හිටපු අමාත්‍යවරුන් වන විමලු වීරවංශ ඇතුලු කණ්ඩායම මැදගොඩ අභයතිස්ස හිමියන් මුණ ගැසී ඉදිරි වැඩපිළිවෙළ උන්වහන්සේට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
වත්මන් දේශපාලන අර්බුදය සහ “මුළු රටම හරිමගට” ජාතික ප්‍රකාශනය පිළිබඳව කරුණු පැහැදිලිකිරීම සහ ඊට අදාලව ජාතික සංවිධාන නායකයන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරෙන විශේෂ හමුවක්ද මහාචාර්ය පූජය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් ගේ මූලාසනාරූඪත්වයෙන් පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේ දී පැවැත්විණි.