• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිනමාව අල්ලලා හොල්ලන්න යන ලකයි සිකයි…

April 4, 2022
in Heart
Reading Time: 7 mins read
A A
සිනමාව අල්ලලා හොල්ලන්න යන ලකයි සිකයි…
Share on WhatsAppShare on Facebook

කොහොමත් ලක්ෂ ගණන් තමයි හම්බ වෙන්නේ…
හිට් එකක් වෙයි කියලා හිතුවේ නැහැ…
දෙතුන් ගුණයටත් වඩා වියදම් වැඩි වෙන අවස්ථා තියෙනවා…

මොකද්ද මේ යු-ටියුබ් (Youtube) යන්න ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එය අද ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වී හමාරයි. මෙවැනි ප්‍රධාන සමාජ මාධ්‍යයක් ඉදිරිපිට බොහෝදෙනාගේ ආදරය දිනාගැනීම ටිකක් බැරෑරුම් දෙයක් කියල තමයි හිතෙන්නේ. එවැනි වාතාවරණයක් මත යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ රටක් සිය හාස්‍ය රංගනය ඔස්සේ හිනැස්වූ දෙදෙනක් ලෙස ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ හඳුන්වන්න පුළුවන්. හැබැයි ඔවුන්ව බොහෝදෙනා හඳුනන්නේ “ලකයි සිකයි”‍ ලෙසටයි. මේ ඔවුන් සමග මව්රට හාට් යෙදුණු සංවාදයයි…

ලකයි සිකයි කියන්නේ ඇයි ?
ඒක හැමෝම අහන ප්‍රශ්නයක්. අපේ යූ ටියුබ් චැනල් එකේ නම ලකයි සිකයි. මගේ නම ලක්මාල් නිසා බොහෝ දෙනා ඒ කාලයේ පටන් මට ලකා කියලා ආමන්ත්‍රණය කළා. ඉතින් ග්‍රාමීය ජනවහරේ ආපු ලපයි සිපයි කියන යුගල පදයට සමාන අර්ථ රසයක් ගෙන එන වචනයක් විදිහට තමයි ලකයි සිකයි කියලා දැම්මේ.

ලකයි සිකයි ආරම්භය කොයි කාලයේ ද?
2017 වර්ෂයේ තමයි ආරම්භ කළේ…

යූ ටියුබ් චැනලය කරන්න විශේෂ හේතුවක් තිබුණා ද?
විශේෂ කියලා හේතුවක් තිබුණේ නැහැ. ප්ලැට්ෆෝම් එක තිබුණා නිසා අපිට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා තේරුණා. ඉතින් ඒ නිසා වැඩේ පටන් ගත්තා.

පටන් ගැන්මයි අදයි අතර කාලය ගත්තහම මොන වගේ වෙනසක් ද ඇති වෙලා තියෙන්නේ ?
ලකයි සිකයි ආරම්භය කළ කාලයට වඩා දැන් මේ වෙද්දී ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා.

ඇඩ්වටයිසින්වලට සම්බන්ධ කෙනෙක් විදිහට ලක්මාල්ට මොකද හිතෙන්නේ ‍යූ ටියුබ් ගැන?
මේ වෙනකොට ඇඩ්වටයිසින්වල හොඳම ප්ලැට්ෆෝම් එක වෙලා තියෙන්නේ යූ ටියුබ්. රේඩියෝ, ටීවී නාළිකා පවා ඒ අයගේ ප්‍රවර්ධන කටයුතුත් සෝෂල් මීඩියා හරහා කරන තැනට අද පත් වෙලා තියෙනවා. ඉතින් සෝෂල් මීඩියාවල යූ ටියුබ් කියන එක ගත්තහම ඇඩ්වටයිසින්වලට ඉතාම හොඳ ප්ලැට්ෆෝම් එකක්.

ඔබ ඇඩ්වටයිසින්වලට පිවිසෙන්නේ කොයි කාලයේ ද?
2012-2013 කාලයේ දී තමයි ඇඩ්වටයිසින්වලට එන්නේ. මම යූ ටියුබ් නාළිකාව ආරම්භයට කලින් පටන් ඇඩ්වටයිසින් තමයි කළේ.

යූ ටියුබ් නාළිකාව කරද්දී ආපු දරුණුම විවේචනය මොකක්ද ?
ඒක ඉතින් හැමෝම දන්න කතාවක්. කලින් හිටපු සිකාව මාරු කරපු වෙලාවේ ආව විවේචනය. ඒකට අවුරුදු දෙකක් විතර වෙනවා. ඒක හැමෝම දන්න පරණ කතාවක්.

ලකා හඬ කැවීම් ශිල්පියෙක් හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ඒ සම්බන්ධ මතකය අවදි කළොත් ?
කාටුන් සඳහා හඬකැවීම් කටයුතු කරලා තියෙනවා. හඬ කැවීම් පැත්තෙන් හොඳම මතකය තියෙන චරිතය තමයි ටීවී දෙරණ නාළිකාවේ විකාශය වූ මුතු අහුර ටෙලිනාට්‍යයේ “කේමාල්ගේ”‍ චරිතය. රංගනයෙන් දායක ප්‍රථම ටෙලිනාට්‍ය අත්දැකීම වුණේ ගිනි අවි සහ ගිනිකෙළි නාට්‍යයයි. ඒ නාට්‍යයේ චරිත දෙකක් නිරූපණය කළා. මුලින්ම කරපු චරිතය සීන් දෙකකින් මැරුණා. ඉන් පස්සේ කොණ්ඩේ තට්ටේ ගාලා වෙනමම කෙනෙක් විදිහට තව චරිතයක් කළා. දෙරණ නාළිකාවේ දේදුන්නයි ආදරේ, ස්වාධීන රූපවාහිනී නාලිකාවේ රන් දම් වැල් හා ස්වර්ණවාහිනී නාලිකාවේ මුතු වැස්ස නාට්‍යයේ හිටියා. ටෙලිනාට්‍යවල ගොඩක් රගපෑම් කටයුතුවල යෙදුණේ නැහැ. අදටත් ආරාධනා ලැබෙනවා. නමුත් අපේ යූ ටියුබ් චැනලයේ වැඩ දිගටම යන නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ.

ලක්මාල් හිතුවද ලංකාවේ හිට් එකක් වේවි කියලා…
උත්සාහයක් තිබුණ නමුත් හිට් එකක් වෙයි කියලා හිතුවේ නැහැ. යම් කිසි බලාපො-රොත්තුවක් හිතේ තියාගෙන තමයි වැඩකටයුතු ආරම්භ කළේ.

ලංකාවේ මිනිස්සු සමහර අය යූ ටියුබ් එකෙන් මාසෙට ලක්ෂ ගානක් හොයනවා කියන්නේ ඇත්තක් ද?
ලක්ෂ ගණන් තමයි කොහොමත් හම්බ වෙන්නේ හම්බ වෙන වෙලාවල්වලදී. නමුත් එය චැනලයක් ආරම්භ කළ සැණින්ම වෙන දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් කාලයක් ගිහින් චැනලයට විඩීයෝ ටිකක් වැටිලා වීව්ස් යන්න පටන් ගත්තහම තමයි මුදල් ගලාගෙන එන්න පටන් ගන්නේ. ඒත් කියන තරම් ලක්ෂ ගානක් නෙවෙයි. නමුත් ඒ වගේ දෙතුන් ගුණයක් වියදම් වෙනවා විඩියෝ කරන්න. සමහර වෙලාවට දෙතුන් ගුණයටත් වඩා වියදම් වැඩි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට ලක්ෂ තුනක් හම්බුණා කියලා හිතමු. ඒ ලක්ෂ තුන උපයන්න නම් අඩුම විඩීයෝ දෙක තුනක්වත් දාන්න ඕනීනේ. අපි දැන් කරන මට්ටමින් කරන්න සාමාන්‍යයෙන් මේ වෙද්දී එක් වීඩියෝවක් සඳහා ලක්ෂ 16 ඉක්මවලා වියදම් වූ විඩීයෝ තියෙනවා.

සාර්ථක ‍යූ ටියුබර් කෙනෙක් වෙන්නේ කොහොමද ?
මගේ නම් උපදෙස යූ ටියුබ් කියන එක ෆුල් ටයිම් කරන්න පටන් ගන්න ඕනී එක තැනකදී. ඒක ෆුල් ටයිම් කරන්න පුළුවන් අවස්ථාවක් එනවා. එතකන් වෙනත් දෙයක් කරන අතර තමයි යූ ටියුබ් කියන එක කරන්න ඕනි. යූ ටියුබ් කියන්නේ එකපාරටම මුදල් උපයන්න පුළුවන් තැනක් නෙවෙයි. මුදල් උපයන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. යූ ටියුබ් එකෙන් එන ගූගල් ඇඩ් එක ආදායමක්. අනෙක් අතින් ඇඩ්වටයිසින් කරන්න පුළුවන්. මේ හැමදේම ආදායමක් කරගන්න පුළුවන්. නමුත් ඒ තැනට එන්න නම් යූ ටියුබ් චැනලය යම්කිසි මට්ටමකට ගේන්න ඕනී. කෙනෙක් විශ්වාසයෙන් ඇඩ් එකක් බාර දෙන තැනට ගේන්න ලොකු කැපකිරීමක් කළ යුතුයි.

ඉදිරි වැඩකටයුතු ?
හොඳ නිර්මාණයන් කරන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඉදිරියේදී නොයෙක් විදිහේ වෙනස්කම් සිදුවේවි.Digi Blast කියලා මියුසිකල් ප්‍රෝගෑම් එකක් පටන් ගත්තා. ඒකත් සාර්ථක වුණා. එය දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ට්‍රැවල් තියාදුව කියලා අපි ගොඩක් කලින් පටන් ගත්තු වැඩසටහනක් තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය නතර කරලා තිබුණේ. ඉදිරියේදී ඒකත් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මගේ ඉලක්කය වෙන්නේ ඉදිරියේදී චිත්‍රපටයක් කරන එක තමයි.

ලකයි සිකයිට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය ?
අපි හැකිතාක් උපරිමයෙන් හොඳ මට්ටමේ නිර්මාණ රසිකයන්ට දෙන්න උත්සාහ කරනවා. ඒ නිර්මාණයන් තුළ යම්කිසි පණිවිඩයක්, සමාජයේ යම්කිසි දෙයක් විග්‍රහ කිරීමක් වගේ බොහෝ දේ අපේ විඩියෝවල ඇතුළත් කරන්න උත්සාහ කරනවා. අපේ නිර්මාණයන් දිගටම රසවිඳින්න අපිත් සමග දිගටම රැඳී සිටින්න කියලා ප්‍රේක්ෂක සැමගෙන් ඉල්ලා සිටිනවා.

ලකාගේ සුහද කතාබහෙන් අනතුරුව මව්රට හාට් අප සිකා සමග සුහද කතාබහක් මෙසේ ආරම්භ කළා…

කවුද මේ සිකා කියන්නේ…
මම නමින් ශාන් අරෝෂ.

සිකා වෙන එක අභියෝගක් වුණාද?
මගේ ජීවිතයට ලැබුණු ලොකුම අභියෝගය කිව්වොත් නිවැරැදියි. ගොඩක් දුරට ඒ ලැබුණු අභියෝගය ජය ගන්න පුළුවන් වුණා කියලා හිතනවා.

සිකා වීමට ප්‍රථම ඔබට රංගනය පිළිබඳ අත්දැකීම් තිබුණා ද?
ලකා අයියා ඩිරෙක්ට් කරන මියුසික් වීඩියෝ හා රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ලකා අයියා මුලින්ම ඩිරෙක්ට් කරපු මියුසික් විඩියෝවේ අහම්බයෙන් වගේ මට රංගනයට අවස්ථාව හිමි වුණා සහ මට එක් රූපවාහිනී වෙළෙඳ දැන්වීමක රංගනයෙන් දායක වෙන්න හම්බ වුණා. ඒ කාලයේ එක දෙබසක්වත් කියලා රංගනයේ යෙදිලා තිබුණේ නැහැ. රංගනය පිළිබඳ කිසිම හැදෑරීමක් කරලා නැහැ. සිකා වුණාට පස්සේ තමයි ර`ඟපාන්න ලැබුණේ.

සිකාගේ තැනට අලු‍ත් සිකෙක් එද්දී මිනිසුන්ගෙන් චිවේචන එල්ල වුණා නේද?
ගොඩක් විවේචනය එල්ල වුණා. ලකා අයියා මගේ රංගන කටයුතුවලට මඟ පෙන්වීම් කළා. ඉතින් ආපු විවේචන නොතකා අපේ වැඩකටයුතු පාඩුවේ කරගෙන ගිය නිසා තමයි අපි අද මේ තැන ඉන්නේ.

අලු‍ත් සිකා ලකාගේ සහෝදරයෙක්?
ලකාගේ අම්මායි අපේ අම්මායි කියන්නේ අක්කයි නංගියි. ඒ විදිහට තමයි ඉතින් ලකා මගේ සහෝදරයා වෙන්නේ.

සිකාට දැන් රසිකයින්ගෙන් ලැබෙන ආදරය මොන වගේද?
ඔවුන්ගෙන් ලැබෙන ආදරය බොහොම ඉහළයි. මට දැනෙන්නේ රසිකයින්ගෙන් මටත් දැන් ආදරයක් තියෙයි කියලා.

සිකාට ලකාගෙන් ළඟදී තෑග්ගක් ලැබුණා. මොකද හිතෙන්නේ ඒ ගැන?
ඒ ගැන මට වචනවලට පෙරළිය නොහැකි තරම් ලොකු සතුටක් හිතේ තියෙන්නේ.

ඉදිරි අනාගත බලාපොරොත්තු ?
ලකයි සිකයි චැනලය පැත්තෙන් ගත්තහම හැම තප්පරයම උපරිම සාධාරණයක් ඉටු කරන්න තමයි වගකීම හා බලාපොරොත්තුව වෙන්නේ. සාමාන්‍ය ජීවිතය ගත්තම මට ලොකු බලාපොරොත්තු නැහැ. කාටවත් කරදරයක් නැතිව සතුටින් සිනහවෙන් ජීවිතය ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සිකාට ආදරය කරන රසිකයින්ට මොනවාද කියන්න තියෙන්නේ?
මට ආදරේ කරන රසිකයින්ට මම ඊට වැඩියෙන් ආදරේ කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.

-ටෙනායා ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා අස්වෙන්න ඕනේ නෑ! තවම අපිට ජනතාවගේ සහය තියෙනවා! මේවා සුළු විරෝධතා! ඡන්දයක් ආවම අපේ බලය බලාගන්න පුළුවන්!

Next Post

ලොකුගේ ගේ නිවස ඉදිරිපිට ඇවිලෙයි! (Video)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.