• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගැන විශේෂඥ වෛද්‍යවරුන් ‌වෛද්‍ය සහතිකයක් දෙයි! තත්ත්වය බරපතළයි!

April 11, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව ගැන විශේෂඥ වෛද්‍යවරුන් ‌වෛද්‍ය සහතිකයක් දෙයි! තත්ත්වය බරපතළයි!
Share on WhatsAppShare on Facebook

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව සහ එය තමන්ට පැහැදිලි බව ‘ශ්‍රී ලංකාවේ වර්තමාන (ආර්ථික) අර්බුදය’ මැයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

පාලනයට එරෙහිව නැඟෙන සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය තම සංගමය අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති නිසා බව ඔවුන් පවසයි.

එම නිවේදනය මෙසේය.

“ශ්‍රී ලංකාව නිදහසෙන් පසු අත්විදින විශාලම ආර්ථික අවපාතය මේ අවස්ථාවේ දී අත්විදිමින් සිටින බව, දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, ගෘහස්ථ ගෑස්, ඛනිජ තෙල් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිගය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉතා විශාල ලෙස වැඩි වීම වැනි කරුණු වලින් පැහැදිලි වන අතර එය දුර්වල රාජ්‍යය පාලනයේ අතුරු ඵලයක් බව ඉතා පැහැදිලි කරුණකි.

තමන්ගේ දේශපාලන මතිමතාන්තර අතහැර රට වැසියන් ලෙසින් එක්ව පල කරන විරෝධතා, මෙම ප්‍රශ්නයට ඉක්මන් විසදුම් සෙවීමට රජයට කරන දැඩි බලපෑම මනාව පිළිබිඹු කරයි.

මෙම ක්‍රියාවලිය යම්කිසි රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් ලෙස රජය විසින් හුවා දැක්වීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමු.

මෙම රජය මෙහෙයවනු ලබන්නේ දේශපාලනමය වශයෙන් පරිණත නොවූ ඉතා සුළු පුද්ගලයින් සංඛ්‍යාවක් විසින් බව අපට පැහැදිලිය.

මෙවැනි සාමකාමි විරෝධතා බිඳ දැමීමට රජය හදිසි නීතිය පැනවීම හරහා සිදු කරන ක්‍රියාවලිය අප අනුමත නොකරන්නේ මෙවන් අවස්ථාවලදී එම විරෝධතා සඳහා මහජනයාට ඉතා සාධාරණ අයිතියක් ඇති බැවිනි.

අප ඉතා දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයන්ගේ උපදෙස් හා යෝජනා ලබා ගැනීම මගින් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස මෙම අර්බුදය හමුවේ විසඳුම් සෙවීම ඉතා වැදගත් බවත්, ඉතාමත් දුර්වල දේශපාලන හා බුද්ධිමය පසුබිමක් ඇති පුද්ගලයන් විසින් මෙම රජයට දුන් උපදෙස් හරහා මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත්ය.

මේ හේතුවෙන් රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීමට රජයට නොහැකි තත්ත්වයක් උදාවීම අතිශය කනගාටුදායක කරුණකි

.දැනට පවතින ප්‍රධාන අර්බුදය ආර්ථික මෙන්ම මූල්‍යමය වන එකක් බැවින් අප යෝජනා කරන්නේ මෙම කරුණු පිළිබඳව මෙන්ම දේශිය සහ විදේශීය වෙළඳාම පිළිබඳ විශේෂඥ දැනුම ඇති අවංක, කාර්‍යක්ෂම කමිටුවක් විසදුම් සෙවීම සදහා පත් කිරීම වැදගත් බවයි.

මේ සඳහා මෙම කමිටුව කඩිනම් අධ්‍යනයක යෙදීම වැදගත් වන අතර එමගින් විධිමත් යෝජනා ඉදිරිපත් කර දැනට රටේ සියලුම කොටස් මුහුණ පා සිටින මෙම දැඩි අර්බුදයෙන් ගැලවීම සඳහා කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඉතාම අත්‍යවශ්‍ය දෙයකි.

රජය විසින් සත්භාවයෙන් ආරාධනා කරන්නේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ වෘත්තිකයන්ද මෙම අවස්ථාවේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන බව අපගේ හැඟීමයි.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මෙම අවදානම් සමයේදී මුහුණ දීමට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු විසඳීමට සහාය වීම සදහා අප සංගමය බැදී සිටින බව අපි අවධාරණය කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය”

SendShareShare
Previous Post

41යි ජනාධිපතියි අතර සාකච්ජා අසාර්ථකයි! අවුරුද්දෙන් පස්සෙ ආයෙත් හම්බවෙන්නලු යන්නේ!

Next Post

එන්න අපි ‘ගෝඨාගෝගම’ ට යමු! එහේ වැඩ සිද්ධ වෙන්නෙ මෙහෙමයි! (VIDEO)

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.