මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට අද සවස අකුණු සැර වැදීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතා පැවසීය.
මියගිය කාන්තවකගේ භූමිදාන කටයුතු අවසන් කිරීමට මොහොතකර පෙර ඒ අසල වූ පොල්ගසකට එම අකුණු පාත්වී ඇති අතර ඒ අවස්ථාවේ කැරකොප්පුවේ සිටි සියලු දෙනා තැන තැන ඇද වැටුණු බව සිද්ධිය දුටුවෝ පවසයි.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය