ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් සකස් කර ඇති අතර එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවට සහය පළ කර ඇති අතර විපක්ෂයේ අනෙකුත් පක්ෂවලින්ද අත්සන් ලබාගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව වෙත වාර්තා වේ.
මෙම විශ්වාසභංගයට අත්සන් 113ක් ලැබුණොත් ජනාධිපතිවරයා ඉවත් කිරීමට නීත්‍යානුකූල භාවයක් නොලැබෙන නමුත් මෙයින් පැහැදිලිවම පෙනී යන්නේ ජනාධිපතිවරයා කෙරෙහි පාර්ලිමේන්තුව තුළ තිබූ විශ්වාසය නැති වී ඇති බවත්, ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙසට තවදුරටත් බලපෑම් එල්ල කළ හැකි බවත් දෙමළ සන්ධානයේ මතය වී තිබේ.
මීට බොහෝ දුරට ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව පාලක පොදුජන පෙරමුණේ සාමාජිකයන්ද අස්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.










