• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විහාරමහාදේවිය ගැන එළාර රජු කරපු හෙළිදරව්ව…

March 21, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
විහාරමහාදේවිය ගැන එළාර රජු කරපු හෙළිදරව්ව…
Share on WhatsAppShare on Facebook

වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන්නෙ අපට හතුරෙක්. ඒ වගේම එළාර කියන්නෙත් අපට හතුරෙක්. එහෙම බැලුවාම මේ දෙදෙනාම අපට හතුරෝ. මොකද අපේ රට බලෙන් අල්ලාගන්න හදපු හතුරෝ. මේ දෙන්නගෙන් ප්‍රභාකරන්ට අණක් ගුණක් ලොකු පොඩි භේදයක් තරාතිරමක් අවශ්‍ය වුණේ නෑ. අවශ්‍ය වුණේ තමන්ගෙ අරමුණට යන්න ක්‍රමයක් විතරයි. ඒ වෙනුවෙන් මරන්න පුළුවන් හැම කෙනාවම මරන්න ප්‍රභාකරන් පෙළඹුණා. ඔහුට යුද නීතියක් තිබුණෙත් නෑ. සදාචාරයක් හැදියාවක් තිබුණෙත් නෑ.

මේ දේවල්වල ඇතැම් කාරණා එළාරටත් තියෙන්න ඇති. හැබැයි එළාරයි ප්‍රභාකරනුයි සමස්තයක් විදියට අපට හතුරො වුණාට එළාරගෙ හොඳ ගතිගුණත් තිබුණු බව වංශකතාවලින් ජනප්‍රවාදවලින් අපට පැහැදිලි වෙනවා. එළාර කියන්නේ තමන්ගෙ මිතුරගෙ වගේම හතුරාගෙත් හොඳ ගතිගුණ දැකපු කෙනෙක්. ඒ වගේම උගතෙක්. බුද්ධිමතෙක්. විශිෂ්ට ග්‍රන්ථ රචකයෙක්. එළාරට මේ කාරණා ගැන හොඳ දැනීමක් හැදෑරීමක් තිබුණා වගේම ඔහු හොඳ දේ හොඳයි කියන්න නිහතමානී වුණා. එනිසා හතුරාද, මිතුරාද කියලා නොබලා එළාර තමන් දකින හොඳ කෙළින්ම කිව්වා. ඒ විතරක් නෙවෙයි, අනාගත පරපුරට දැනගන්න ඒවා ලියලත් තිබ්බා. එහෙම ලියද්දී තමන්ගෙ හතුරො කියලා හිටපු බොහෝ අයගේ හොඳ අතහැරලා ලියන්න එළාරට ඕනෙ තරම් නිදහස තිබුණා. හැබැයි එළාර රජ්ජුරුවො එහෙම කළේ නෑ. ඔහු තමන්ට හිටිය ප්‍රබලම හතුරෝ වෙච්ච කාවන්තිස්ස රජුගේ දුටුගැමුණුගෙ, විහාරමහා දේවියගෙ පවා හොඳ දේ සහ තමන් ඔවුන්ගෙ දුටු අගය වටිනාකම ලිව්වා, කිව්වා. එහෙම බැලුවාම ප්‍රභාකරන්ලා වගේ ම්ලේච්ඡ හතුරො අතරේ වැදගත් හතුරෙක් විදියට එළාරව හැඳින්වූවට පව් නෑ.

මොනවද මේ එළාර රජ්ජුරුවො ලිව්වයි කියන ඔහුගෙ හතුරෝ වෙච්ච කාවන්තිස්සලගෙ, දුටුගැමුණගෙ, විහාරමහා දේවියගේ හොඳ කියලා හොයලා හොයලා බලන්න එළාර ලියපු පොත් මොනවද කියලා හොයලා බලන එකයි වටින්නේ. වංශකතා අනුව ජනප්‍රවාද අනුව එළාර බොහෝ පොත් රචනා කරලා තියෙනවා. ඒ අතරින් මාතෘකාවට අදාළව පොත් කිහිපයක්ම වැදගත් වෙනවා.

‘ශිවමනි පුස්තකය’ සහ ‘ශිව මෝදි’ කියන්නෙ එළාර රජු රචනා කරපු එහෙම පොත් දෙකක්. එළාර රජු මේ පොත් දෙකේ වැඩිපුරම ලියන්නෙ තමන්ගෙ හතුරෝ වෙච්ච කාවන්තිස්ස රජ පවුලෙ තොරතුරු ඒ ඇතැම් කරුණු කිසිදු වියතකුට නොපෙනෙනු නොදැනුණු ආකාරයේ මහා ගැඹුරක් තියෙන කාරණා කියන එකත් මේ පොත්වල තියෙන ඇතැම් කාරණා දිහා බලද්දී තේරුම් යනවා. ඒ නිසා එළාර රජු කියන්නෙ කවුද කියන එක වගේම කාවන්තිස්ස රජු ගැන දුටුගැමුණු රජු ගැන විහාරමහා දේවිය ගැනත් දැනගන්න මේ පොත්වල කරුණු වැදගත් වෙනවා. මොකද මේ හැම කෙනෙක්ම ගැන විශේෂ හෙළිදරව්වක් එළාර රජුගෙ මේ පොත්වල තියෙනවා.

ඊළඟ කාරණය තමයි මොනවද මේ තොරතුරු කියන එක තමන්ගේ මේ පොත්වලින් ශිවමනි පුස්තකය තුළ ඔහු තමන්ගෙ හතුරො වෙච්ච සිංහලයා ගැන හරි අපූරු කතාවක් ලියනවා. ඒ, මේ විදියට.

‘සිංහලයගෙ වර්ග තුනක් ඉන්නවා. ඒ තමයි දවුර්ත, වායිමාන්, නේසයාම්. දවුර්ත සිංහලයන් රාවණ වංශයට අයත් හදවතින් උපන් අයයි. ඔවුන් සිහලේ අභිමානය රකියි. ඒ වගේම අතිශය භයානකයි. වායිමාන් සිංහලයා බලපෑම්වලට යටත් වෙයි. ඒ අනුව ක්‍රියාත්මක වෙයි. නේසයාම් සිංහලයාට ප්‍රතිපත්තියක් නැත. පාවාදෙයි….’

මෙන්න මේ සිංහලයන් තුන් කොටස ගැන කියලා ඊළඟට එළාර රජු කතා කරන්නේ විහාරමහා දේවිය ගැන. එතැනදී ඔහු මෙහෙම කියනවා.

විවිධ අදහස් තිබෙන මේ තුන් කොටස එකතු කරගෙන එක අරමුණකට යෑම එක ගමනක් යෑම පහසු නැත. එහෙත් එවැනි පින් ඇති අය විටින් විට පහළ වෙයි. එසේ පහළවූ කෙනෙකි විහාරමහා දේවිය. එහෙයින් ලංකා යටත් විජිත රාජ්‍යයේ රජු වන මමද විහාරමහා දේවිය අගය කරන්නට පුදන්නට කැමැතිය. එසේම විහාරමහා දේවියට මහාබ්‍රහ්ම දෙවියන්ගෙන් වරම් පහක් ලැබී තිබේ. ඒ, මුගුණාන්ත වරම (එඩිතරභාවය), ග්‍රස්ත වරම (ඍජු ප්‍රතිපත්ති සහිත වීම), සිසිෂ්ලාට වරම (දූරදර්ශී නුවණක හිමිකම), තුලිත්‍ය වරම (ලැජ්ජා බව හඳුනාගැනීම), ගතිමමත්‍ර වරම (ස්වාමියාට දේවත්වයෙන් ගරුකිරීම). එහෙයින් එළාර වන මම විහාරමහා දේවිය හෙළ වීර කාන්තාවක ලෙස ප්‍රකාශ කරමි. එමෙන්ම ඇය ඉතා උසස් පාරමී බලයක් ඇති පින්වත් වීර කාන්තාවකි. ඇය ශිව දෙවියන්ගේ බිරිය වූ පාර්වතී පුදනු ලැබූ ඉන්දකලාට විශ්ෂේන්ද්‍ර නම් වරමින් සන්නද්ධව හිඳින්නීය. එපමණක් නොව ඇගේ ස්වාමියා වන කාවන්තිස්සද ශිව වරමින් සන්නද්ධව හිඳී. එම වරම දුන්නේද පාර්වතීමය. ඒ විහාරමහා දේවිය හා කාවන්තිස්ස සරණ බන්ධනයට ඇතුළත් කිරීමේ අදහසිනි. එසේ ශිව වරමින් සන්නද්ධ විශේෂ දෙදෙනෙක් විවාහ වූ විට උපදින දරුවන්ද ඉතා බලවත් වෙයි. එමෙන්ම එසේ උපදින දරුවන්ටද ඉහත සඳහන් කළ වර්ග තුනේ සිංහලයන් එකට එකතු කරගෙන ගමනක් යෑමේ හැකියාව ඇති බවද එළාර රජු තම පොතේ සටහන් කරන අතරම ඔහු තවත් අපූරු රහසක් හෙළි කරනවා. ඒ තමයි මේ සිංහලයන් තුන් වර්ගය හැදුණු විදිය. ඉන් පළමුවැන්න රාවණ පරපුරට නෑකම් කියන බවත්, දෙවැන්න විජය රජුට නෑකම් කියන බවත්, තුන්වැන්න හඳුනා නොගත් දේශයකින් පැමිණ ඇති බවත්ය. මේ තුන්වර්ගයේ ජානමය සබඳතා මත ඔවුන්ගේ ගතිගුණ දේශයට සලකනු ලබන්නේ ඉහත කියූ ආකාරයන් බවත් එළාර රජු පැහැදිලිව සටහන් කර තිබෙනවා.

එළාර රජු තමන්ගේ විදුෂ පූර්ණිකා පුස්තකයේත් විහාරමහා දේවිය ගැන තවත් සුවිශේෂ රහස් ගණනාවක් හෙළිකරනවා. ඉතා අවධානයෙන් බැලුවොත් එළාර රජුගේ මේ කරුණු හරියට විහාරමහා දේවියට ලැබුණු චරිත සහතිකයක් වගෙයි. එහිදී ඔහු කියනවා,
‘විහාරමහා දේවිය රාජ්‍යයේ වැසියන් අතර අතිශය ජනප්‍රිය කෙනෙක්. එනිසාම ඇයට රට වැසියාගෙන් ගෞරව නාම දහහක් ලැබී ඇත. ඒවා නම්, සවෙරා (දෙවියන් විසින් එවූ රුවැත්තියකි), දිල්සාත්ත්‍රි (ප්‍රඥාවන්තියකි), රත්තිතා (කුමරි බඹසර රකින තැනැත්තිය), දූමිනී (එකම ස්වාමියකු වෙනුවෙන් පතිවෘත්තා ධර්මය රකින්නී), වෙස්සාලි (විවාහ ගිවිසුම් රකින්නී), මෝතුල්‍යා (ස්වාමියාට දේවත්වයෙන් සලකන්නී), මතීෂ මෞරා (ලංකාව නමැති ශ්‍රේෂ්ඨ දේශයේ මාතාව), මුරුතාංගි (විවාහක පිරිමියාට පමණක් දාව දරුවන් බිහිකරන්නී), නියුමාර් වික්‍රි (දේව ධර්මතා සුරකින්නී), සුලක්නී (එඩිතර ගති ඇත්තී), විදූෂ නෙවියා (අංගම්පොර ස්තෝත්‍රයකි) එය විහාරමහා දේවියට ගෞරව උදෙසා ගයයි.’

නා ලොව රජුගේ දියණිය වූ සවේරා දේව කුමරිය මනු ලොවට පැමිණ විහාරමහා දේවිය නමින් ඉපදී ඇති බවත්, ඇය උතුම් ගති ඇති ශ්‍රේෂ්ඨ ස්ත්‍රියක බවත් දුටුගැමුණු කුමරුගේ සෑම ආත්මයකම මවුපියන් වනුයේ කාවන්තිස්ස හා විහාරමහා දේවිය බවත් පැවැසේ.

කෙසේ නමුදු එදා එළාර රජුට සිටි ප්‍රධානම සතුරාගේ බිරිය, එසේම ඊළඟට තමාගේ ප්‍රධාන සතුරා වූ දුටුගැමුණු රජුගේ මව වූ විහාරමහා දේවිය ගැන මේ විදියට තම පොත්පත්වල ලියා තබන්නට තරම් නිහතමානී වීමත් ඔහුගේ මේ සටහන් හෙළ කාන්තාවක් වූ විහාරමහා දේවියට චරිත සහතිකයක් සේ වටිනා බවත් පැහැදිලි වෙයි.

එළාර රජුගේ මේ කාරණාවලට අනුව කාටත් ඉගෙනගත හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ ප්‍රතිවාදියාද සතුරාද කියා විමසා අනෙකාගේ ජීවිත විග්‍රහ කරනවාට වඩා ඒ ඒ අය දෙස අවංකව බැලිය හැකි නම් අනෙකාගේ ගුණ අවංකව ලිවිය හැකි නම් එයයි වැදගත්කම. එයයි වටිනාකම. එනිසා සතුරාද මිතුරාද කියා සිතන්නට පෙර තමා ඉදිරියට එන්නා මිනිසකුද, දෙවියකුද, රාක්ෂයකුද යන්න හඳුනාගෙන ගරුකළ යුතු දෙයට ගරු කිරීමට නිහතමානී වීම එළාරගෙන් ඉගෙන ගැනීමට කාටත් හැකියාව තිබේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

පෙරේතයෙක් ආවොත් මොකද කරන්නේ?

Next Post

හැටන් නැෂනල් බැංකුවෙන් විදෙස් ශ්‍රමිකයන්ට ‘HNB අධිෂ්ඨාන’…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.