අද දිනයේ කැදවා ඇති වැඩ වර්ජනයට වෘත්තීය සමිති 1000ක් එක් වන බවත්, මෙය ලංකා ඉතිහාසයේ ලොකුම වැඩවර්ජනය බවට පත්වනු ඇති බවත් වෘත්තීය සමිති සන්ධානයේ වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මෙම වැඩ වර්ජනය හමුවේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීමට උත්සාහ කරන්නේ නම් සටන අවසන් වන තෙක්ම වර්ජනය කිරීමට වෘත්තීය සමිති සන්ධානය සූදනාම් බවකි.










