• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ නයනා, කුසුමා, අනූෂා? ඔබ එන්න.. ඔබ ඇවිත් යන්න එන්න!

March 29, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
කෝ නයනා, කුසුමා, අනූෂා? ඔබ එන්න.. ඔබ ඇවිත් යන්න එන්න!
Share on WhatsAppShare on Facebook

මුහුණු පොත වැනි සොඳුරු විද්‍යුත් මාධ්‍යයකට ආණ්ඩුවක් පෙරළා දමන්නට පුළුවන්දැයි ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන උත්තරය කුමක් විය හැකිද? සමහර විට ඔබ උත්තරයක් දීගත නොහැකිව යම් විපරිතභාවයකට පත්වනු ඇත. හැබැයි, ප්‍රශ්නයට හරියටම හරියන්නේ ‘ඔව්’ කියන උත්තරයය. එහෙම කියන්නේ 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද හැටනව ලක්ෂයක් ලබාදීමට ජනතාවට තල්ලුව දුන් බොහෝ කරුණු අතර මුහුණු පොත ප්‍රධානව තිබුණු නිසාය. ටිකක් හෝ අමතක නම් මතකය අලුත්කර දෙනවා නම් 2019 අගභාගයේදී මුහුණු පොත පිරී තිබුණු පෝස්ට් තොගය සිහියට ගත හැකිය. එකී පෝස්ට් පුරාම වූයේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ දුක්ඛිත අත්දැකීම් පිළිබිඹු කරන කටුක සේයාරූය. තවත් පැත්තකින් වූයේ හෝද හෝදා මඩේ දමන යුද්ධයේ ජයග්‍රාහී මතකයන්ය. බොහෝ මිනිසුන් එම පෝස්ටු සහ එයට පාමුලෙන් වූ කමෙන්ටුවලට සංවේදී වූහ. ඒ සංවේදී බව ගෝඨාභයගේ නම ඉදිරියේ කතිරය ගසන්නට තරම් හැටනව ලක්ෂයක සිත් සොරාගෙන තිබිණි. ඒ පරණ කතාවකි. පරණ කතාව සමග ඈඳී තිබෙන අලුත් කතාව වන්නේ ජයග්‍රහණයට මුලපිරූ මුහුණු පොතම ගෝඨාභයට දැන් දැන් පල නොකියා පලා බෙදන කලාව අනුගමනය කිරීමය. මේ තරම් ඉක්මනට එහෙම වීම පුදුමයකි. ඒක ඇත්තය. අවුරුදු තුනක්වත් ගෙවීයන්නට මත්තෙන් ‘රෙස්පෙක්ට් සර්’ කී ජනතාවම ‘ගෝඨා ගෝ හෝම්’ කියන්නට පෙලඹී ඇත්තේ හිතුවාට වඩා ඉක්මනටය.

ඔය හැම දේම අතර අලුතෙන්ම පළවන්නට වූ පෝස්ට් අතර එක් අංගයක් වූයේ පොහොට්ටුව සමග පෙළගැසුණු කලාකරුවන්ගේ පෝස්ට්ය. ඒවා හරි අපූරු විය. උපහාසය මෙන්ම අපහාසද එහි නොඅඩුව තිබිණි. නිදසුනක් ලෙස දක්වනවා නම්,
‘රටට හිතැතිව පොහොට්ටුව දිනවූ මේ කලාකරුවන් අනේ අද ජීවත්ව සිටියා නම් සාමාන්‍ය මහජනතාව ද පෙරටු කොට ගෙන පාරට බහින්නට දෙපාරක් හිතන්නේ නැත…’
‘පොහොට්ටුවට උදේ හවා කඩේ ගිය මේ තරු රෑන අද කොහිද?’ රහසිගතව මරාදැමුවාදැයි සැකයක් මතුව ඇත…’
‘රෙදි ගැලවී ගියාට ලැජ්ජා වෙන්න එපා. අසරණ ජනතාව වෙනුවෙන් පාරට බහින්න එන්න…’

මහින්ද රාජපක්ෂ සමග එක්ව අත්වැල් බැඳගෙන ගෝඨාභයට ඡන්ද අරන් දෙන්නට වෙහෙස වූ නළු නිළි පිරිසගේ සේයාරූ එකතුවට යටින් සටහන්ව තිබුණේ එවැනි වචනය.
ඒවාට ලැබී තිබූ කමෙන්ට්ස් ගැන පොදු මාධ්‍යයක සටහන් කිරීම නොමනා බැවින් එය පසෙක දමන්නෙමු. ඇත්තටම ඕෂධී හේවාමද්දුම ඇතුළු නළු නිළියන් අද කෝ? ඔවුන්ට කුමක් සිදුවී ඇතිද? ඕෂධී පමණක් නොව, ඕෂධී සමග ගීතා කුමාරසිංහද මේ නළු නිළි කැලට ගෝඨාභය සමග පෙළගැසෙන්නට කියා දුන් තල්ලුව සුළුපටු නැත. ඒ තල්ලුව හරහා පෝලිමට පැමිණි පිරිසද බොහෝය. ඔවුන්ගේම වචනවලින් කියනවා නම් ඒ අය ආවේ ජනතාව නිසාය. රට වැටෙන්නට යන අගාධය නිසාය. එළහරකයි, මීහරකයි තාලෙට මෛත්‍රී සහ රනිල් ගෙන යන නොපෑහෙන දීගය දෙකඩ කරන්නටය.

‘බලා හිටියා හොඳටම ඇති. දැන්වත් රාජපක්ෂ පරපුරට රට භාරදෙන්න එකට පෙළගැසෙමු…’
සුරූපී නිළි තාරකාවක ඕෂධී හේවාමද්දුම කිව්වේ එහෙමය. නමුත් අද ඕෂධී පත්තරයකට ඉන්ටර්විව් එකකට එන්නටවත් බියය. ඒ, අනවශ්‍ය ප්‍රශ්නවලට උත්තර දීගත නොහැකිව දිව පැටලෙතැයි කියන විචිකිච්චාවටය. මේ ලියන කතිකාව සඳහා වුවද ඕෂධීගෙන් පුංචි වචන දෙකක්වත් සටහන් කරගන්නට බැරි විය. ඇගේ දුරකතනය හැම මොහොතකම වාගේ ‘ප්‍රතිචාරයක් නොමැත, පසුව අමතන්න…’ කියා එකම උත්තරය දුන්නේය. ‘තරු’ යන ලේබලය සමග නළු නිළියන් යැයි සිතන්නට හැකි වැදගැම්මක් ඇති බොහෝ කලාකරුවන්ගේ සෙලියුලර් ෆෝන් මේ දවස්වල වැඩ නැත. උත්තර දෙන කට්ටිය කතා කරන්නේද උගුරට හොරා බෙහෙත් කනවා වාගේය.

දේශපාලනය ගැන අහන්න එපා. මේ දවස්වල කොහොමටවත් ඕවාට මම උත්තර දෙන්නෙ නැහැ. උත්තර දෙන්න මම බැඳිලත් නැහැ. ඔයාට කතාවකට එන්න ඕනා නම් නයනා කුමාරි කියන නිළිය ගැන හරි, රූපලාවණ්‍ය ශිල්පිනිය ගැන හරි ප්‍රශ්න ටිකක් හදාගන්න. ඒවට මම උත්තර බඳින්නම්…’
ඒ, ටෙලි නාට්‍ය නිළි නයනා කුමාරිගේ උත්තරය විය. එතෙකින් ඈ සම්බන්ධතාව බිඳදැමුවාය.

එතකොට නයනා, ඇයට සුපුරුදු සොඳුරු සිනාව උපයෝගී කරගනිමින් ගෝඨාට පක්ෂ කලාකරුවන් සමග පෙළගැසුණේ කොයි ආකාරයේ බැඳීමකටද?
ආරංචියේ හැටියට නම් සඳහන් වන්නේ නයනා කුමාරි තම සැලෝන් එකට එන පිරිස පවා පොහොට්ටුව දෙසට හැරවීමේ කැම්පේන් එකක එදවස නිරතව සිට ඇති බවය.
‘වැඩක් ඇති කෙනෙකුට රටක් භාරදෙමු. පක්ෂ භේදයක් නැතිව රට වෙනුවෙන් පොහොට්ටුවට කතිරය ගහන්න…’

‘පෙරළියක පෙරමුණට’ ගෲප් එක එදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී නයනා එසේ කීවාය. වැඩේ කියන්නේ දැන් ඇය රටේ පවතින ශෝචනීය තත්ත්වය වෙනුවෙන් සුහදව වචන දෙක තුනක් කතාකිරීමට බැඳී නැත.

‘පළිඟු මැණිකේ’ සමග පැමිණි ‘පට් පට් ගා සම්තින්’ හෙවූ සූරසේනට ඇඳපු ප්‍රවීණ ජනප්‍රිය නළු ශ්‍රියන්ත මෙන්ඩිස්ද උත්තර දුන්නේ ලිස්සන තාලයටය.
‘මොකක්ද ශ්‍රියන්ත මහත්තයා මේ වෙන්නේ… පොහොට්ටුව සමග ‘පෙරළියක පෙරමුණෙහි’ ඔබ ඉදිරි පෙළ අසුනක හිටපු කෙනෙක්. මොකක්ද දැන් ජනතාවට දෙන උත්තරය…?’ කියන ප්‍රශ්නය හමුවේ ඔහු අනුගමනය කළේ සූරසේන සේම සූර තියරියකි.

‘මම ඇවිදින් දේශපාලන ප්‍රවාහකයෙක් නෙවෙයි. මම කලාකරුවෙක්. කලාව ගැන ඕනෑම දෙයක් අහන්න. දේශපාලනය ගැන කතාකරන එක මේ දවස්වල නතර කරලා තියෙන්නේ…’
‘ඒ කියන්නේ ඔබතුමා පොහොට්ටුව වටේ පෙළගැහුණු එක ගැන අද කලකිරිලද ඉන්නේ…?’

‘ඔයා රෙකෝඩින් දාලා වෙන්නැති ඔය කතා කරන්නේ. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. දෙවැනියට අහපු ප්‍රශ්නයට උත්තරය එහෙම දෙයක් නැහැ කියන එකයි. මම ආයෙම කියනවා මම දේශපාලකයෙක් නෙවෙයි. කලාව ගැන ඕනෑම කතාවකට එන්න වෙලාව දෙන්නම්. හැබැයි දේශපාලන ගැන කතා බැහැ. එහෙනම් ආයුබෝං කිව්වා. මං තියන්නම්…’

මොනව වුණත් ශ්‍රියන්ත එහෙම හෝ කතා කළේය. කතා නොකරපු අය අතරදී ශ්‍රියන්තට සහ නයනා කුමාරිට ස්තුති කරන්නෙමු.

තරුණය කියන නළුවන් අතර පොහොට්ටුවට පෙළගැසුණු විශ්ව කොඩිකාර මාධ්‍ය සමග බොහෝ සුහද නිහතමානී කලා ශිල්පියෙකි. කෙසේ හෝ ඔහුද ‘මව්රටෙහි’ පණිවුඩය දැක කතා කළේය.

‘කෙටි දේශපාලන කතිකාවකටයි විශ්ව කතා කළේ…?’
‘අයියෝ දන්නව නම් ගන්නෙත් නැහැ. දේශපාලන කතාවලට නම් එන්නෙ නැහැ…’ විශ්ව සුහද සිනාවක් සමග සරදමක් කළේය.

‘විශ්ව ඔයාලා ‘පෙරළියක පෙරමුණට’ පොහොට්ටුව වෙනුවෙන් වැඩ කළා. එදා එහෙම පෙළගැහුණු ඔයාලා අද ඇයි ජනතාව දුකට පත්වුණු වෙලාවේ ඔහොම කතා කරන්නේ?’
‘වෙච්ච අත්වැරැද්ද ගැන කනගාටු වෙනවා. ආයෙ නම් දේශපාලන පක්ෂයකට ජීවිතේ තියෙන තුරු සපෝට් කරන්නෙ නැහැ. ඇත්තටම ලොකු කලකිරීමක ඉන්නේ. අනේ වෙන මොනවත් ඔය ගැන අහන්න එපා. මම තියන්නම්…’
‘හොඳයි’ කියා කියන්නත් කලින් විශ්ව කොඩිකාර සම්බන්ධතාව විසන්ධි කළේය.

සිතන්නට බොහෝ දේ විය. ප්‍රසිද්ධියේ පොහොට්ටුව පසුපස ගිය ඔවුනට විවෘතව මීට වැඩිය කතා කරන්නට යමක් නැතුවද? ජනතාව වෙනුවෙන් පෙළගැසෙන්නට ඔවුනට ඕනෑ තරම් ඉඩකඩ ඇත.
‘ගෝඨා ගෝ හෝම්…’ කියන තියරියට නොව, ‘මෙහෙම වුණේ ඇයි? විසඳුමක් නැද්ද?’ කියා අසන මාධ්‍ය හමුවක් තියන්නට ඔවුනට බැරිකමක් නැත. පොහොට්ටුවට ඔවුන් කැම්පේන් කළේ ජනතාව හෝ රට වෙනුවෙන් යැයි එදා නළු නිළියන් කීවා නම් අද ඒ ජාති ආලය හෝ පරහට දයාව කොහිද?

දෙරණ සහ අයි.ටී.එන්. හරහා එකිනෙකා පොරකමින් කතා කළ මාධ්‍ය හමු තිබ්බ ඔවුනට ජනාධිපතිවරයා හමුවීමට ඉඩක් ලබාගැනීම කෙසේවත් අපහසු නැත.

‘හදිසියට කලබලයට මේ ගැන කතා කරන්න බැහැ. අපි පොහොට්ටුව එක්ක එකතු වුණේ යහපත් චේතනාවෙන්. කලාකරුවන්ට විතරක් නෙවෙයි කුලී වැඩ කරන කම්කරුවා ගැන පවා කතාකරන්න අවස්ථාව හදාගන්නයි පොහොට්ටුවට සමීප වුණේ…’
අනූෂා දමයන්ති කතාවට ආවේ එහෙමය. හැබැයි මොකක්දෝ අහේතුවකට හැමදේම උඩු යටිකුරු වුණා.

‘කොතැනද අනූෂා වැරැද්ද සිද්ධ වුණේ…?’
‘හැම දෙයක්ම කතා කරන්න මාධ්‍ය හමුවක් කැඳවන්න මේ දවස්වල අපි හැමෝම සුදානම් වෙනවා. අපි කිව්වේ ගෝඨාභය ජනාධිපතිතුමාට සහාය දක්වපු පිරිස එතැනදී කළ යුතු කතා මම විතරක් මෙතැනදී කියන්න ගියොත් ඒක අවුලක් වෙන්න පුළුවන්. ඒ නිසා එදාට අපි හැමෝම මහජනතාව වෙනුවෙන් කතාකරන්න බලාපොරොත්තු වෙනවා…’
කෙළින් ඒ විදියට කතා කළේ අනූෂා දමයන්ති විතරමය.

අවංකවම කලා කැල පොහොට්ටුව සමග එකතු වුණේ රටට යමක් කරන න්‍යායෙන් නම් එදාට වඩා අද ඔවුන් පොහොට්ටුව හරහා නියෝජනය වූ නායකයා සමග රට සහ රටවැසියා ගැන කතා කළ යුතුය. සුපිරි සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය පොහොට්ටුවට ආවඩන මාධ්‍ය කතිකාවකට පැමිණ කීවේ, ‘කලාකරුවා කියන්නේ ඉතාම සංවේදී චරිතයක්. රටට යහපතක් වෙන මොහොතක රටවැසියාට යහපතක් වෙන්නට යන මොහොතක ඔවුන් නැඟීසිටින්නේ ඒ නිසයි. පොහොට්ටුව සමගද අපි එක්ව සිටින්නේ එම හැඟීම තුළ මිසක වෙනත් පටු පරමාර්ථ හරහා නොවේ. ඒ හින්දා පොහොට්ටුව ජයග්‍රහණය කොට කලාකරුවන් කරන මේ මෙහෙවරට උදව් දෙන්න කියලා අයැදිනවා…’
ඒ තරමට සංවේදී වූ රවීන්ද්‍ර රන්දෙණිය නම් ප්‍රවීණ කලාකරුවා අද පෙනෙන්නටවත් නැත.

‘මෙම කලාකරුවන් ආගිය අතක් නැත. ජීවත්ව සිටීදැයි, එසේත් නැත්නම් මියගොස් ඇද්දැයි යන්න සැකයක් මතුව ඇත…’ යනුවෙන් මුහුණු පොතේ පළවූ පෝස්ටුවක රවීන්ද්‍ර රන්දෙණියගේ සේයාරුව පළමු පෙළට පළව තිබිණි.

වරප්‍රසාද කිසිත් ගැන යටි අරමුණු නැතිවම ඔවුන් ගෝඨාභය වෙනුවෙන් පපුව දුන්නාමය කියමු. එය එසේ වී නම්, කළේ රට සහ රටවැසියා වෙනුවෙන් නම්, ආණ්ඩුවට කඩේ නොයන මාධ්‍යයක් හරහා හමුවක් පවත්වා යමක් පහදන්නටවත් ඔවුනට යුතුකමක් නැතුවාද?

මාධ්‍ය හමුවකට පැමිණීම සිතට චකිතයක් නම් රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ ශ්‍රියන්ත, ජැක්සන් ඇන්තනී ඇතුළු අනෙකුත් පිරිසට ‘පෙරළියක පෙරමුණට’ පුද්ගලිකව ගෝඨාභය ජනාධිපතිතුමා ඇතුළු රාජපක්ෂවරුන් හමුවී කතාබහකට මඟ පාදාගන්නට පුළුවන්කමක් නැතැයි සිතන්නට අපහසුය.

නළු නිළි කැල පමණක් නොව භාතිය සන්තුෂ්, ඉරාජ් වැනි පෙරළිකාර ගායකයන්ද අද නිහඬය. විශාරද වික්ටර් රත්නායකගේ හදිසි විවාහය ගැන තමාට අයිති නැති පහත් පෙළේ නිර්මාණයක් කළ ඉරාජ් වීරරත්නට මහජනතාව විඳින මේ කටුක දිවි රටාව ගැන ගෝඨාභයට දැනෙන්න ගීතයක් කරන්නට බැරිකමක් නැත.

කලාකරුවන් ඇත්තටම මෙසේ නිහඬ වීම ප්‍රශ්නයකි. එහෙම නැතිනම් ප්‍රහේළිකාවකි.
එය රාජපක්ෂවරුන්ගේ වාසනාවක්ද?
සියලු කතාබහ මැද පොහොට්ටුවට කඩේ නොගියද රොජර් සෙනෙවිරත්නට කතා කරන්නට සිතුණේ මැද මාවතක යන උත්තරයක් ගැනීමටය. මන්ද යත්, රොජර් කදිම වාමාංශිකයෙකි. ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට ගැති නැති ඔහුව කලාකරුවකු ලෙස මෙයට ඈඳා ගන්නට හිතුණේ ඒකය.

‘මෙතැනදී කලාකරුවන්ට යමක් කරන්නැයි දොස් කියන්න බැහැ. මොකද බොහෝ තැන්වල අවසානයට වෙන්නේ කාලකාරයා අසරණ වෙන එකයි. අනික කලාකරුවො කතා කළා කියලා සියල්ල විසඳෙයිද?’
‘විකල්පය කුමක් විය හැකිද?’
‘අලුත් අදහස් තියෙන වාමාංශක මනසක් ඇති තරුණ චරිතයක් මේ රටේ නායකත්වයට පත්විය යුතුයි…’
‘හොයන්නේ කොහොමද ඒ නායකත්වය?’
‘හොයන්නේ මොකටද? ඕනෑ තරම් ඉන්නවා. ඒ අයට එන්න පාර හදන්නයි ඕනෑ.’
‘ඔබ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන නෙවෙයිනේ?’
‘තුනෙන් දෙකක බලයක් නැති එයාලා මෙතැනදි මොනවා කරන්නද?’
ඉහත කී තරුණ කායකත්වය ඉදිරියට ආවොත් හොරු ටික කූඩු කරන්න, පාතාලය මර්දනය කරන්න, කෘෂිකර්මය නගාසිටුවන්න, අධ්‍යාපනය හොඳ මාවතකට ගෙන එන්නට ඔහුගේ වාමාංශික දැක්මට හැකිවේවි.’
‘එදාට ඔබ ඒ නායකත්වයට සහාය දෙනවද?’
‘වචන දෙක්ක නැහැ. ඒක අනිවාර්යයි.

-දමයන්ති රේණුුුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තවත් ගැසට් එකක්! වෛද්‍ය උපකරණ මිලත් වැඩිවෙයි!

Next Post

සසමුළුවට සහභාගි වෙන්න ලංකාවට ආවම මෙන්න බොලේ අපේ උන් ණය ඉල්ලලා! ආඩම්බරයක්ද ලැජ්ජාවක්ද?

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.