• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ආණ්ඩුවට එරෙහිව මහානාම ගහපු සුපිරි හයේ පාර! මහානාමගෙන් පස්සේ සනත්! සංගාගෙනුත් ප්‍රකාශයක්!

April 12, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවට එරෙහිව මහානාම ගහපු සුපිරි හයේ පාර! මහානාමගෙන් පස්සේ සනත්! සංගාගෙනුත් ප්‍රකාශයක්!
Share on WhatsAppShare on Facebook

ඔහු නමින් රොෂාන් මහානාම. රොෂාන් මහානාම කිව්වම බොහෝ දෙනෙක් ඔහුව දන්නවා. ඒ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට. ඔහු ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කරලා තියෙනවා. ලකුණු 2,576ක් අරගෙනත් තියෙනවා. ශතක 04ක් සහ අර්ධ ශතක 11ක් ඔහු රැස් කරගන්න සමත්ව තිබෙනවා. ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වුණු ලකුණු 225ක් ඔහු රැස් කළේ සනත් ජයසූරිය සමග. ඒ ලෝක පූජිත සම්බන්ධතාව අපට අමතක කරන්න බෑ. එක්දින තරග 213කට ඔහු ක්‍රීඩා කරලා තියෙනවා. ඒ ශ්‍රී ලංකාිවට ලෝක කුසලානය දිනා දුන් 1996 විල්ස් ලෝක කුසලාන අවසන් මහා තරගයත් සමග. ලකුණු 5,162ක් ඔහු රැස් කරලා තියෙනවා. ශතක 04ක්, අර්ධ ශතක 35ක් මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා රැස්කරලා තියෙනවා. වැඩිම ලකුණු සංඛ්‍යාව 119ක්.

ඇයි මේ වෙලාවෙ රොෂාන් මහානාම ගැන කියන්නේ? හේතුවක් තියෙනවා. 1966 මැයි 31 වැනිදා උපන්න මේ ක්‍රීඩකයා අද වෙනකොට පසුකරන්න සූදානමින් ඉන්නේ තමන්ගේ 56 වැනි උපන් දිනය. ඒ කියන්නේ දැන් රොෂාන් මහානාම වයසයි. ජාතික කණ්ඩායමේ නායකයා වෙයි කියලා හැමෝම මහානාම ගැන බලාපොරොත්තු තියාගෙන හිටියත් මහානාමට ජාතික කණ්ඩායමේ නායකත්වයට එන්න ලැබෙන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා ඔහු නිකන් ඉන්නෙත් නෑ. රොෂාන් මහානාම පහුකාලීන ජාත්‍යන්තර තරග තීරකයෙක් බවට පත්වෙනවා. ඔහු මුල්ම තරග තීරකත්වය ලබාදෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතර කිංග්ටන්වලදී 2004 වසරේ පැවැති එක්දින ජාත්‍යන්තර තරගයට.

මේ සියල්ල අතරතුරේ රොෂාන් මහානාම මේ වතාවෙ වැදගත් වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මහානාම මේ වතාවෙ සටන් බිමට පිවිසිය නිසා. ඔහු මේ සටනේ මූලිකත්වය ගත්ත කෙනෙක් නිසා. ඔහු මේ සටනේදී කිසිම හේතුවක් නිසා පසු නොබසින අරගලකරුවෙක් බවට පත්වෙච්ච නිසා. ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයේදී රොෂාන් මහානාම බය නැතුව කොන්ද කෙළින් තියාගෙන එළියට බැස්සා. මහානාමත් එක්ක මුල් වතාවෙ එළියට බහින්න ලංකාවෙ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයො කවුරුවත් ආවෙ නෑ. හැබැයි පස්සේ මහානාමට එකතු වුණා සනත් ජයසූරියත්. හරියට ඉන්දියාවත් එක්ක පැවැත්වුණු ටෙස්ට් තරගයේ ලෝක පූජිත සම්බන්ධතාව වගේ.

මහානාම තමන්ගෙ ෆේස්බුක් ගිණුමේ මෙන්න මෙහෙම සටහනක් තියලා තිබුණා.

‘දැඩිව කලකිරුණු හදින් මේ සටහන තබන්නේ, මගේ රට අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකීමෙන්. මෙකී පාලකයන්ට වඩා මම මගේ රටට ආදරය කරන සහ දේශප්‍රේමී මිනිසකු යැයි මා ආඩම්බර වන්නේ අවස්ථාව ලැබී තිබියදීත් මම මෙරටින් පිට නොවී සිටින නිසායි.
මම මේ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගීසිටින ලෙසයි. මේ අප එක්ව එක හඬින් ‘දැන් ඇති’ කියා කිය යුතු මොහොතයි.
මා මෙරටේ මිනිසුන් සමග එක්ව නැගී සිටින අතර, මගේ ලස්සන මවු රට මේ අඳුරින් මුදාගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් මේ වෙනුවෙන් වෙහෙසෙමි.’
උපුටාගැනීම අවසානයි.
(රොෂාන් මහානාමගේ ෆේස්බුක් පිටුවෙන්.)

මහානාම ලංකාවෙන් පිටවෙලා නොයා ඉන්නේ ඔහුට යන්න බැරි නිසා නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. මේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාට ලෝකෙ ඕනෙ තරම් රටවල දොර ඇරෙනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා අපේ රටේ හිටපු බොහෝ ක්‍රීඩකයන් දැන් ඉන්නේ අපිත් එක්ක නෙවෙයි. ඒගොල්ලො අපේ රට අතහැර දාලා ගිහින් වෙන රටවල ජීවත් වෙනවා. සමහර ක්‍රීඩකයො දේශපාලනයට, මේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගිය අය. දැන් ඒගොල්ලො කඩේ ගිය ගමන්ම ඔස්ටේ්‍රලියාව වගේ රටවලට ගිහින් ඒ රටවල ස්ථිර පදිංචිකාරයො බවට පත්වෙමින් ඒ සියල්ල අතහැරල දාලා ඉන්නවා. ඔවුන් විනාශ කරපු රට ආයෙත් හදන්න ඒගොල්ලන්ට වුවමනාවක් නෑ.

රොෂාන්ගෙන් පස්සේ අපි දැක්කා කුමාර සංගක්කාර වගේ ක්‍රීඩකයො විවිධ සටහන් තියල තියෙනවා. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයො මේ මොහොතේ දරන ස්ථාවරය මොකක්ද කියලා අපි දන්නෙ නෑ. රටක ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට, රටක ජාතික අර්බුදයකදී ඒ රටේ රජයට එරෙහිව පාලකයන්ට එරෙහිව සටන් කළ හැකිද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මේ විදියටම තමන්ගෙ රටේ තිබුණු පාලකයන්ගෙ අදූරදර්ශීකමට එරෙහිව කැරැලි ගහපු සමහර ක්‍රීඩකයන්ට තමන්ගෙ රට අතහැර දාලා යන්න පවා සිද්ධ වුණා. ඇන්ඩි ෆ්ලවර්, ග්‍රාන්ට් ෆ්ලවර් වගේ විශිෂ්ට ක්‍රීඩකයන් සිම්බාබ්වේවලින් ගියේ ඒ රටේ පැවැති දේශපාලන අර්බුදයට එරෙහිව සටන් කරන්න ගිය නිසා. ඒත් ඔවුන්ගේ ක්‍රිකට් දිවිය එතැනින් නිමා නොවුණත්, සිම්බාබ්වේ ක්‍රිකට් වසන්තය එතැනින් නිමා වුණා. සිම්බාබ්වේට ක්‍රිකට් සුනාමියක් ඇවිල්ලා තරග එකින් එක පරදින්න පටන් අරගෙන ලෝකයේ ප්‍රධානතම කණ්ඩායම් කිහිපය අතර හිටපු සිම්බාබ්වේ කණ්ඩායම අදත් නැගිටින්න බැරි අගාධයකට ගිහින් තියෙන්නේ මේ ප්‍රශ්නය නිසාවෙන්. ඒ නිසා දේශපාලන අරගලවලදී පෙනී සිටින ක්‍රීඩකයන්ට එරෙහිව දේශපාලකයන් අවි ඔසවන්නට ගියොත් විනාශ වෙන්නේ ක්‍රීඩකයො නෙවෙයි, විනාශ වෙන්නේ ඒ රටේ ක්‍රීඩාව.

කොහොම නමුත් රොෂාන් මහානාම මේ මොහොතේ විශිෂ්ටයෙක් ලෙස කොන්ද කෙළින් තියාගෙන එළියට බැස්සා. හැමදාම රොෂාන් මහානාමව හඳුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙ මහත්තයෙක් විදියට. ඒ වගේම රොෂාන් කියලා කියන්නේ අපට හිටපු දක්ෂම ක්‍රීඩකයෙක්. ඒ විතරක් නෙවෙයි රොෂාන්ගේ උඩපන්දු රැකීම ගැන ආයෙ අහන්න දෙයක් නෑ. රොෂාන් කියන්නේ හැඩකාරයෙක්. ලස්සන කෙනෙක්. කොහොම නමුත් මේ මොහොතෙත් රොෂාන් එල්ල කරන දැවැන්ත හයේ පහරත් අතිවිශිෂ්ටයි. ඒ නිසා අපි රොෂාන්ට ආයෙත් කියනවා ‘හුරේ…’ කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ස්ථාවරත්වය ලෝකෙට පෙන්වන්න IMF සාකච්ජා ඇරඹෙන 18 වැනිදා උදේම කැබිනට් මණ්ඩලය පත් කරයි! EXCLUSIVE

Next Post

ගල් ලෙන බින්ඳ සුසිල් කෝ? හොයාගන්න නෑ! ඇමැතිකමක් අරන්ද?

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.