• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙනඟද මැෂිමද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

March 19, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
සෙනඟද මැෂිමද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

සජිත් ප්‍රේමදාස පහුගිය අඟහරුවාදා කොළඹට සෙනඟ අරන් ආවේය. ඒ විතරක් නොව, සජිත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියටම ඇවිත් උද්ඝෝෂණ කරන්නත් පියවර ගත්තේය.

මේ කොළඹට සෙනඟ අරන් එන සෙල්ලම ලංකාවේ දේශපාලනයට අලුත් දෙයක් නොවේ. මේ වගේ කොළඹට සෙනඟ ගෙන ආ අවස්ථා බොහොමයක් ලංකා ඉතිහාසයේ ඇත. නමුත් එහෙම කොළඹට සෙනඟ ගෙනාවාට ඊළඟ ඡන්දයෙන් ආණ්ඩු බලය අල්ලන්න පුළුවන් කියා සහතිකයක් කවුරුවත් දී නැත. ඉතිහාසයේ එහෙම වෙලාවත් නැත.

මේ කොළඹට සෙනග අරන් එන සෙල්ලම ඒ ඒ පක්ෂවලට දෙන ඉන්ජෙක්ෂන් එකක් වුණාට ඡන්දයක් තිබ්බාම රටේ ජනතාව හැසිරෙන්නේ වෙනස් ආකාරයකටය. ඇත්තම කතාව නම් මෙහෙම දේශපාලන පක්ෂත් එක්ක මිනිස්සු කොළඹට එනවා නොව, කොළඹට අරන් එනවාය. ඒ එන්නෙත් ඒ ඒ පක්ෂවල ඉන්න උණ තියෙන පාක්ෂිකයන්ය. ඔවුන් කොළඹට ගෙන ඒමට බස් යොදවා තිබේ. ඒවාට වියදම් කරන්නේ ඒ පක්ෂය. හැබැයි ඒ එන සෙනඟින් රටේ ජනමතය කිසිසේත්ම මනින්න බැරිය.

හොඳම උදාහරණය පසුගිය ජනාධිපතිවරණයට කලින් සජිත්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම සඳහා ගෝල්ෆේස් පිටියට අරන් ආ මහා සෙනඟ කන්දරාවය. නමුත් ඒ ජනාධිපතිවරණයෙන් සජිතුත් එක්සත් ජාතික පක්ෂයත් අන්ත පරාජයකට පත්විය. පාක්ෂිකයෝ කොළඹට අරන් ආවා කියා රටේ ජනමතය වෙනස් කරන්න බැරි බව මේකෙන් හොඳටම පැහැදිලිය.

එහෙම ජනමතය වෙනස් කරන්න පුළුවන් වන්නේ වෙන මොකකටවත් නොව, ඡන්ද මැෂිමකට විතරය.

ඒ වගේ ජනමතය වෙනස් කරන්න පුළුවන් ඡන්ද මැෂිමක් මුලින්ම තිබ්බේ ප්‍රේමදාසටය. ඒ ඡන්ද මැෂිමේ නියමුවා සිරිසේන කුරේය. රටේ ප්‍රේමදාසට විරුද්ධව ලොකු ජනමතයක් තිබුණත්, 88 ජනාධිපතිවරණයේදී කුරේ, ප්‍රේමදාසව දිනවලා පෙන්නුවේය. ඒ, කුරේගේ ඡන්ද මැෂිමෙන්ය.

ඊළඟට ඒ වගේ ඡන්ද මැෂිමක් තිබ්බේ එස්.බී. දිසානායකටය. ඒ ඡන්ද මැෂිම එස්.බී. දිවෙව්වේ චන්ද්‍රිකාව දිනවන්නටය. ඒ කාලේ විපක්ෂයේ හිටපු එජාපය චන්ද්‍රිකාට විරුද්ධව අවස්ථා කිහිපයකදීම කොළඹට දැවැන්ත සෙනඟ කන්දරාවක් අරගෙන ආවත් එස්.බී. තම ඡන්ද මැෂිම උපයෝගී කරගෙන චන්ද්‍රිකා තිබ්බ සෑම ඡන්දයක්ම චන්ද්‍රිකාට දිනවා දුන්නේය. ඒ වෙලාවේ තිබ්බ සෑම ජනමත විමසුම් ප්‍රතිඵලයකින්ම පවා කියැවුණේ එජාපය දිනනවා යැයි කියාය. හැබැයි එස්.බී.ගේ ඡන්ද මැෂිම ඒ සියලු ජනමත විමසුම් ප්‍රතිඵල කුඩුපට්ටම් කර දැම්මේය. අන්තිමේදී එස්.බී.ම චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එළියට බැස ඒ ඡන්ද මැෂිම දුවවපු ආකාරය ගැන රටටම කියා සිටියේය.

එස්.බී.ගෙන් පසු ආ අලුත්ම ඡන්ද මැෂිම වූයේ බැසිල්ය. බැසිල් තමන්ගේ ඡන්ද මැෂිම යොදවා මහින්ද යටතේ තිබ්බ සෑම පළාත් සභා ඡන්දයක්ම, පළාත් පාලන මැතිවරණයක්ම, මහ මැතිවරණයක්ම ජයග්‍රහණය කර පෙන්නුවේය.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු 2018 දක්වා බැසිල් කළේ මේ ඡන්ද මැෂිම ඉතා සූක්ෂ්ම ආකාරයෙන් අලුත් කෑලි යොදා ප්‍රතිනිර්මාණය කරපු එකය. බැසිල්ගේ මේ ඡන්ද මැෂිම කොච්චර තියුණු එකක්ද කියනවා නම් මැතිවරණයකින් දිනන ආසන ගණන සහ ලබාගන්නා ප්‍රතිශතය පවා ටක්කෙටම කීමට හැකියාව තිබිණි. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු බැසිල්ගේ ඡන්ද මැෂිම කළ පුරෝකථනයන් සහ ප්‍රතිඵල හරියටම සමපාත වී තිබීම විශේෂ සිදුවීමක් විය.

2018 සිට මේ දක්වා ආණ්ඩුව දිව්වේ බැසිල්ගේ මේ ඡන්ද මැෂිමෙන්ය. ඒ ඡන්ද මැෂිමෙන් බැසිල් ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටි ආණ්ඩුවක් පුංචි ඡන්දයේදී පරාජයට පත්කර දැමුවේය. විපක්ෂයේ සිට ජනාධිපතිවරයෙක් බිහිකර පෙන්නුවේය. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කවදාවත් ගන්න බෑ කී තුනෙන් දෙකක ඡන්ද බලයක් අරගෙන පෙන්නුවේය.

ඒ වගේම දැන් තියෙන්නේ ආණ්ඩුව විසින් පත් කළ මැතිවරණ කොමසාරිස්වරයෙක්ය. මැතිවරණ කොමිසමේ සිටින්නේද ආණ්ඩුවේ සාමාජිකයන්ය. ඒ නිසා විපක්ෂය කොළඹට සෙනඟ ගෙනාවා කියා බැසිල්ගේ මේ ඡන්ද මැෂිමත් එක්ක හැප්පෙන එක ලේසි නැත.

‘අපි දැන් පුංචි ඡන්දයට ලෑස්ති වෙන්න ඕනෙ..’

බැසිල් පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ බව දැනුම් දුන් බවක් මාධ්‍ය වාර්තා කොට තිබිණි.

ඒ කියන්නේ තවමත් බැසිල්ට තමන්ගේ ඡන්ද මැෂිම ගැන විශ්වාසයක් තියෙනවා කියන එකය.

‘ඒ කියන්නේ කොළඹට සෙනඟ ගෙනල්ලා ආණ්ඩුවට තරු පෙන්නන්න ගිය කට්ටියට බැසිල් තරු පෙන්නන්නද හදන්නේ?’

පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලින් බැසිල් රටටම පෙන්නන්න යන්නේ ඒකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

විකටයා වීරයා වීම නොහොත් සජිත් සහ සෙලෙන්ස්කි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.