ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සතියක් පුරා දැවැන්ත ජන අරගල අඛණ්ඩව පැවැත්වෙන බැවින් තාවකාලිකව සියලු නිල රාජකාරී කොටුව පිහිටි ජනාධිපති නිල නිවෙසේ සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ අනුව ජනපති මැදුරේ ඉහළ මාලයේ රැදීී සිටින ජනාධිපතිවරයා එහි පහත මාලයේ නිල රාජකාරි සියල්ලක්ම සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩලයද මේ වනවටි ජනපති මැදුරේ පහත මාලයේ ස්ථානගතව ඒ ඒ රාජකාරීන් සිදු කරන බව දැනගන්නට තිබේ.
පසුගිය දිනෙක ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දුන්නේද ජනපති මැදුරේදීය.










