• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘සහෝදරයා’ නිසා සම්මාන ගත්ත කළණි

November 30, 2019
in Heart
Reading Time: 2 mins read
A A
‘සහෝදරයා’ නිසා සම්මාන ගත්ත කළණි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සිනමාව නොසිතූ විරූ අන්දමේ ශෝචනීය තත්ත්වයකට ඇදවැටෙමින් තිබියදී ආලින්දයේ සිනමාව නම් සිය ප්‍රේක්‍ෂකයන්ට ටෙලිනාට්‍ය පොකුරු ගණන් තිළිණ කරන්නේ මදි නොකියන තරමටය. කනගාටුවට කාරණය වන්නේ, එයින් වැඩි හරියක්ම කාලය කා දමන කුණු අච්චාරුවක් වැනි බාල නිර්මාණයන් වීමය. අසරණ ප්‍රේක්‍ෂකයන්ද අබිං කෑවාසේ ඒවායේ අතරමංව සිටින්නේ රූප පෙට්ටිය රාත්‍රිය කා දමන්නට කුමක් හෝ යමක් දෙන නිසාය.
එහෙත්..,

ඔය කී බාල ටෙලි නාට්‍ය අතර ප්‍රේක්‍ෂක සිත් අමන්දානන්දයට පත්කරවන හරිම අපූරු ටෙලි නාට්‍යයන්ද නැත්තේ නොවේ. මෑතකදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඉරිදා රාත්‍රි 9.00ට විකාශය වූ “සහෝදරයා” ටෙලි කතාව ඉන් එකකි. “සහෝදරයා” ඉතා සියුම් ලෙස ප්‍රේක්‍ෂක හදවත්වල ගැඹුර සොයා ගියේය. සුවිශේෂීව කියන්නේ නම් “උත්තරා දේවිගේ” සංවේදී චරිත නිරූපණය කාගෙත් නෙතගට කඳුළක් එක් කළේය. භාව්‍යමය නිරූපණයකට මැදිවෙමින් “උත්තරා දේවිගේ” චරිතයට පණ දුන්නේ කළණි දොඩන්තැන්නය. තවත් සරලව හඳුන්වනවා නම් ඈ “කූඹියා” ලෙස ටෙලිනාට්‍ය කලාව උඩු යටිකුරු කළ “තුමිදු දොඩන්තැන්න”ගේ සුන්දර බිරියයි. බොහෝ කාර්ය බහුල දිවි රටාවකට මැදිව සිටින කළණිව “හාට්” වෙත එක් මොහොතකට හෝ සම්බන්ධ කර ගන්නට අප දැරූ උත්සාහයයි මේ.
පළමුවෙන් අපි අලුත් තොරතුරු ගැන කතාබහ කරමු කළණි?
හොඳයි, අපි කතා කරමු. “තණමල්විල කොල්ලෙක්” ගැන, ඒ තමයි මගේ අලුත්ම චරිතය. තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය රොෂාන් රවින්ද්‍ර අයියගේ අධ්‍යක්‍ෂණයක්. ඔහු මට ඇරැයුම් කළා එහි ප්‍රධාන චරිතය සඳහා. තිර පිටපත කියැවූ සැණින්ම මට හරිම ආස හිතුණා එහි රඟපාන්න. ඇත්තටම “තණමල්විල කොල්ලෙක්” මම හරිම කැමැත්තෙන් කළ චරිතයක්.
පුංචි තිරයේ ඔබව දකින වාර ගණන අඩුයි. රඟපාන්නේ චරිත තෝරා බේරා ගෙනද?
බොහෝ දුරට මට එයට ඔව් කියන්න වෙනවා. මොකද මම රඟපෑම සඳහා යොමුවන්නේ එම චරිතය මට ගැළපෙනවද? ඒ වෙනුවෙන් මට යමක් කළ හැකිදැයි? යන සාධාරණ විනිශ්චය මතයි. බොහෝ විට මම භාරගන්නේ මට ආදරයෙන් රඟපාන්නට හිතෙන චරිත පමණයි. තිර පිටපතක් කියවන විට ඒ පිළිබඳව මගේ හිත ඉතාම හැඟීම්බරයි නම් මම හිතට කන්දෙනවා, භාර ගන්නා චරිතය වෙනුවෙන් හැකි උපරිමය කරනවා.
චරිත තෝරා ගැනීමේදී තුමිඳු ඔබට වාරණ පනවන්නෙ නැද්ද?
අයියෝ.., කවදාවත්ම නැහැ. තුමිඳු තමයි මට කියන්නේ හොඳ චරිතයක් ආවොත් ඒක අතාරින්න එපා කියලා. අනෙක් කාරණය, තුමිඳුයි මමයි හරිම අවබෝධයෙන් ජීවත් වන දෙන්නෙක්. රඟපෑම සඳහා යම් චරිතයක් ලැබුණාම අපි දෙන්නම එහි තිර පිටපත කියවනවා. චරිතය ගැන අධීක්‍ෂණයක යෙදෙනවා. මගේ හිතට එය දැනුණොත් ඔහු සමඟම කතාබහකර චරිතය භාර ගන්නවා.
උත්තරා දේවිගේ චරිතයත් එලෙස භාරගත් චරිතයක්ද?
ඔව්. මම හරිම කැමැත්තෙන් කළ චරිතයක්. ඒ සඳහා මට ආරාධනා ලැබුණේ මගේ ගුරුවරයා වූ “නාමල් ජයසිංහ” සර්ගෙන්. ඔහු මට තිර පිටපත් භාර දුන්නා. එය ඉතා සාර්ථකව කරන්නට පුළුවන් කියන හැඟීම මම තුළ තහවුරු කළා. අන්න ඒ විශ්වාසය මත මම “උත්තරා දේවි”ට පණ දුන්නා.
ගැබිනියක ලෙස ඔබට එහි රඟපාන්නට ලැබුණේ, ඔබේ පුංචි පුතු “අපූර්ව” කුස දරා සිටි අවධියේම නේද?
අනේ නැහැ.., උත්තරා දේවිගේ දරුගැබ වෙනුවෙන් පාවිච්චි කළේ “ඩමි” එකක්. මගේ පුතා “අපූර්ව” මගේ කුසට ආවේ “සහෝදරයා” ටෙලිනාට්‍යයේ රඟපෑමෙන් පසුවයි.
බොහෝ දෙනකු සිතුවේ ඔබ “පුතු අපූර්ව” කුස දරාසිටියදී ගැබිනි සමය රඟදැක්වූ බවයි?
කවුරුන් හෝ එහෙම හිතුවා නම් එය මට සතුටක්. ඒ වගේම අහිංසක ආඩම්බරයක්ද මට දැනෙනවා. ඒ මොකද ප්‍රේක්‍ෂකයාට එහෙම දැනුණේ “කළණි දොඩන්තැන්න” උත්තරා දේවිට අවශ්‍ය සාධාරණය ඉටුකළා කියන එකයි. ඇත්තටම මට ලොකු සතුටක් මෙහිදී දැනුණු බව කිවයුතුයි. ඒ වගේම ගැබිනියක වූ උත්තරා දේවිට ජීවය දුන් ආසන්නයේම වාගේ තමයි මගෙ පුතු අපූර්ව මගේ කුසට ආවේ. ගැබිනියක ලෙස උත්තරා දේවි වෙනුවෙන් මා කළ චරිත නිරූපණය තුළ මවෙතින් ගම්‍ය වූ පරෙස්සම සහ ස්වභාවය මම ඇත්තටම මවක වීමට සූදානම සඳහා මට යම් පෙරහුරුවක් වූ බවද මෙතැනදී කිව යුතුයි.
උත්තරා දේවි ඔබේ පළමු චරිත නිරූපණය. ඒ වෙනුවෙන් ඔබ තෙවරක්ම සම්මාන ගත්තා?
දරාගන්න බැරි සතුටක් වගේම විශාල ආත්ම තෘප්තියක් මම ඒ සම්මාන තුළ අත්වින්දා. හොඳම නිළිය ලෙස දෙවරකටත්, නැඟී එන නිළිය ලෙස එක්වතාවකුත් මම ඒ සම්මාන දෝතට ගන්නා විට මගේ ඇස්වලට කඳුළුත් ඉනුවා. එහි තවත් එක් විශේෂයක් වුණේ මමත් තුමිඳුත් එකම වේදිකාවක හොඳම නළු – නිළියන් ලෙස සම්මානයට පාත්‍රවීමයි.
ඇත්තෙන්ම කළණි, තුමිඳුත්, ඔබත් හරි අපූරු සංකලනයක්. එහෙම නේද?
තුමිඳුව මට මුණගැහුණේ “අද වගේ දවසක ඇන්ටිගනි” වේදිකා නාට්‍යය බලන්නට ගිය වෙලාවෙයි. ප්‍රේක්‍ෂිකාවක ලෙස මම එදා ඔහුගේ රංගන හැකියාව ගැන ඔහුව හමුවී ප්‍රශංසා කරන්නට අවස්ථාව සලසා ගත්තා. ඒ හමුවීමෙන් හොඳ යහළුවන් වූ අප පසුව විවාහය තෙක් පැමිණ අපේ ප්‍රේමය තුළ කල්ගෙව්වා. ඇත්තටම අපි ලස්සන පවුලක්. මම තුමිඳු අවුරුදු එකහමාරක් වයස අපේ පුතු අපූර්ව කියන්නේ සුන්දර සංකලනයක් තමයි.
ඔබ ළමා මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නියක් බව බොහෝ දෙනකු නොදන්නා කරුණක්?
මම “ආට් තෙරපිස්ට්” කෙනකු ලෙස සේවය කරනවා. ඒ කියන්නේ චිත්‍ර කලා මනෝ චිකිත්සකවරියක ලෙස. යම් මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන දරුවන්ව සුවපත් කරනවා. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික අංශයේ මනෝ උපදේශකවරියක ලෙසද සේවයේ නිරතව සිටිනවා. රඟපාන්නට මට තියෙන කාලය හරිම සීමිතයි. මොකද? මට රැකියාව සමඟ මගේ ලස්සන පවුල තුළ හොඳ බිරියක සහ යහපත් ආදරණීය අම්මා කෙනකු වීමේ මෙහෙවරටද දායකව සිටින නිසා. ඒ තුළ හිස්තැන් තබන්නට කැමැති නැහැ.
අවසාන වශයෙන් සුවිශේෂි යමක් කියන්නට තියෙනවද?
අනිවාර්යයෙන්ම මම මාධ්‍යය හමුවේ යමක් කියන්න අවස්ථාවක් හෙව්වා. එය මම අද “හාට්” වෙත කියන්නම්. ලිපිය දිග වැඩිවුණත් මේ කියන ටික කපන්න එපා. උත්තරා දේවි ලෙස මා තුළ පළමු රංගනය තුළින් මා ලැබූ සම්මානය වෙනුවෙන් හෘදයාංගමව ස්තුති කළ යුතු පිරිසක් සිටිනවා. ඒ “සහෝදරයා” රඟපාන විට “මම ආධුනිකය” කියා නොසිතා මට සහාය දුන් ප්‍රවීණයන් පිරිසයි. නම් වශයෙන් කියනවා නම්, රොෂාන් අයියා, චාන්දනී අක්කා, චමිලා අක්කා, උදේනි අයියා, හර්ෂ සහ ධම්මික ඇතුළු කණ්ඩායම සමඟ නාමල් ජයසිංහ සර්ව ඉතාම ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් සිහි කරනවා. නිළියක ලෙස මම කොතෙක් සාර්ථකද? ඒ ගෞරවය ඔවුනටද හිමිවෙනවාමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලන්දේසි උප්පැන්නෙ ලියපු පොඩිඑකා

Next Post

අවුල් හදලා පවුල් කඩන ග්‍රහයෝ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.