සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව හෙට දිනයේ සිට වසා දැමීමට නියමිත වී තිබේ.
පිරිපහදු කිරීම සඳහා බොරතෙල් නොමැතිවීම හේතුවෙන් එලෙස වසා දැමීමට තීරණය වී ඇත.
සමාගම් කිහිපයකටම බොරෙතල් ඇණැවුම ලබාදී තිබුණද එම ඇණැවුම් ලැබෙන දිනයක් මෙතෙක් තහවුරු කර නැත.
කෙසේ නමුත් බොර තෙල් තොග නැවත ලැබුණු පසු පිරිපහදුව යළි ක්‍රියාත්මක වීමට නියමිත බව සංස්ථාව කියා සිටී.










