විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ මැති ඇමැතිවරුන්ගේ සභාගීත්වයෙන් මීට සුළු මොහොතකර පෙර විරෝධතා පා ගමනක් ආරම්භ කළේය.
විපක්ෂ නායක කාර්යාලයෙන් ආරම්භ වූ මෙම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේක, පාඨලි රණවක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටිති.
මෙම විරෝධතා පා ගමන නිදහස් මාවත දෙනට ගමන් කරමින් සිටියි.
මේ වනවිට එම විරෝධතාවට මන්ත්‍රීවරුන් 45ක පමණ ප්‍රමාණයක් එකතු වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ද විරෝධතාවට එක්ව සිටින බව වාර්තා වේ..










