තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් (S. Jaishankar) මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
අද කොළඹදී ඇරඹෙන පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණ සිටියි.
ජෙයිශංකර් මහතාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිතුමා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබා දීම පිළිබඳ ස්තූතිය පළ කළේය.
මේ වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධාන කර ඇත.










