• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොන් ජුවන් සහ අවලස්සන අමෙරිකානුවා! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

March 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
දොන් ජුවන් සහ අවලස්සන අමෙරිකානුවා! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

බැසිල්ගේ පරම හතුරන් වන විමල් සහ උදයගේ ප්‍රකාශයන් දිහා බලද්දී පැහැදිලි වන එක් දෙයක් තිබේ. ඒ, අද බැසිල් ඉන්දියාවේත්, ඇමෙරිකාවේත් විශ්වාසවන්තම හිතෛෂියා බවට පත්ව ඇති බවය.

මීට කලින් මේ විදියට ඉන්දියාවේත්, ඇමෙරිකාවේත් විශ්වාසවන්ත හිතෛෂිවන්තයා බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව රනිල්ය. නමුත් 2015-2019 ආණ්ඩු කාලයේදී මහින්දගේ දේශපාලන ක්‍රියාකලාපය නිසා ඉන්දියාව සහ ඇමෙරිකාව ලංකාව සමග සිදුකිරීමට නියමිතව තිබූ ගනුදෙනු කිසිවක් කරකියා ගන්න ලැබුණේ නැත. එහිදී ඉන්දියාවටත්, ඇමෙරිකාවටත් රනිල්ගේ අසමත්භාවය පැහැදිලිව දැකගන්නට ලැබිණි. රනිල් වැඩකට නැති පුහු චරිතයක් බව ඔවුන්ට වැටහිණි. ඒ අනුව ඉන්දියාවත් ඇමෙරිකාවත් 2019 වන විට රනිල්ගේ චැප්ටර් එක අවසන් කිරීමට පියවර ගත්තේය.

මේ විදියට රනිල්ව හැලූ ඉන්දියාව සහ ඇමෙරිකාව ඒ වෙනුවට තෝරාගත්තේ වෙන කවුරුවත් නොව බැසිල්වය. ඒ අනුව බැසිල් ඉතා දක්ෂ ලෙස ඉන්දියාවත්, ඇමෙරිකාවත් බැලන්ස් කරගෙන ගේම ගහන්න පටන්ගත්තේය. ඒ අතරවාරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කළමනාකරණය කරන වැඩේට බැසිල් අතගැහුවේය.

මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලංකාව ඇතුළේ සිටින ආර්ථික වැඩ්ඩා ලෙස හඳුනාගෙන තිබුණේ රනිල්ය. හැබැයි අද වෙද්දී බැසිල් රනිල්ගේ ඒ තැනත් තමන් සතු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන්නට පටන්ගෙන තිබේ.

මේ විදියට තමන්ගේ තැන බැසිල් විසින් ගැනීම ගැන රනිල් ඉන්නේද ලොකු තරහකින් සහ වෛරයකින්ය.

බැසිල් පහුගිය දිනෙක ඉන්දියාවට ගිහින් අස්සන් කළේ අලුතෙන් හදපු ගිවිසුම් නොවේ. ඒ ගිවිසුම් ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී රනිල් සහ යූ.ඇන්.පී.ය ඉන්දියාව සමග අස්සන් කිරීමට තීන්දු කළ ගිවිසුම්ය. හැබැයි යූ.ඇන්.පී.ය ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත්, රට ඇතුළේත් ඒ වෙනුවෙන් හරිහමන් මතයක් හදාගන්න රනිල්ට නොහැකි විය. ඒ නිසා රනිල් ඉන්දියාවත් එක්ක ගහන්න හිටපු මේ ගිවිසුම්වලට පක්ෂය ඇතුළෙනුත්, ආණ්ඩුව ඇතුළෙනුත්, රට ඇතුළෙනුත් විශාල විරෝධයක් එල්ල විය.

හැබැයි අද බැසිල් ඉන්දියාවත් සමග මේ ගිවිසුම් අස්සන් කොට ඇමෙරිකාවට විතරක් නොව ලෝකයටම පෙන්වූ එක කාරණාවක් තිබේ. ඒ, බැසිල් හෙවත් ඊඍ කියන්නේ ඍඋල න්‍ඍටත් වඩා ලෝකයත් එක්ක කරට කර හිඳිමින් ගනුදෙනු කරන්නට පුළුවන් දක්ෂ මිනිහෙක් කියන එකය.

පහුගිය කාලයේ යුගදනවි ගිවිසුම ඇමෙරිකාවත් එක්ක අස්සන් කරන වැඩේදිත් බැසිල් අතිදක්ෂ ලෙස ඒක කළමනාකරණය කළේය. බැසිල් එහෙම කළේ ඇමෙරිකාව මේ හරහා ලංකාව එක්ක ලොකු ආයෝජනයක් කරන්න සැලසුම් කළ නිසාය. පහුගිය කාලය පුරාම ඇමෙරිකාව රාජපක්ෂවරුන් සමග එතරම් ඇයි හොඳයියක් නොතිබූ නිසා ඇමෙරිකාව රාජපක්ෂවරුන් සමග ගනුදෙනු කිරීම ආරම්භ කිරීම පසුපස ලොකු කතාවක් තිබේ. ආණ්ඩුව ඇතුළෙන් පවා ලොකු විරෝධයක් ආවත් බැසිල් ඒ සියල්ල කළමනාකරණය කරගනිමින් ඇමෙරිකාව එක්ක යුගදනවි ගිවිසුම අස්සන් කළේය.

2019දී ගෝඨා බලයට එද්දී ආණ්ඩුවට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ ඉන්දියාවත්, ඇමෙරිකාවත් තරහ කරගෙන සිටීමය. ඒ නිසා මුලින්ම ඒ රටවල් දෙක බැලන්ස් කරගත යුතු බව බැසිල් වටහාගෙන සිටියේය. මොකද 2015 බලගතු රජයක් ලෙස තිබ්බ රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත්කොට මහින්දව ගෙදර යවන්න විපක්ෂය එක්ක එකතු වෙලා ගේම ගැහුවේ ඉන්දියාවත්, ඇමෙරිකාවත්ය. පරාජයෙන් පසු මහින්ද ඒක ප්‍රසිද්ධියේම කියමින් කියා සිටියේ මගේ පරාජය පසුපස ඉන්දියාව සිටියා යැයි කියාය.

ඒ නිසා රෑ වැටුණු වළේ දවල් වැටිය නොහැකි බැවින් බැසිල් මුලින්ම කළේ විපක්ෂය එක්ක ඇමෙරිකාවටත්, ඉන්දියාවටත් ගනුදෙනු කරන්න බැරි විදියට ඒ රටවල් දෙකම බැලන්ස් කරගැනීමය. බැසිල් මේ පාර ඒ ගහපු ගේමත් එක්ක රනිල්ලාට හැරෙන්නවත් බැරිය.

රනිල් හිතුවේ මේ පාර බැසිල්ලා අයි.එම්.එෆ්. යන වැඩේ අනාගනී කියලාය. නමුත් බැසිල් හීන් නූලෙන් ඒ ගේමත් ගැහුවේ රනිල්ලාට කිසිම දෙයක් හිතාගන්නවත් බැරි වෙන විදියටය. බැසිල් ඒකට අත තිබ්බේ පසුගිය නත්තල් නිවාඩුවට ඇමෙරිකාවට ගිය ගමනේදීය. ඒ ගමනේදී බැසිල් වොෂින්ටනයට ගිහින් අයි.එම්.එෆ්. නිලධාරීන් මුණගැසී ඒ වැඩෙත් දක්ෂ ලෙස කළමනාකරණය කරගන්නට සමත් විය.

රනිල් සර්වපාක්ෂික සමුළුවේදී අයි.එම්.එෆ්. එකේ කෙටුම්පත ඉල්ලා බැසිල්ට බාල්දියක් පෙරළන්න උත්සාහ කළේ ඒ නිසාය.

මේ විදියට අද රනිල් ආණ්ඩුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවූ කෙටුම්පත ඉල්ලා සිටියත්, රනිල්ගේ කාලයේදී රනිල් කටයුතු කළේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. එතැනදී රනිල් අයි.එම්.එෆ්. එකට යන එක අඩුම තරමින් රට තියා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන සිටියේ නැත. ගෝඨාභය කළා වගේ රනිල් ජාතිය අමතා එය කියන්න ගියේවත් නැත.

ඒකෙන් එක දෙයක් පැහැදිලිය. ඒ, රනිල්ලා මෙන් නොව, බැසිලුත් ගෝඨාභයත් විනිවිදභාවයෙන් යුතුව අයි.එම්.එෆ්. එකත් එක්ක ගනුදෙනු කරන්න කටයුතු කරනවා කියන එකය. රනිල්ට කාලා ඉන්න බැරි ඒකය.

අනෙක් අතට බැසිල් ඒ විදියට ඉන්දියාවත්, ඇමෙරිකාවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් බැලන්ස් කරගනීවි යැයි කියා විමල්ලා, උදයලාවත් හීනෙන්වත් හිතුවේ නැත.

ඒ අතින් බලන විට අද ආණ්ඩුව ඇතුළේ එක ප්‍රතිපත්තියක් නොව, ප්‍රතිපත්ති කිහිපයක්ම හැසිරෙමින් තිබෙන ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුවේ වරෙක ඩී.එස්.ගේ ප්‍රතිපත්තියද දැකගන්නට පුළුවන. තවත් වරෙක බණ්ඩාරනායක ප්‍රතිපත්තිය දැකගන්නට පුළුවන. තවත් වරෙක ජේ.ආර්.ගේ ප්‍රතිපත්තියද දැකගන්නට පුළුවන. එකිනෙකට වෙනස් රස ඇති ඒ සියලු ප්‍රතිපත්ති එකවර කළමනාකරණය කරන්නේ වෙන කවුරුවත් නොව බැසිල්ය.

මුලින් කීවා වාගේ බැසිල් මේ කරන්නේ වෙන මොකක්වත් නොව, ඉන්දියාවත්, ඇමෙරිකාවත් විපක්ෂයට හැරෙන්න තියෙන ඉඩකඩ අහුරා ආණ්ඩුව ආරක්ෂා කරගැනීමය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ජනපතිගේ මිරිහානේ ගෙදර තීරණාත්මක සාකච්ජාවක්! උදේ 8ට පටන් ගත්ත එක ඉවර වුණේ හවස 4ට! EXCLUSIVE

Next Post

ඉන්දීය විදේශ ඇමැති හදිසියේම ලංකාවට එයි!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.