• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ගෝඨාවයි මහින්දවයි කොටවන්න හදන ප්‍රකට ව්‍යාපාරිකයා! මහින්දත් ‌ගේමට එන්ටර් වෙයි! ජනපතිගේ තටු කපන්න හදිසි මෙහෙයුමක්! සුමන්තිරන් අරලිය ගහ මැදුරට ගෙන්වා ගනී! සඳුදා තීරණාත්මක කැබිනට් රැස්වීමක්! මෛත්‍රී සජිත්ට අගමැතිකම බාරගන්න කියයි! (රාජ්‍ය රහස්)

April 24, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 16 mins read
A A
ගෝඨාවයි මහින්දවයි කොටවන්න හදන ප්‍රකට ව්‍යාපාරිකයා! මහින්දත් ‌ගේමට එන්ටර් වෙයි! ජනපතිගේ තටු කපන්න හදිසි මෙහෙයුමක්! සුමන්තිරන් අරලිය ගහ මැදුරට ගෙන්වා ගනී!  සඳුදා තීරණාත්මක කැබිනට් රැස්වීමක්! මෛත්‍රී සජිත්ට අගමැතිකම බාරගන්න කියයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂ දේශපාලනය අවසන්!

ඔක්කොම විරුද්ධ වෙද්දී විමල් විතරක් ගෝඨාට!

ඩලස් ගහන්න යන ගේම!

තුනෙන් දෙකක බලයක් සහිතව වසර තුනක් පුරා හැල්මේ ඉදිරියට ආ ආණ්ඩුවේ පුටු සියල්ල මේ වන විට ඇත්තේ හොඳහැටි රත්වෙලාය. ඒ පුටු රත්විල්ලට මූලික අඩිතාලම වැටුණේ මිරිහානේ පිහිට ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට පැවැති දැවැන්ත උද්ඝෝෂණයෙන්ය. එම උද්ඝෝෂණයෙන් අනතුරුව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පුටු පමණක් නොව, අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ පුටු පවා හෙළවෙන්නට පටන් ගත් බවක් පසුගිය සති දෙක තුළ සිදුවූ සිදුවීම්වලින් හොඳහැටි පැහැදිලිය.

එළියෙත් ගැට! පිටත් ගැට!

අනෙක් අතට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් පුටු මේ විදියට හෙළවෙන්නට පටන් ගත්තේ එකවර කැරැලි දෙකකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුව ඇති අතරවාරයේදීය. ආණ්ඩුව එසේ මුහුණදී ඇති එක් කැරැල්ලක් වූයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සති දෙකකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩව ඉදිරියට ඇදී යන ජනතා කැරැල්ලය. දෙවැනි කැරැල්ල වී ඇත්තේ ආණ්ඩුව ඇතුළේ විමල්, උදය, මෛත්‍රිපාල, අනුර යාපා ඇතුළු 40කට අධික මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව ගහන කැරැල්ලය. මේ නිසා ආණ්ඩුව මේ වන විට ඇත්තේ මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වැනි තත්ත්වයකය.

විමල්ලා ජනපතිව බය කරයි!

එවැනි පසුබිමක පසුගිය සතිය ආරම්භ වන විට විමල්, උදය, වාසු ඇතුළු ඇතුළේ සිට කැරැලි ගසන කණ්ඩායම සැලසුම් කළේ එළියේ ගෝල්ෆේස් පිටියේ සිට කැරැලි ගසන කණ්ඩායමේ සටනද උපක්‍රමශීලීව තමන්ගේ සටනට එක්කර ගැනීමටය. ඒ සඳහා ඔවුන් කිසියම් උපායමාර්ගයක්ද දියත් කළේය. ඒ අනුව මේ දිනවල මතුව ඇති ප්‍රශ්න හේතුවෙන් කිසියම් කඩාවැටීමක සිටින ජනාධිපතිවරයා හට පණිවුඩයක් යැවූ විමල් ඇතුළු කණ්ඩායම කියා සිටියේ තමන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට කටයුතු කරන බවත්, තමන් සමග මන්ත්‍රීවරු සියයක පමණ කණ්ඩායමක් සිටින බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ පරාජයට පත්කරන බවත්ය.

ගේමට යොදා ගත් ප්‍රකට ව්‍යාපරිකයා කව්ද?

විමල්ලා මේ පණිවුඩය ජනාධිපතිවරයාට යැවීමට යොදා ගත්තේ තම කණ්ඩායම සමග සිටින මන්ත්‍රීවරයකු නම් නොවේ. ඔවුන් ඊට උපයෝගී කරගත්තේ මුළු රටම දන්නා කියන ප්‍රකට ව්‍යාපාරිකයෙක්ය. මෙසේ පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව පරාජයට පත්කොට හෝ ආණ්ඩුව පරාජයට පත්කරන බවට ජනාධිපතිවරයා බියගන්වා අගමැතිවරයා ඉවත් කරන මෙහෙයුමේ ප්‍රධාන මෙහෙයුම්කරු බවට පත්ව සිටියේ මේ කියන ප්‍රකට ව්‍යාපාරිකයාය. මෙම ව්‍යාපාරිකයාගේ නම මේ මොහොතේ රටට හෙළිදරව් කිරීමට අප කටයුතු නොකළත් ඉදිරියේදී ඔහු සම්බන්ධයෙන් නම්ගම් සහිතව හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට අප මේ වන විටත් තොරතුරු සියල්ල එක්රැස් කරගෙන අවසානය. දැනට නම නොමැතිව තොරතුරු වාර්තා කළත්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, ගෝඨාභය දේශපාලන චරිතයක් ලෙසත් රට ඉදිරියේ නිර්මාණය කළේ මේ කියන ව්‍යාපාරිකයාය. ඒ සඳහා තම ව්‍යාපාර ඔස්සේ කළ හැකි හැම දෙයක්ම මේ ව්‍යාපාරිකයා කිසිදු අපුලකින් තොරව සිදුකළේය. තම ව්‍යාපාර ඔස්සේ ජාතිවාදය අවුස්සා ජාතීන් අතර වෛරය වපුරා එහි වාසිය ආණ්ඩුව වෙත ලබා දීමේ තිරය පිටුපස විශාලම වැඩකොටස කළේද මේ කියන ව්‍යාපාරිකයාමය.

ව්‍යාපාරිකයාගේ සැලැස්ම තවත් රෑකඩයක් හැදීමද?

නමුත් මේ ව්‍යාපාරිකයාට මේ වන විට රාජපක්ෂලාගේ බල කඳවුර බිඳවැටෙන බවට ඉඟි පහළ වී ඇති බැවින් ඔහුගේ සැලසුම වී ඇත්තේ ගෝඨාභය නිර්මාණය කළා සේම තවත් අලුත් නායකයකු නිර්මාණය කිරීමටය. එසේත් නොමැති නම් තමන්ට පාලනය කළ හැකි තවත් නායකයකු නිර්මාණය කර ගැනීමය. ඒ අනුව මේ වන විට අලුත් නායකයා හදන සැලසුම ආරම්භ කර ඇති මේ ව්‍යාපාරිකයා ජනාධිපතිවරයා වෙත පණිවුඩය රැගෙන යමින් කියා සිටියේ විමල්ලා, උදයලා සමග සියයක කණ්ඩායමක් සිටින බවත්, ඔවුන් ස්වාධීන වූ වහාම ආණ්ඩුව වැටෙන බවත්, එවිට ජනාධිපතිවරයාටත් බලයේ සිටිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවත්ය. එම නිසා හොඳම දේ අගමැතිවරයා ඉවත් කොට විමල් පිලට අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දීම බව ජනාධිපතිවරයාට කී මෙම ව්‍යාපාරිකයා තමන් එහිදී ජනාධිපතිවරයාව ආරක්ෂා කරන බවද කියා සිටියේය.

ජනපතිත් බය වෙයි!

වැඩි දේශපාලන පලපුරුද්දක් නොමැති වීම හේතුකොට ගෙන මෙම ව්‍යාපාරිකයා කී කතාව විශ්වාස කළ ජනාධිපතිවරයාද වහාම අගමැතිවරයාට පණිවුඩයක් යවමින් කියා සිටියේ බහුතර බලය නොමැති බැවින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටය. අගමැතිවරයා ද ඊට අවනත වෙමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පවා සකස් කළත් අවසානයේ එය ව්‍යර්ථ වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් අරලියගහ මන්දිරයට පැමිණ විමල්ලා කියන ආකාරයට ඔවුන්ට බහුතර බලය නොමැති බව තහවුරු කොට කියා සිටීම නිසාය. අප ඒ බව ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අනාවරණ කිරීමටද පියවර ගත්තෙමු.

113 හොයන්න මෙහෙයුමක්!

ඒ අනුව විමල්ලා තමන්ට 113 ඇති බව කියද්දී අගමැතිගේ පාර්ශ්වයෙන් තමන්ට 113 තවමත් ඇති බව පෙන්වා දීමට වෙනම මෙහෙයුමක් දියත් විය. ඒ, අරලියගහ මන්දිරය කේන්ද්‍ර කොටගෙන එක් මෙහෙයුමක් ලෙසටත්, ජනාධිපතිවරයා දැනට රැඳී සිටින කොටුව ජනාධිපති මැදුරේ පහළ මහලේ සිට තවත් මෙහෙයුමක් ලෙසටය. මෙම දෙක සම්බන්ධීකරණය කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසකි. ඒ අනුව ඔවුන් ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුවේ වැට උඩ සිටින බවට අනුමාන කළ බොහොමයක් මන්ත්‍රීවරුන් ජනපති මැදුරට ගෙන්වා ඉහළ මහලේ සිටි ජනාධිපතිවරයා මුණගස්වා අගමැතිවරයාට සහාය පළකරන බව තහවුරු කර සිටීමට පියවර ගත්තේය. ඒ බව වරින් වර ඔවුන් අරලියගහ මන්දිරයේ සිටි අගමැතිවරයා දැනුවත් කිරීමටද පියවර ගත්තේය. ඒ අනුව පසුගිය සතියේ පාර්ලිමේන්තුව ආරම්භ වන විට 113ක් නොව 117ක මන්ත්‍රී බහුතරයක් සොයාගැනීමට එම පිරිස සමත් වූහ.

ව්‍යාපාරිකයාගෙන් ප්‍රසන්ටේෂන් එකක්!

එමෙන්ම ඒ වන විටත් ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරුන් සියල්ල ඉල්ලා අස්වී තිබීම නිසා අරලියගහ මන්දිරයේ සිටින අගමැතිවරයාගේ කාර්යාලයෙන් අලුත් අමාත්‍ය මණ්ඩලයේ නම් ලැයිස්තුව සකස් වෙමින් පැවැතිණි. මෙහිදීද අප කලින් කී ව්‍යාපාරිකයා මැදිහත් වෙමින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ මේ වන විට තරුණයන් ගාලු මුවදොර සිට නොනැවතී අරගල කරන නිසා ජ්‍යෙෂ්ඨයන් ඉවත් කොට නවක තරුණ මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීම හරහා මෙම අරගලය අවසන් කළ හැකි යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන්) කරමින් මේ ව්‍යාපාරිකයා පෙන්වා දුන්නේ එසේ කළහොත් නැවතත් ජනාධිපතිවරයා රට ඇතුළේ ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස ඉස්මතු කළ හැකි යැයි කියාය. එසේ ජ්‍යෙෂ්ඨයන් ඉවත් කොට නිර්මාණය කරන අලුත් කැබිනට්ටුවේ තරුණයන්ට තනතුරු ලබාදී ඒ හිස්වන රාජ්‍ය අමාත්‍ය ධුරවලට තවත් තරුණ කණ්ඩායමක් පත්කිරීම හරහා ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදිය හැකි බවද මෙම ව්‍යාපාරිකයා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.

විසබීජය පැළ කරයි!

ඒ හරහාද මේ ව්‍යාපාරිකයාට අවශ්‍යව තිබුණේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුමක් නිර්මාණය කොට කෙසේ හෝ අගමැතිවරයා තනතුරෙන් ඉවත් කරලීමය. ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපාරිකයාගේ සැලැස්ම සාර්ථක වන ආකාරයක් දැකගන්නට ලැබුණේ කැබිනට් මණ්ඩලයේ තනතුරු ලබාදීම හරහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මුල් අදියරේදීම මත ගැටුමක් නිර්මාණය කිරීමට ඔහු සමත්ව තිබීම නිසාය.

එදා හැසිරුණු විදිහ!

අනෙක් අතට මෙම ව්‍යාපාරිකයා පසුගිය කාලසීමාව පුරාම තමන්ට අයත් ව්‍යාපාර ජාලය ඔස්සේ මහ බැංකු බැඳුම්කර හොරකම පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේය. එමෙන්ම එම හොරකමට එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ බවටද රටට කියා සිටියේය. එදා තත්ත්වය එසේ වුවද මේ වන විට මෙම ව්‍යාපාරිකයා රනිල් හා ආණ්ඩුව අතර යම් දේශපාලන ගනුදෙනුවක් ඇතිකිරීමේ වෑයමකද නිරතව සිටීම විශේෂ සිදුවීමකි. විශේෂයෙන්ම මිරිහානේ සිදුවූ සිදුවීමෙන් පසු මෙම ව්‍යපාරිකයා ජනාධිපතිවරයා හා රනිල් අතර රහස් හමුවක් පවා සංවිධාන කිරීමටද පියවර ගෙන ඇත. මීට අමතරව මෙම ව්‍යාපාරිකයා රනිල් හා විමල් පිලේ ප්‍රබලයකුද මුණගස්වා සාකච්ඡාවක් පැවැත්වීමට මැදිහත් වී ඇති බව දැනගන්නට ඇත. මේ හරහාද මෙම ව්‍යාපාරිකයා ජනාධිපතිවරයාට ලබාදී තිබූ පණිවුඩය වූයේ අගමැතිවරයා නියත වශයෙන්ම තනතුරෙන් ඉවත් කළ යුතු යැයි කියාය.

අලුත්ම ඉත්තා මහින්දානන්ද!

ඒ අනුව මෙම ව්‍යාපාරිකයා කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨයන් ඉවත් කොට නවකයන් පත්කිරීමට කටයුතු කළ යුතු බවට වූ මතය තහවුරු කිරීම සඳහා තවත් අලුත් ආයුධයක්ද යොදා ගත්තේය. ඒ, වෙන කවුරුවත් නොම මහින්දානන්ද අලුත්ගමගේය. බොහෝ දෙනා මහින්දානන්ද ජ්‍යෙෂ්ඨයන් සමග එක්ව ආණ්ඩුව ආරක්ෂා කරගැනීමේ ප්‍රධානියකු ලෙස පෙනී සිටින්නකු යැයි කියාය. නමුත් යටකී ව්‍යාපාරිකයාගේ පෙළඹවීම අනුව ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨයන් ඉවත් කිරීම සඳහා නිල වශයෙන් වූ යෝජනාව ඉදිරිපත් වූයේ මහින්දානන්ද හරහාය. ජනාධිපතිවරයා හා ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවලදී මහින්දානන්ද එම යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ අවස්ථාවේදී සියලු ජ්‍යෙෂ්ඨයන් ඉවත් කොට තරුණයන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම හරහා ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදීමට කටයුතු කළ යුතු යැයි කියාය. මහින්දානන්ද මෙම කතාව කී ආකාරයට ජ්‍යෙෂ්ඨයන් වූ ජොන්ස්ටන්ලාට, රෝහිතලාට පවා කළ හැකි කිසිවක් ඉතිරිව නොතිබිණි. නමුත් ඒ වන විටත් ජනාධිපතිවරයා තීන්දු කොට තිබුණේ ව්‍යාපාරිකයා කී පරිදිම තරුණ මන්ත්‍රී කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයට පත්කිරීමටය.

මහින්ද ජ්‍යෙෂ්ඨයන්ගේ පැත්ත ගනී!

ඒ අනුව ජනාධිපතිවරයා මේ බව අගමැතිවරයාට දැනුම්දීමට පියවර ගත්තද අගමැතිවරයා ඊට එකඟතාව පළ කළේ නැත. මහින්ද එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ එවැන්නක් සිදුකළහොත් නැති ගැටලුවක් ආණ්ඩුව ඇතුළේ මතුවනු ඇති බවත්, ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවත්ය. නමුත් ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙමින් පවසා සිටියේ එම තීන්දුව ගෙන අවසන්ව ඇතැයි කියාය. පසුව මහින්ද ඥාති පුත්‍රයකු සහ තමන්ට හිතවත් ජනාධිපති ලේකම්වරයා හරහාද මේ බව ජනාධිපතිවරයාට දැනුම්දී සිටීමට පියවර ගත්තේය. දිගින් දිගටම පණිවුඩ යැව්වත් ජනාධිපතිවරයා සිය තීන්දුව වෙනස් නොකරන බව වටහා ගත් මහින්ද කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දින රාත්‍රියේ අරලියගහ මැදුරේ සිට ජනාධිපති මැදුරට ගොස් ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවීමට පියවර ගත්තේය. රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත්තේ දෙදෙනා අතර පැවැති මෙම සාකච්ඡාව ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවකි.

මහින්දගෙන් සැර උත්තරයක්!

සාමාන්‍යයෙන් මේ දෙදෙනා මුහුණට මුහුණ හමුවී මේ ආකාරයේ සාකච්ඡා පවත්වන්නේ ඉතා කලාතුරකිනි. දෙදෙනාම කරන්නේ තමන්ට දැනුම්දීමට ඇති පණිවුඩ විවිධ පාර්ශ්ව ලවා දෙදෙනාට දැනුම්දීමය. නමුත් මුහුණට මුහුණ පැවැති මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් 17 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත්, එහි වැඩි පිරිසක් තරුණ මුහුණු බවත්ය.

ඊට මහින්ද දුන්නේ තරමක් සැර පිළිතුරකි.

‘මේක ලොකු මිස්ටේක් එකක්. මේක කවුරු හරි දුන්න ලොකු ලනුවක්. මේකෙන් ආණ්ඩුව ඇතුළේ තව පිපිරීම් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ.’ යනුවෙන් මහින්ද කියද්දී පවා ජනාධිපතිවරයා සිය ස්ථාවරය වෙනස් නොකළෙන් අවසානයේදී මහින්ද සාකච්ඡාව අවසන් කොට පුටුවෙන් නැගී සිටියේ, ‘එහෙනම් ඕනෙ දෙයක් කරගන්න’ යැයි කියාය.

තරුණ අය කැබිනට්ටුවට!

ඒ අනුව මහින්ද වහාම අරලියගහ මන්දිරයට ගොස් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුටම කතා කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා නව කැබිනට්ටුවක් පත්කිරීමට තීරණය කර ඇති බවත්, තමන් ඊට විරුද්ධ වුවද ජනාධිපතිවරයා එය නොපිළිගත් බවත්ය.

‘මම දැන් ජනාධිපතිතුමා හම්බවෙලයි ආවෙ. එයා මට කිව්වා තරුණ මුහුණු තියෙන කැබිනට් මණ්ඩලයක් පත්කරනවා කියලා. ඒකෙ ජ්‍යෙෂ්ඨයන්ට ඉඩක් නෑ. මම ඒකට විරුද්ධ වුණත් එයා එයාගෙ මතය වෙනස් කළේ නෑ. එයාට කවුරු හරි ලොකු ලනුවක් දීලා තියෙනවා මේක කළාම ගෝල්ෆේස් එකේ අරගල කරන තරුණයො ඒක නවත්තයි කියලා. ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලා. හැබැයි එහෙම වෙන්නෙ නෑ.’ යනුවෙන් මහින්ද ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී සිටියේය.

මහින්දත් ගේමට එන්ටර් වෙයි!

ඇත්තම කියනවා නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුම පටන්ගත්තේ එතැනින්ය. එම ගැටුම පසුදින පෙරවරුවේ ජනපති මැදුරේ පැවැති නව අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේදීම එළියට පැන්නේය. ඒ, මහින්ද අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම්දීමට නොපැමිණීම හරහාය. මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය. ඒ අනුව මහින්ද කළේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ඔවුන් සියලු දෙනාම අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමය.

සුමන්තිරන්ට එන්න කියයි!

එමෙන්ම තමන් අගමැති තනතුරින් ඉවත් කිරීම සඳහා කිසියම් මෙහෙයුමක් දියත් වන බව ඒ වන විටත් වටහාගෙන තිබූ මහින්ද, ඊටද ප්‍රතිචාර දැක්වීමටද පියවර ගත්තේය. ඒ අනුව මහින්ද වහාම කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එම්.ඒ. සුමන්තිරන්ට කතා කිරීමය. එසේ කතා කළ මහින්ද තමන් හමුවීමට හැකිද යනුවෙන් ඔහුගෙන් විමසා සිටියේය. එවිට සුමන්තිරන් කීවේ තමන් මේ වන විට යාපනයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටින බවත්, එසේ ආපසු මුණගැසිය හැකි බවත්ය. නමුත් අරලියගහ මන්දිරයේදී හමුවිය නොහැකි බවද සුමන්තිරන් මහින්දට කියා සිටියේය.

රාජපක්ෂලාගේ දේශපාලනය අවසන්!

ඒ අනුව දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ එක්තරා ස්ථානයක පැවැත්විණි. එහිදී මහින්ද සුමන්තිරන්ගෙන් කෙළින්ම විමසා සිටියේ මෙම අර්බුදය විසඳීම සඳහා කුමක් කළහැකි දැයි කියාය. ඊට පිළිතුරු දුන් සුමන්තිරන් කියා සිටියේ, දැන් මේ අර්බුදය විසඳිය නොහැකි බවත්, රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් වන තැනට පැමිණ ඇති බවත්ය.

‘දැන් මේ අර්බුදය විසඳන්න බැරි තැනකට ඇවිල්ලයි තියෙන්නේ. දැන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඉවරයි. දැන් එළියෙ කැරැල්ල ඉවරත් නෑ. ඇතුළෙ කැරැල්ල ඉවරත් නෑ. ජාත්‍යන්තරයෙනුත් ප්‍රශ්න පිට ප්‍රශ්න. ඒක නිසා ඔබතුමා මතක තියාගන්න ආයෙමත් මේ රටේ කිසිම මනුස්සයෙක් ජනාධිපතිවරණයකදි රාජපක්ෂවරයෙක්ට ආයෙ ඡන්දෙ ගහන්නෙ නෑ. හැබැයි එක චාන්ස් එකක් විතරක් තියෙයි. මේ වෙලාවෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න තීරණය කළොත් කවදා හරි දවසක රාජපක්ෂවරයෙක්ට ආයෙමත් චාන්ස් එකක් එයි….’ යනුවෙන් සුමන්තිරන් මහින්දට කියද්දී මහින්ද කියා සිටියේ එසේනම් ගෝඨාභයගේ වාරය අවසන් වීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කළ හැකි යැයි කියාය.

සුමන්තිරන් ගෙනා යෝජනාව!

නමුත් ඊට සුමන්තිරන් විරෝධය පළ කළේය. සුමන්තිරන් කීවේ එවැන්නක් ජනතාව පිළි නොගන්නා බවකි. එහිදී මහින්ද සුමන්තිරන්ගෙන් විමසා සිටියේ එසේ නම් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්නේ කෙසේදැයි කියාය. ඊට පිළිතුරු දෙමින් සුමන්තිරන් කියා සිටියේ මුල් අදියරේදී 20 අහෝසි කොට 19 වැනි සංශෝධනයට ගමන් කළ යුතු යුතු බවකි. එවිට වැඩි බලයක් පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාට හිමිවන බව පෙන්වා දුන් සුමන්තිරන් එසේ විධායක බලතල අඩුකිරීම හරහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පමණක් නොව වෙනත් රටවල සහාය ගැනීමට පවා හැකි බව පෙන්වා දුන්නේය. ඒ අනුව මහින්ද විධායක බලතල අවම කිරීමේ යෝජනාවට එකඟතාව පළ කරමින් ආණ්ඩුව ඇතුළේ එය ඉදිරියට රැගෙන යෑමට තීන්දු කළ අතර ඊට විපක්ෂයේ සහාය ලබාගැනීමේ වගකීම සුමන්තිරන්ට පැවරීමට පියවර ගත්තේය. සුමන්තිරන්ද ඊට එකඟතාව පළ කළේය.

සුමන්තිරන් සජිත්ව හමුවෙයි!

ඒ අනුව සුමන්තිරන් මුලින්ම කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසීමය. එසේ හමුවී විධායක බලතල අහෝසි කිරීමට අගමැතිවරයා තීන්දු කර ඇති පුවත සජිත්ට දැනුම් දීමට පියවර ගත්තේය. සජිත් ඊට එකඟතාව පළ කළද ඊට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

සජිත් විරෝධය පළ කරයි!

‘අපි ලෑස්තියි විධායක බලතල අහෝසි කරන්න. හැබැයි ප්‍රධාන විපක්ෂය විදියට අපේ ස්ථාවරය වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි කියන එකයි. ඊට අමතරව රටේ විශාල පිරිසක් මේ වෙද්දි අරගල කරනවා රටේ යම් යම් සාධනීය සංශෝධන සිද්ධ වෙන්න ඕනෙ කියලා. අපි ඒ තරුණයන්ගෙ ඉල්ලීමුත් ව්‍යවස්ථාවට ඇතුළු කරන්න ඕනෙ.’ යනුවෙන් සජිත් කියද්දී සුමන්තිරන් කීවේ එය සිදුවිය යුතු වුවත් ආරම්භයක් ලෙස 20 සංශෝධනය කිරීමට කටයුතු කරමු යැයි කියාය. නමුත් ඊට සජිත් එකඟතාව පළ කළේ නැත. සජිත් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමයම අහෝසි කිරීම පිළිබඳ අගමැතිවරයා සමග සාකච්ඡා කරන්න යැයි කියාය.

කතානායක මහ රෑ අරලිය ගහ මැදුරට!

තත්ත්වය මෙසේ පැවැතියදී මහින්ද වහාම කතානායකවරයා අරලියගහ මන්දිරයට කැඳවීමට පියවර ගත්තේය. ඒ, 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කිරීම සඳහාය. සාමාන්‍යයෙන් මහින්ද සහ මහින්ද යාපා සැලකෙන්නේ වසර 40ක පමණ දේශපාලන මිත්‍රත්වයක් ඇති ඉතා සමීප හිතවතුන් ලෙසටය. ඒ අනුව දෙදෙනා අතර පැවැති මෙම සාකච්ඡාවේදී 20 සංශෝධනය කිරීම පිළිබඳ පමණක් නොව, 20 අහෝසි කිරීමෙන් පසු කිසිවකු විසින් හෝ නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට ඉඩ ලබාදිය යුතු ආකාරය පිළිබඳවද සාකච්ඡා වූ බව ආරංචිය.

කට්ටියම කැමැතියි! විමල් විතරක් විරුද්ධයි!

පසුව මහින්ද යාපා අගමැතිවරයාට කියා සිටියේ තමන් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඊට පසු දින පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී සියලු දෙනාටම දැනුම් දෙන්නම් යැයි කියාය. ඒ අනුව අඟහරුවාදා දින පැවැති පක්ෂ නායක රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එක්ව ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාට දැනුම්දීමට කටයුතු කරන්නේ නම් තනතුරෙන් ඉවත් වීමට ජනාධිපතිවරයා සූදානම් යැයි කියාය. ඒ අනුව දිනේෂ් ඇතුළු සියලු පක්ෂ නායකවරුන් ඊට එකඟතාව පළ කළත් විමල් පමණක් ඊට විරෝධය පළකරමින් අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි විය. විමල් කියා සිටියේ ඒ හරහා රට අස්ථාවර වන බවත්, රට අරාජිකත්වයකට යෑම නොවැළැක්විය හැකි බවත්ය. නමුත් විමල්ගේ මතයට පක්ෂව එහි සිටි අනෙක් කිසිවෙකුත් අදහස් නොදැක්වීම විශේෂ සිදුවීමක් විය.

කතානායක ටොම් පචයා!

ඒ අනුව පක්ෂ නායකවරුන් සියලු දෙනා එකඟ වන්නේ නම් ජනාධිපතිවරයා ඉවත් වීමට සූදානම් බවට වූ පුවත මොහොතක් යෑමට මත්තෙන් එළියට ගියේය. සජිත්ද එය පාර්ලිමේන්තුවේදී මතු කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කිරීමට පක්ෂ නායකයන් සූදානම් යැයි කියාය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කතානායකවරයා මුල් ස්ථාවරය වෙනස් කොට මන්ත්‍රීවරුන් 113 දෙනකු අස්සන් කොට ලිපියක් ලබාදෙන්නේ නම් අගමැතිවරයකු පත්කළ හැකි බව තමන් කී බවත්, සජිත් කියන ආකාරයේ ප්‍රකාශයක් නොකළ බවත්ය. එහිදී දැඩි කෝපයට පත් සජිත් කතානායකවරයාට ‘ටොම් පචයා’ යැයි කියමින් දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් පක්ෂ නායක රැස්වීමේදී සිදුවූ දේ විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී දිනේෂ්ද කතානායකවරයාගේ පැත්ත නොගෙන නිහඬව සිටීම විශේෂ සිදුවීමක් විය.

සජබෙ වෙනම ගේමක

ඒ අනුව සමගි ජන බලවේගය සිය ඊළඟ පියවර තබමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීමට පියවර ගත්තේය. සජිත් එය භාරදුන්නේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයන් රැසකටය. ඒ අනුව ඔවුන් දින තුනක් පුරා දිවා රාත්‍රිය නොබලා වෙහෙස වෙමින් දින තුනක් ඇතුළත විධායක ජනපති ක්‍රමය වෙනස් කිරීමේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කර සජිත්ට භාරදීමට පියවර ගත්තේය. පසුගිය බදාදා දිනයේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් විසින් එය කතානායකවරයාට භාරදීමට පියවර ගත්තේය.සජිත් මෛත්‍රී හමුවක්!

කෙසේ වෙතත් අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තු සතිය ආරම්භ වීමත් සමග ආණ්ඩුව නියෝජනය කළ 40ක් විපක්ෂයේ අසුන් ගැනීමට පියවර ගත්තේය. ඔවුන්ගේ ඊළඟ සැලසුම වී තිබුණේ මහින්ද ඉවත් කර නව අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් බිහිකර ගැනීමය. එසේ අන්තර්වාර පාලනයක් බිහිකර ගන්නේ නම් ඒ සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග සාකච්ඡා කොට යම් එකඟතාවක් ඇතිකරගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබිණි. ඒ අනුව ඒ පිළිබඳ සජිත් සමග සාකච්ඡා කිරීම ඔවුන් භාරදුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටය. මන්ද, මෛත්‍රිපාල ජනාධිපති ධුරයේ සිටියදී අවස්ථා 103කදී සජිත්ට අගමැතිකම භාරගන්නා ලෙස දැනුම්දී තිබීම ඊට හේතුවය. ඒ අනුව මෛත්‍රි, සජිත්ට අතර සාකච්ඡාවක් පසුගිය සතියේ පැවැති අතර, එහිදී මෛත්‍රි, සජිත්ට අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම භාරගන්නා ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්තේය.

අගමැතිකම බාරගන්න මෛත්‍රීගෙන් සජිත්ට යෝජනාවක්!

‘දැන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්න. ඔබතුමා ඒකෙ අගමැතිකම භාරගන්න. අපි ලෑස්තියි ඔබතුමා එක්ක කටයුතු කරන්න.’ යනුවෙන් මෛත්‍රි කියද්දී සජිත් එය පෙර වතාවන්හිදී මෙන්ම කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

‘නෑ, අපට ඉන්නේ මන්ත්‍රීවරු 54යි. ඔය විදියට කෑලි කෑලි එකතු කරලා හදන ආණ්ඩුවලින් වැඩ කරන්න අපිට අමාරුයි. ඒ හින්දා ඔබතුමාලා කැමැති කෙනෙක් අගමැති විදියට පත් කරගෙන යම්කිසි කාල රාමුවකට වැඩ කරන්න. අපි ඒකට සහාය දෙන්නම්. හැබැයි ඒකත් කොයි විදියටද පිහිටුවන්නෙ කියලා අපිට කියන්න ඕනෙ. ඒකෙ කොන්දේසි මොනවද කියලා බලන්න ඕනෙ. කොහොම වුණත් ජනාධිපතිවරයගෙ බලතල අහෝසි නොකොට කරන කිසිම දේකට එකඟ වෙන්න අපිට බෑ. මොකද එහෙම වුණොත් ජනතාවගෙ විරෝධය අපටත් එන්න ඉඩ තියෙනවා.’ යනුවෙන් සජිත් කියා සිටියේය.

ව්‍යාපාරිකයා පසුපෙළ අල්ලගෙන අලුත්ම ගේමක් ගහයි!

මේ සියල්ල අතරවාරයේ අගමැතිවරයා තනතුරින් ඉවත් කරන සටනේ නියුතුව සිටින ප්‍රකට ව්‍යාපාරිකයාද පසුගිය සතිය වන විට ඒ සඳහා තවත් සැලසුමක් දියත් කිරීමට පියවර ගත්තේය. එවර ඔහුගේ සැලසුම වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අල්ලාගෙන අගමැතිවරයා ඉවත් කළ යුතු බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමය. ඒ සඳහා ඔහු යොදාගත්තේ පොහොට්ටුවේ වසන්ත යාපා බණ්ඩාරය. ඔහු කලින් හෙළ උරුමය නියෝජනය කළ අයෙකි. ඒ අනුව ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට නොකියා කියැවෙන ලිපියක් සකස් කොට, ඊට 10 දෙනකුගේ අස්සන් ගැනීමට කටයුතු කළ වසන්ත පසුගිය අඟහරුවාදා දිනයේදී එම ලිපිය ජනාධිපතිවරයාට භාරදීමට පියවර ගත්තේය. ඒ හරහා යට කී ව්‍යාපාරිකයා ඇතුළු පිරිස ප්‍රචාරයක් ගෙන යමින් කියා සිටියේ ආණ්ඩුවෙන් තවත් 10 දෙනෙක් ඉවත් වීමත් සමග මේ වන විට 117ට තිබූ බහුතරය 107ට වැටී ඇති බවත්, අගමැතිවරයා තනතුරෙන් ඉවත් වීඹට පියවර ගත යුතු බවත්ය. ජනාධිපතිවරයාද එම ලිපිය එදිනම සවස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් අතේ අගමැතිවරයා වෙත එවීමට පියවර ගත්තේය. මහින්ද එම ලිපිය තමා අසල සිටි කිහිප දෙනකුටම එය කියවා බලන ලෙස දැනුම්දී සිටියේය. එමෙන්ම එම ලිපිය තමන්ට එවීම හරහා ජනාධිපතිවරයා ලබාදී තිබූ ඉඟියද තේරුම් ගැනීමට මහින්දට හැකි විය. ඒ අනුව මහින්ද වහාම තීරණය කළේ තමන්ට බහුතරය ඇති බවට පෙන්වීම සඳහා වහාම ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම ඊට පසු දිනම එක්රැස් කිරීමය. ඒ සමගම එම ලිපියට අස්සන් කර තිබූ කිහිප දෙනකුට ඇමතුම් ලබාදීමට එහි සිටි කිහිප දෙනකු පියවර ගත් අතර, එසේ කතා කළ මන්ත්‍රීවරුන් සිවු දෙනකු කියා සිටියේ තමන් අගමැතිවරයා ඉවත් කිරීම සඳහා වන කිසිදු ලිපියකට අස්සන් නොකළ බවය. එමෙන්ම ඊට අස්සන් කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මහින්දට කතා කොට කියා සිටියේද තමන් එම ලිපියට අස්සන් තැබුවේ අගමැති ධුරයෙන් එතුමාව ඉවත් කිරීමේ චේතනාවෙන් නොවේ යැයි කියාය. ඒ අනුව ඊට පසුදින පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා එම ලිපියට අස්සන් තැබූ මන්ත්‍රීවරුන් හතර දෙනෙක්ද සහභාගි වී සිටියහ. එහිදී අරුන්දික ප්‍රනාන්දු අගමැතිවරයාට සහාය පළකිරීමේ යෝජනාවක් රැගෙන ආ අතර, එය සියලු දෙනා අත් ඔසවා සම්මත කිරීමට පියවර ගත්හ. ඊට මන්ත්‍රීවරුන් 88 දෙනෙක් සහභාගි වී සි ටියහ.

විමල් ඩලස්ව අල්ලගනී! ඩලස් ජනපති මැදුරේ!

මෙහිදී තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, මහින්ද ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරද්දී විමල් වීරවංශ පිල විසින් නව අගමැතිවරයා ලෙස පත්කිරීමට සැලසුම් කර සිටින ඩලස් අලහප්පෙරුම මහතාට ජනාධිපතිවරයාගෙන් කැඳවීමක් ලැබී තිබීමය. ඒ අනුව මහින්ද මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරද්දී ඩලස් සිටියේ ජනාධිපති මැදුරේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින්ය. මේ බව එහි සිටි මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබීමත් සමග ඔවුන් ඒ පිළිබඳ මහින්දගෙන් විමසා සිටීමට පියවර ගත්හ.

‘සර් තමයි ඩලස්ව දේශපාලනයට ගෙනාවේ. එයා චන්ද්‍රිකා එක්ක දේශපාලනය කරලා එපාවෙලා ඇමෙරිකාවෙ ගිහින් හිටියේ. හැබැයි ඔන්න දැන් විමල්ලා ඩලස්ව තමයි අගමැති කරන්න හදන්නේ. ඩලසුත් අගමැතිකම ගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි ආරංචිය.’ යනුවෙන් විමසද්දී මහින්ද ඊට දුන්නේ අපූරු පිළිතුරකි.

ඩලස් මහින්දට කියපු කතාව!

‘මටත් ඕක ආරංචි වුණාම මම ඩලස්ට කතා කරලා කෙළින්ම ඇහුවා මොකක්ද මේ අගමැතිකම ගන්න ලෑස්ති වෙනවා කියන කතාව කියලා. මම එයාට කිව්වා ඔයාට අගමැතිකම ඕනෙ නම් මට කෙළින්ම කියන්න, මම ඒක දෙන්නම් කියලා. හැබැයි ඩලස් ඒ වෙලාවෙ මට කිව්වේ මොන පිස්සුද සර්, මම අද දේශපාලනය කරන්නේ සර් හින්දනේ, මම කවදාවත් සර්ව පන්නන කුමන්ත්‍රණයකට සම්බන්ධ වෙන්නේ නෑ කියලා. ඉතින් මම එතැනින් එහාට කතා කරන්න ගියේ නෑ…’ යන්න මහින්ද එහිදී මන්ත්‍රීවරුන්ට දුන් පිළිතුර විය.

සදුදා තීරණාත්මකයි!

කෙසේ වෙතත් දැන් දේශපාලන වටපිටාව ඇත්තේ ගිනිගන්නා තරමට රත්වෙලාය. රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් තිබුණද ආණ්ඩුවට එම අර්බුදයට විසඳුම් පවතින ආකාරයක් දැකගන්නට නැත. එමෙන්ම ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් වහා ඉවත් විය යුතු බවට ඉල්ලා තරුණයන් විසින් සිදුකරන අරගලය නිමාවන ආකාරයක් දැකගන්නටද නැත. ඒ සියල්ල තිබියදී අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් සහ විපක්ෂයේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කරන යෝජනා දෙකක්ම සකස් වී අවසානය. ඉන් ප්‍රධාන විපක්ෂයේ යෝජනාව මේ වන විටත් කතානායකවරයාට භාරදී ඇති අතර අගමැතිවරයා විසින් සකස් කරන යෝජනාව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඊට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? අලුතින් පත්වූ තරුණ කැබිනට් ඇමැතිවරු ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමට සහාය දෙනු ඇද්ද? ලබන සඳුදා වන විට මේ සඳහා පිළිතුරු ලැබෙනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මිනිස්සුන්ට ගෝල්ෆේස් යන්න බැරිවෙන්න මහපාර මැද යකඩ වැටවල් ගහලා! (VIDEO)

Next Post

රට නිදහස් කරගන්න තරුණයෝ අරගල කරද්දි රට විනාශ කරන දහජරා වැඩ කරන මුන්ව හොයලා නීතියට බාර දෙන්න! (VIDEO)

MORE NEWS

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

Load More
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුව ඇප මත මුදාහැර සිටින මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.