වත්මන් රජය සමග ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකුද එකගතාව පළ කොට තිබී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරා පැවැති සාකච්ජාවන් සදහා මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාද වරින් වර සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම ජාතික ආණ්ඩු මෙහෙයුම කඩාකප්පල් වීමත් සමග මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා මේ වනවිට සියලු දෙනාම එක්ව මේ අර්බූදයෙන් රට ගොඩ ගත යුතු බව කියමින් සිටින බව වාර්තා වේ.
මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයකු නිතරම පැති මාරුකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නකු බවද පැවසේ.










