ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන රාජපක්ෂ පාලනයට එරෙහි විරෝධතාවය අසලට අද (16) උදෑසන පොලිස් ට්‍රක් රථ සමූහයක් ගෙනවිත් තිබේ.
ගාලුමුවදොර පිටියට සමාන්තර මෙම රථ නවතා ඇති අතර යම් ගැටුම්කාරී තත්වයක් ඇතිකිරීමේ සුදානමක් ආණ්ඩුවට ඇත්දැයි සැකයක් අරගල කරුවන් අතර පැතිර යමින් ඇත.
මේ අතර මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම මෙරට පිහිටි විදෙස් රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල පවා දැනුවත් කර ඇති බව විරෝධතාවයේ නිරත පිරිසි පවසති.












