආඩම්බරයෙන් කියා සිටිනවා. ඒ නිසා ඉදිරියේ එන කාලය දේශපාලනඥයන්ගේ සුර සැප කාලය නෙවෙයි. හැමෝම සූදානම් වෙන්න ඕනේ දේශපාලනය කරන අය කැපකිරීම් කරන්න. අපිට තියෙන වරදාන, වරප්‍රසාද, දීමනා කප්පාදුකරන්නට ඕනෑ. එහෙම කප්පාදු කරලා හැබැයි දේශපාලනඥයට ශිෂ්ඨ ආකාරයට ජනතා සේවාවක් කරන්න අවශ්‍ය ඒ ශක්තිය ලබා දෙන්න වෙනවා.

මිත්‍රවරුණි, ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට අපි කියන්න යන්නෙ නෑ තමුන්නාන්සේලාට බඩ පටි තදකරගන්න කියලා. අපි ඉස්සරලා හොදටෝම අපේ පටි ටික තද කරගන්නවා. පාලකයෝ එහෙම කරන්න ඕනේ. දුක් විදින්න ඕනේ. දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ. ඒ යුතුකම ඒ වගකීම සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය කරන්න සූදානම් කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමැති.

මිත්‍රවරුණි, මීට වඩා මම දීර්ඝව කතා කරන්නෙ නෑ. කියපු ටික හොඳටම ඇති. ආයෙත් මාත් එක්ක කවුරුත් එන්නේ නෑ අන්තර්කාලීන ආණ්ඩු ගැන කතා කරන්න. 69 ලක්ෂයක් රවට්ටලා 68 ලක්ෂයක් රවට්ටලා මිනිස්සු මන්මුලා කරලා දැන් කරන්න හදන්නේ මොකක්ද නාගරාජ ඇන්දවීම. මේකත් නාගරාජ ඇන්දවීමක්. මේක අන්තර්කාලීන ආණ්ඩුවක් නෙවේ. අන්තර් සූත්තර ආණ්ඩුවක්. ඒ නිසා ආදරණීය ජනතාවනි අපි මෙසේ කතා කරනකොට ගාලුමුවදොර අපේ සී පරම්පරාවේ ජන අරගලයේ අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ අරගල කරනවා. අපි එතුමන්ලාගේ අරගලය දේශපාලනීකරනය කරන්න කිසිසේත්ම යන්නෙ නෑ, හැබැයි ඒ අයගේ වගකීම සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපි බාරගන්නවාමයි. අපිටත් වැරැදුනු හරි නොගිය තැන් තියෙනවා. අපිත් සර්ව සම්පූර්ණ නෑ. අපි සුදනො කියලා මම කියන්නේ නෑ.

නමුත් අවංකව මිත්‍රවරුණි වැරදි අඩුපාඩු හදාගෙන මේ රටේ ජනතාව විදින දුකෙන් ඔබලා මුදවාගන්න දිවි හිමියෙන් අපේ කණ්ඩායම කැපවෙනවා කැපවෙනවාමයි. ඒ නිසා අම්මේ තාත්තේ සහෝදර සහෝදරයිනි බයවෙන්න එපා. අපි නව කර්මාන්ත යුගයක් බිහි කරනවා. අපි රැකී රක්ෂා බිහිකරනවා. උද්ධමනය අඩු කරනවා. අනිවාර්යයෙන්ම අපි ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා. මේ රටට අගයක් එකතු කරන්න පුළුවන් හැම රටක් ඒක්කම ගනුෙදනු කරලා වාසිය අෙප් මාතෘභූමියට අපි ගන්නවා කියමින් ප්‍රකාශ කරමින් සමගි ජන බලෙව්ගයට ජය සමගි ජන සන්ධානයට නායකයන්ට ගාලු මුවෙදාර ජන අරගලයට ෙම් රෙට් තරුණ පරපුරටෙ ද්ශපාලනෙයන් ෙතාරව මහ පාරට බැස්ස අෙප් රෙට් තරුණ පරපුරට ජනතාවට ජය ෙව්වා.

සියලු ෙදනාටම ෙතරුවන් සරණයි.

SendShareShare
Previous Post

ජයඝෝෂා මැද අත්පොළසන් මැද ෆීල්ඩ් මාෂල් ඊළඟ යුද්ධය ඉවර කරන හැටි කියයි! සහෝදරවරුනි අපේ ආණ්ඩුවක් යටතේ මේ රටේ හොරා කාපු හැම එකක්ම අපි අල්ලනවා! උන් හොරා කාපු සල්ලිත් මේ රටට අරන් එනවා! කොහේ හැංගිලා හිටියත් උන්ට හිර ගෙට යන්න වෙනවා! (VIDEO)

Next Post

ජවිපෙ කොළඹ රැලියටත් ලොකු සෙනගක්! (VIDEO)

MORE NEWS

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය...

Read more
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.